
(ETCA) පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළා - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ සාරිකොමස් සන්තෝෂ් ජා පවසයි.
යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.
ඊයේ ජනමාධ්‍යවේදීන් අමතමින් මහකොමසාරිස්වරයා කියාසිටියේ සාකච්ඡා සිදුකළ ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි.
“ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඔබ්බට කිසිවක් නැහැ, අඛණ්ඩ සාකච්ඡා පිළිබඳව ඉතා පැහැදිලියි” ඔහු පැවසීය.
“එය නිශ්චිත කාල රාමුවක් තුළ අවසන් වේද නැතහොත් ඊට වැඩි කාලයක් ගතවේද යන්න තීරණය වන්නේ එය කිරීමට දෙපාර්ශවයේම පවතින උනන්දුව මතයි. එය තවමත් විසඳිය යුතු ප්‍රශ්න මතද රඳාපවතිනවා” මහකොමසාරිස්වරයා පැවසීය.
මෙම කාරණය සම්බන්ධයෙන් කාලසීමාවක් පැනවීම යථාර්ථවාදී නොවන බව ද ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පෙන්වාදුන්නේය.
දෙසැම්බර් මාසයේදී සිදුකෙරුණු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡාවට ලක් වූ මාතෘකා අතර පැවැති යෝජිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහකොමසාරිස්වරයා මෙම අදහස් පළකළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
