News Category
From Date
To Date
Maximum Number of Result

අවශ්‍ය නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

රුසියාව "යුක්රේනයට එරෙහිව යුද්ධ කිරීමේදී සිය අවි පද්ධති සඳහා" භාවිතා කරනවා යැයි පැවසෙන භාණ්ඩ සහ සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියානු ආයතන සහ පුද්ගලයන් 19 දෙනෙකුට සම්බාධක පැනවූ බව එක්සත් ජනපදය නිවේදනය කරයි. ඉන්දියානු සමාගම් මෙන්ම වෙනත් රටවල සමාගම් සිය ගණනක් ද සම්බාධක පැනවීම සඳහා ඉලක්ක කර ඇත. පසුගිය ඔක්තෝබර් 30 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ රුසියාවට ගුවන් යානා සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියාව පදනම් කරගත් Ascend Aviation සහ Mask Trans යන ආයතන වලට සම්බාධක පනවන බවයි. Ascend Aviation ආයතනය "එක්සත් ජනපදයේ නිෂ්පාදිත" සමහර සංරචක විකුණා ඇතැයිද කියනු ලැබේ. සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරුන් ද සම්බාධක වලට යටත් කරන ලද්දේය.

ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සමඟ යුදෙව් රාජ්‍යයේ ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් සාම ප්‍රයත්නයන්ට රුසියාවේ සහභාගීත්වය ඊශ්‍රායලයට අවශ්‍ය බව,කලාපයේ සාමය සම්බන්ධ සාකච්ඡාවලට දායකත්වය දක්වන නිලධාරීන් උපුටා දක්වමින් ඊශ්‍රායල ‍Ynet ප්‍රවෘත්ති සේවය සහ තවත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කළහ. වාර්තා වලට අනුව, බටහිර ජෙරුසලම අපේක්ෂා කරන්නේ මොස්කව්හි මැදිහත්වීම ඇතිකරගන්නා එකඟතාවයන්වල අනාගත ස්ථාවරත්වය එක් කළ හැකි බවත් එක්සත් ජනපදය මත යැපීම අඩු කළ හැකි බවත්ය. “ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සහ තවදුරටත් ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා රුසියානුවන්ට විශේෂ කාර්යභාරයක් ලැබෙනු ඇත.” ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ‍Ynet පුවත් සේවය වෙත පවසා ඇත. පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊශ්‍රායලයේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ඔර්නා මිස්රාහි නිව්ස්වීක් වෙත පැවසුවේ ඊශ්‍රායලය “ඇමරිකානුවන්ට වැඩි කැමැත්තක් දක්වන අතර” ඉරානය සමඟ රුසියාවේ “යහපත් සබඳතා” ලෙබනනය සම්බන්ධයෙන් ඇති කර ගත් ඕනෑම එකඟතාවයක අනාගත ස්ථාවරත්වයට දායක විය හැකි බව ඊශ්‍රායලය වටහා ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ආණ්ඩුවට එකතුවී එම්.ඒ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ විදේශ ඇමැති ධුරය ලබාදීමට එකඟතාවයක් ඇතිවී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

කුමන ආණ්ඩුව බලයට පැමිණියද මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙකුගේ අත බවත්, රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඔවුන් විසින් බවත් ජාතික ගොවිජන එක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට සිය පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.

පසුගිය 30 වනදා රාත්‍රියේ නැඟෙනහිර ස්පාඤ්ඤයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු ස්පාඤ්ඤයේ මලගා නගරයේ සිට නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා දක්වා වන ප්‍රදේශයේ විශාල ගංවතුර තත්වයක් ඇති විය.

දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.