
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම පනත් සංශෝධනය කාගේ උවමනාවක්ද? - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
මුදල් විශූද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ පනත් සංශෝධනය කිරීම දෙමළ
ඩයස්පෝරාවේ උවමනාව මත සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර
මහතා පවසයි. පසුගිය (7) වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා පැවසුවේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය මේ සංශෝධනයට
ආණ්ඩුව පය තැබුවොත් එය මර උගුලකට පය තැබීමක් බවයි.
තව දුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා මෙසේද පැවසීය.
''රටේ ස්වාධීන්තවයට ස්වෛරීභාවයට විශාල
වශයෙන් බලපාන සංශෝධනයක් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අපට දැන ගැනීමට ලැබුණා.
ඒ ජනාධිපති කාර්යාලයේ නිවේදනයකින්. මෙය සංශෝධනය කළ යුතුයි කියලා ජනාධිපතිතුමා අමාත්‍ය
මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. එකම දේ මෙවැනි සංශෝධනයක් කරන්නේ කුමකටද කියන එක පැහැදිලි
කරලා නැහැ. ඒ වගේම තමයි කාගේ උවමනාවට මෙය කරනවද කියලා කියලත් නැහැ. ඇත්තටම මෙවැනි සංශෝධයක්
අවශ්‍යය කාටද? එදා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා තිබුණු පනත සංශෝධනයක් ගෙනැල්ලා ප්‍රභල කලා. දැන් මේ සංශෝධනය
මගින් කරන්න හදන්නේ මේක ලිහිල් කිරීම බව අපට පේනවා. මෙය කරන්නේ කාගේ උවමනාවටද? මේක
බෙදුම්වාදී උවමනාවක්. ඒ කියන්නේ බටහිර ඉන්න දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට බව සක්සුදක් සේ
පැහැදැලියි. ඔවුන්ට තමයි මේ සංශෝධනය අවශ්‍යය. මේකට මේ ආණ්ඩුව පය තැබුවොත් අපි දකින්නේ
මර උගුලකට පය තැබුවා කියලයි. ඒම නිසා මේ පිළිබදව අපේ බලවත් විරෝධය ප්‍රකාශ කිරීම අපේ
අරමුණයි.
මේ වගේ පනත් සංශෝධන කිරීමට තමන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවා කියලා දෙමළ ඩයස්පෝරාව කල්පනා කරනවා ඇති. ඔවුන් තමයි මේ
රජය බලයට පත්කරන්න විශාල සහයෝගයක් දුන්නේ. ඒ කියන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය
ආණ්ඩුවට ලබාදීමට ඔවුන් තමයි කටයුතු කළේ. ඒ නිසා ඔවුන් හිතනවා ඇති මේවගේ සංශා්ධයන් කරන්න
ආණ්ඩුවට බලපෑම් කරන්න ඔවුන්ට අයිතියක් තියෙනවා කියලා.
මේ සංශෝධනයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද එකම දේ තමයි ඔවුන් ගාව තියෙන විශාල ඩොලර් ප්‍රමාණයෙන් ලංකාව සංවර්ධනය සදහා ලබාදෙන්න. ඒවා කෙසේ හම්බකරාද කියලා අපි දන්නේ නැහැ. මේක මායාවක්. ඔවුන්ගේ අරමුණ වෙන එකක් ඒක බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයෑම. අපි නැවතත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ මර උගුලට පය තියන්න එපා කියලා." යැයි පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
