මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම පනත් සංශෝධනය කාගේ උවමනාවක්ද? - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
මුදල් විශූද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ පනත් සංශෝධනය කිරීම දෙමළ
ඩයස්පෝරාවේ උවමනාව මත සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර
මහතා පවසයි. පසුගිය (7) වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා පැවසුවේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය මේ සංශෝධනයට
ආණ්ඩුව පය තැබුවොත් එය මර උගුලකට පය තැබීමක් බවයි.
තව දුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා මෙසේද පැවසීය.
''රටේ ස්වාධීන්තවයට ස්වෛරීභාවයට විශාල
වශයෙන් බලපාන සංශෝධනයක් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අපට දැන ගැනීමට ලැබුණා.
ඒ ජනාධිපති කාර්යාලයේ නිවේදනයකින්. මෙය සංශෝධනය කළ යුතුයි කියලා ජනාධිපතිතුමා අමාත්‍ය
මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. එකම දේ මෙවැනි සංශෝධනයක් කරන්නේ කුමකටද කියන එක පැහැදිලි
කරලා නැහැ. ඒ වගේම තමයි කාගේ උවමනාවට මෙය කරනවද කියලා කියලත් නැහැ. ඇත්තටම මෙවැනි සංශෝධයක්
අවශ්‍යය කාටද? එදා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා තිබුණු පනත සංශෝධනයක් ගෙනැල්ලා ප්‍රභල කලා. දැන් මේ සංශෝධනය
මගින් කරන්න හදන්නේ මේක ලිහිල් කිරීම බව අපට පේනවා. මෙය කරන්නේ කාගේ උවමනාවටද? මේක
බෙදුම්වාදී උවමනාවක්. ඒ කියන්නේ බටහිර ඉන්න දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට බව සක්සුදක් සේ
පැහැදැලියි. ඔවුන්ට තමයි මේ සංශෝධනය අවශ්‍යය. මේකට මේ ආණ්ඩුව පය තැබුවොත් අපි දකින්නේ
මර උගුලකට පය තැබුවා කියලයි. ඒම නිසා මේ පිළිබදව අපේ බලවත් විරෝධය ප්‍රකාශ කිරීම අපේ
අරමුණයි.
මේ වගේ පනත් සංශෝධන කිරීමට තමන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවා කියලා දෙමළ ඩයස්පෝරාව කල්පනා කරනවා ඇති. ඔවුන් තමයි මේ
රජය බලයට පත්කරන්න විශාල සහයෝගයක් දුන්නේ. ඒ කියන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය
ආණ්ඩුවට ලබාදීමට ඔවුන් තමයි කටයුතු කළේ. ඒ නිසා ඔවුන් හිතනවා ඇති මේවගේ සංශා්ධයන් කරන්න
ආණ්ඩුවට බලපෑම් කරන්න ඔවුන්ට අයිතියක් තියෙනවා කියලා.
මේ සංශෝධනයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද එකම දේ තමයි ඔවුන් ගාව තියෙන විශාල ඩොලර් ප්‍රමාණයෙන් ලංකාව සංවර්ධනය සදහා ලබාදෙන්න. ඒවා කෙසේ හම්බකරාද කියලා අපි දන්නේ නැහැ. මේක මායාවක්. ඔවුන්ගේ අරමුණ වෙන එකක් ඒක බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයෑම. අපි නැවතත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ මර උගුලට පය තියන්න එපා කියලා." යැයි පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා