ඡන්දය භාවිතය අනිවාර්ය වෙයි.. නොදැම්මොත් දඩයක්? - අලුතෙන් එන නිතී ගැන මැතිවරණ කොමසාරිස් කියන කතාව..
ඉදිරියට තවත් අවුරුදු තුන හතරක් යනකල්ම රටේ ඡන්දයක් නොපැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
මැතිවරණයකදී රටේ ලියාපදිංචි ජන්දදායකයන්ට ජන්දය භාවිත කිරීම අනිවාර්ය කරමින් ඡන්දය භාවිත නොකරන්නන්ට එරෙහිව දඩයක් නියම කිරීමට ඉදිරියට සැලසුම් කර ඇති බවද හෙතෙම කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2029 කාලය සඳහා උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ශ්ව කණ්ඩායම් සමග දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පැැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙරට සෑම මැතිවරණයක් සඳහාම ඉතා විශාල මුදලක් වැයවීම සැලකිල්ලට ගෙන මැතිවරණයක උපරිම ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අරමුණින් මෙවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. ඉදිරියේදී මැතිවරණ සඳහා තැම්පත් කරන ඇප මුදල් ඉහළ දැමීමටද බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
"අපේ දෙපාර්තමේන්තුවේ දැක්ම, සිහිනය තමයි මේ රටේ සර්වජන ජන්ද බලය සුරැකීම. ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් මේ තියෙන කාලය ප්‍රයෝජනයට අරගෙන ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලැස්මක් සකස් කළ යුතුයි. අප මේ විදිහට ඔබ හමුවෙලා කරන්නේ ඊට අවශ්‍ය අදහස් ලබා ගැනීමයි.
අපිට මේ රටේ ඉදිරි මැතිවරණ සඳහා නව නීති රීති සකස් කිරීම අවශ්‍යයි. මේ සඳහා මැතිවරණ කොමිසම විදිහට අපි වැඩි බරක් දරනවා. ඒ අනුව මැතිවරණ නීති සකස් කිරීමට සහ වෙනස් කිරීමට තියෙන හොඳම කාලය තමයි මේක. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක පැහැදිලි බලයක් තියෙනවා. ඒ නිසා මේ නීති සම්මත කර ගැනීම පහසුයි. මැතිවරණයක් යනු සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රියාවලියක්. මේ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතුයි. නීතියක් නැතිව මැතිවරණයක් පවත්වන්න බැහැ. අපි මේවනවිට රජයට යෝජනා 42 ක් භාර දීලා තියෙනවා. ඒ සියල්ලම නීතිමය කරුණු."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි