කියුබාවට සම්බාධක පනවමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය කියුබානු විරෝධී ක්‍රියා වෙනුවෙන් ඩොලර් මිලියන 75ක් වැය කිරීම හෙලා දකිමු! - ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය
කියුබාවට සම්බාධක පනවමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය කියුබානු විරෝධී ක්‍රියා වෙනුවෙන් ඩොලර් මිලියන 75ක් වැය කිරීම හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.
අදාළ නිවේදනය පහළින්,
මේ වන විට අමෙරිකානු එක්සත් ජනපද පරිපාලනය සිය ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන් අතරට කියුබාවද එක්කර සිටී.
ඉරානය, උතුරු කොරියාව සහ සිරියාව එම ලැයිස්තුවේ තිබෙන අනෙක් රටවල් වන්නේය. එම රටවල් තුනෙන් උතුරු කොරියාව සහ ඉරානය යුදමය අතින් ශක්තිමත් රාජ්‍යයන් වන අතර සිරියාව අමෙරිකානු එක්සත් ජනපද හමුදාවේ ප්‍රහාර වලට ලක් වෙමින් තිබේ. එහෙත් කියුබාව සමස්ථ ලෝක ජනයා අතර ගෞරවාදරයට පත්ව ඇත්තේ ඉතාමත් සාමකාමී මිනිසුන් සිටින සමාජවාදී රටක් ලෙසය.
එය වඩාත් තහවුරු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කියුබාවට එරෙහිව ගෙන එන යෝජනා පරාජය කිරිමට අමෙරිකාව සමඟ පෙළ ගැසී සිටින රටවල් දෙක තුනක් හැර අනෙකුත් සාමාජික රටවල් සියල්ලම පෙරට පැමිණීම මගිනි. එලෙසම මානව දයාව ලෝකයට පතුරවන රටවල් අතර කියුබාව ප්‍රමුඛ වන බව ඔවුන්ගේ අතීත හැසිරීම් සනාථ කරයි.
උදාහරණයක් ලෙස ලෝකයම වෙලාගත් කෝවිඩ් වසංගත සමයේදී බ්‍රිතාන්‍යයට අයත් මගී නෞකාවක සිටි මගී පිරිස් වෙත කියුබානු වෛද්‍ය අංශ දැක්වූ කරුණාවන්ත ආකල්පය හොඳම උදාහරණය වන්නේය. එවැනි මානුෂීය ක්‍රියා මගින් ලෝකයේම ආදරය දිනාගත් කියුබානු රාජ්‍යයේ වැසියන්ගේ අධ්‍යාපන සෞඛ්‍යය සහ වෙනත් ක්ෂේත්‍රවල පැන නගින අවශ්‍යතා වෙනුවෙන් ලෝකයේ සෙසු ජාතීන් සමඟ සම්බන්ධ වීමට තිබෙන මාර්ගයන් අවහිර කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකානු එක්සත් ජනපදය ගන්නා තිරස්චීන උත්සාහය පිලිකුලෙන් යුතුව හෙළා දකිමු.
එතැනින් නොනැවතී කියුබාව තුළ අර්බූද ඇති කර කියුබානු සමාජවාදී රාජ්‍ය බිඳ වැට්ටවීමට ඩොලර් මිලියන 75ක් වෙන් කිරීමට අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව ගෙන ඇති තීන්දුව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.
එලෙසම එක්සත් ජනපද ආණ්ඩුව විසින් ආර්ථික අපහසුතා වල පතුලටම ඇද දමා ඇති කියුබාව ලෝකයේ තිබෙන මානුෂීය රාජ්‍යයන් අතර ඉහළින්ම වැජඹෙමින් අමෙරිකා එක්සත් ජනපදය පරාජය කර ඇති බවද ආවධාරණය කරමු.
ජීවන්ත ජයතිස්ස,
ලේකම්
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය,

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්