
රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් පිටුපස මිනිස් ජාවාරම්ද?
මියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත අරමුණින් පිටත් වූ බවට මෙරටට පැමිණි රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් කරන ප්‍රකාශ මත මිනිස් ජාවාරම් සහ ඊටමියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත අරමුණින් පිටත් වූ බවට මෙරටට පැමිණි රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් කරන ප්‍රකාශ මත මිනිස් ජාවාරම් සහ ඊට තිබිය හැකි දේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
2024 දෙසැම්බර් 19 වැනි දින උදෑසන, රෝහින්ග්‍යා සරණාගතයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරය දෙසට පැමිණ තිබිණි.
ඔවුන් දැනට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින අතර රජය විසින් ඔවුන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් සපයා තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර පවසන්නේ මෙම සරණාගතයන් සම්බන්ධයෙන් රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
“අපි මුලදී ඔවුන්ට මානුෂීය පදනමක් මත උදව් කරනවා. ඔවුන් තවමත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස සළකනවා. අපි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඔවුන්ට මූලික පහසුකම් ලබා දිය යුතුයි. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) වැනි පාර්ශව සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙනවා,” යනුවෙන් ඔහු පවසා තිබේ.
පසුගියදා මෙරටට පැමිණි සරණාගතයන් පවසා ඇත්තේ ඔවුන් මියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණින් පිටව ආ බවයි.
මෙය ගැටලු සහගත බව ඔහු සඳහන් කළේය.
“යන්නේ කොහෙද කියන එක ගැන අදහසක් නැතුව බෝට්ටුවකට නැඟීම සහ විශේෂිත ගමනාන්තයකට ළඟාවීමේ චේතනාවෙන් බෝට්ටුවකට ගොඩවීම කියන්නේ දෙකක්. ඒ නිසා මෙය මිනිස් ජාවාරමට සම්බන්ධ දෙයක් දැයි සැකයක් මතු වෙනවා. ඒ අනුව මෙය මිනිස් ජාවාරමට සම්බන්ධද යන්නත්, එවැනි ක්‍රියාකාරකම්වලට ප්‍රාදේශීය නියෝජිතයන් නායකත්වය දෙන්නේද යන්න පිළිබඳවත් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ පරීක්‍ෂණ පවත්වනවා.” යනුවෙන් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික බැඳීම්, අන්තර්ජාතික නීති සහ ජාතික ආරක්‍ෂාව වැනි අංශ කිහිපයක් ගැන රජය සළකා බැලිය යුතු බැවින් අදාළ සරණාගතයන් පිරිස රඳවා ගන්නේද නැතහොත් ඔවුන් පිටුවහල් කරන්නේද යන්න පිළිබඳ රජය තවමත් තීරණය කර නොමැති බව ඔහු සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
