News Category
From Date
To Date
Maximum Number of Result

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ජනවාරි පළමුවෙනිදා ජාතික ධජය එසවීමේදී කළ වරදට ජාතික සංවිධාන වල විරෝධය පා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාට සංදේශයක්...

Jan 8, 2025 at 10:35 PM
|

නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුලස්ථානය වන ගොවිජන මන්දිරයේදී සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ උත්සවය පැවැත්වූ ජනවාරි 01 ජාතික ධජය එසවීමේදී බරපතල වැරැද්දක් සිදුකරනු ලැබුවේය. එම වරද කළ අය  සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්රයා ගන්න ක්‍රියා මාර්ග පිළිබඳව විමසීමට  ජාතික සංවිධාන කිහිපයක් විසින්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංදේශයක්  අද දින බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුවුනි.


මේ සඳහා ජාතික සංවිධාන නියෝජනය කරමින් වින්දන විදුර කුමාර(සැබෑ ජාතික පෙරමුණක් සඳහා ව්‍යාපාරය),ආචාර්‍ය සුපුන් ජයසිංහ(හෙළ අබිමන් ජාතික ව්‍යාපාරය),සඳුන් ගමගේ(ජාතික සංවිධාන එකමුතුව) ඇතුළු පිරිසක් සහභාගී විය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සැබෑ ජාතික පෙරමුණක් සඳහා ව්‍යාපාරයේ වින්දන විදුර කුමාර මහතා පවසා සිටියේ" ජාතික ධජය එසවීමේදී සිදුවූ බරපතල වරද සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රට හමුවේ කරුණු කියනු ඇතැයි අපි බලාපොරොත්තු වුනා. නමුත් එවැන්නක් අපට දකින්නට ලැබුණේ නැති නිසා අපි ජාතික සංවිධාන විධිහ්යට සිදූ වරද සම්බන්ධයෙන් කළ යුතු දේ ලිඛිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට අප පැමිණියා. නමුත් එතුමා කාර්යාලයේ නොසිටි නිසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිළධාරියා අදල ලිපිය භාර ගනු ලැබුවා. එහිදී මෙවැනි වරදවල් නැවත සිදු නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් අදාල සිදුවීමට සම්බන්ධ නිළධාරියට විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අමාත්‍ය සම්බන්ධීකාරකවරයා අපවෙත පවසා සිටියා." යනුවෙන් පැවසුවේය.

ඔවුන්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත  ඉදිරිපත් කළ සංදේශය පහතින්,

ගරු ලේකම් තුමා,

එම් පී එන් එම් වික්‍රමසිංහමහතා,

කෘෂිකර්ම අමාත්‍යාංශය,

ගොවිජන මන්දිරය,

බත්තරමුල්ල.

ජනවාරි පළමුවැනිදා ගොවිජන මන්දිරයේ පැවැති "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත හඳුන්වාදීමේ උත්සවයේදී ජාතික ධජයට කළ අපහාසය සම්බන්ධවයි

පසුගිය ජනවාරි පළමුවනදා "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිළධාරින් වෙත හඳුන්වා දීමට සංවිධානය කළ ජාතික උත්සවයේදී ජාතික ධජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථාව සහ 1987/02/04 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද "ජාතික කොඩිය භාවිතා කිරීම සඳහා වූ රීති සංග්‍රහය" සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  ජාතික කොඩිය භාවිතය සඳහා හඳුන්වා දෙනු ලැබූ සම්පූර්ණ විස්තර විභාගය(ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය SLS 1: 2020) පැහැදිලි ලෙසම උල්ලංඝනය කර ඇති බව ඔබ තුමාද අනිවාර්යෙන් පිළිගන්නවා ඇතැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.

එදින ජාතික කොඩිය එසවීමේ සම්පූර්ණ සිද්ධිය අධ්‍යයනය කිරීමේදී ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා සම්පුර්ණයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇතැයි තහවුරුවේ. අවසාන වශයෙන් ජාතික කොඩිය එසවීම ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්ම එසවීම හේතුවෙන් වැරැද්ද එතුමාගෙන් බැහැර නොවුවද ඔබ තුමා මෙම වරදෙහි සෘජු වග උත්තරකරුවා වන්නේය. ඔබ තුමා පෞද්ගලිකව අදාල කාර්ය අධීක්ෂණය නොකළේ වුවද  ඔබ තුමා විසින් මෙම කාර්ය භාර දුන් නිලධාරියා හිතා මතාම ජාතික ධජයට අවමන් කිරීමේ වුවමනාව පෙරදැරි කරගෙන මෙම විෂම ක්‍රියාව සිදු කළා විය හැක. අවසාන වග උත්තරකරුවා ඔහු වුවද, ධජය එසවූ ප්‍රධනාතම පුද්ගලයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාත් සමස්ථ උත්සවයම සංවිධානය කිරීමේ වගකීම දැරූ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබතුමාත් ජාතික ධජය වෙනුවෙන්ම වෙන් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය බරපතල ලෙස උල්ලංඝනය කර තිබෙන චෝදනාව බැහැර කළ නොහැකි බව අපගේ හැඟීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයෙකු ලෙස ඔබතුමාත් නීති සම්පාදකයෙකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට කළ දිවුරුම කඩා ඇති බවද ඔබතුමා අවිවාදයෙන් පිළිගන්නවා ඇත.ඒ අනුව ජනවරි පළමුවෙනිදා අදාල සිදිධිය සිදුවූ මොහොතේ පටන් ඔබ තුමා ඇතුළු සිද්ධියට වග කිව යුතු සියලු පාර්ශව ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දුන් දිවුරුම උල්ලංඝනය කර ඇති තත්වයක් තුල තවදුරටත් ඔබ තුමන්ලාගේ රාජ්‍යපාක්ෂික භාවය සැකයට තුඩු දෙන්නේය. ඒ අනුව එම නිෂ්චිත මොහොතේ පටන් ඔබ තුමා ඇතුලු වගකිවයුතු පාර්ශව මහජනයා සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් වලංගුභාවයක් ඇත්තේද යන කාරණය පුරවැසියන් වන අප තුල හට ගැනීම ස්වාභාවික බව ඔබ තුමා පිළිගන්නවා ඇතැයි අප විශ්වාස කරමු. ඒ අනුව මෙම බරපතල වරද නිවැරදි කිරීමට ඔබ තුමා පිලිගත හැකි පියවරක් ගෙන තිබේද එසේ පියවරක් ගෙන නොමැතිනම් එසේ වීමට හේතුව දැන ගැනීමේ පරම අයිතියක් අප සතුව ඇති බවද ඔබ තුමා පිලිගන්නවා ඇත.

යම් කිසි විදියකින් මෙම වරද සිදුවී ඇත්තේ අත්වැරද්දකින් නම් එම අත්වැරැද්ද කළ පුද්ගලයා හෝ පුද්ගලයන් පිරිසත් අමාත්‍යාංශ ලේකම්වරයාත් නියෝජ්‍ය ඇමතිවරයාත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට නව දිවුරුම් ප්‍රකාශයක් කිරීම මගින්  වරදට වගකිවයුතු අයවළුන් රාජ්‍ය පාක්ෂිකයන්  බවට මහජනයා තුල නැවැත විශ්වාසය තහවුරු වන බව අපගේ හැඟීමයි..

ඒ අනුව මෙම වරද නිවැරදි කිරීමට ඔබතුමා මැදිහත්ව ගත් ක්‍රියාමාර්ග ජාතිය හමුවේ එලිදරව් කරන ලෙස කාරුණිකව  අවධාරණය කරමි. 

ස්තුතියි,

මෙයට විශ්වාසී,

වින්දන විදුර කුමාර(සැබෑ ජාතික පෙරමුණක් සඳහා ව්‍යාපාරය)

ආචාර්‍ය සුපුන් ජයසිංහ(හෙළ අබිමන් ජාතික ව්‍යාපාරය)

සඳුන් ගමගේ(ජාතික සංවිධාන එකමුතුව)
2025.01.08



සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.
කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.
විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.