ආණ්ඩුව රු. බිලියන 3800 ක දේශීය සහ විදේශීය ණය ලබාගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කරලා.. 2027 දී දේපොළ බද්දක් අය කිරීමට IMF එකට එකඟවෙලා..
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ අයවැය තුළ ඇතුළත් වන බොහෝ කාරණා යථාර්තවාදී නොවන බවත් ඒවා සැබෑ ලෙස සාර්ථක කර ගැනීමට අපහසු කතාන්දරයක් බවත් ටිල්වින්ලාගේ සහ අනුර කුමාරලාගේ ආර්ථික දැක්ම එකිනෙකට පැටලී තිබෙන බව මෙම අයවැයෙන් මනාව පැහැදිලි වන බවත් අයවැය විවාදයට එක් වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
බහු පක්ෂ ක්‍රමයක් ඇති රටක් තනි පක්ෂ ක්‍රමයකට හැරවීම සඳහා වත්මන් ආණ්ඩුව සැලසුම් සකස් කර තිබේදැයි හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය. ගිය ආණ්ඩුව විසින් ස්ථාවර කළ ආර්ථිකය වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට රැගෙන යාම හොඳ වුවත් එය ඉහළ ආර්ථික වර්ධන මාවතකට රැගෙන යාමට මෙවර අයවැයෙන් පදනමක් දමා නොමැති බවත් සියයට 7 ක ආර්ථික වර්ධන ඉලක්කය රට ගොඩ නැගීමට ප්‍රමාණවත් නොවන බවත් හෙතම පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් ලබාදීමේ ටෙන්ඩරයේ ගැටලු ඇතිබව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ එය අත්හිටුවන ලෙසයි. එසේම, සීනි බදු වංචාව, ඊ වීසා වංචාව පිළිබඳව ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ ඇයි දැයි ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කළේය. ජනතාව මත බදු පිට බදු අයකරමින් සහ වාහන ආනයනය මගින් ඉතාමත් පහසු ආදායම් ලබමින් සිටින ආණ්ඩුවට හැකියාව තිබුණත් ජනතාවට කැපී පෙනෙන සහනයක් මෙම අයවැය මගින් ලබාදී නොමැති බව මන්ත්‍රීවරයා කීය.
"දවසකට රුපියල් ලක්ෂයක පිරිවැටුමක් ලබන ව්‍යාපාරිකයෙකුත් වැට් බද්දට මේ අයවැය මගින් යටත් කරලා. මේක ජීවන වියදම වැඩිවෙන්න හේතුවක්. මේ ආණ්ඩුවට තිබුණා IMF එකත් එක්ක කතා කරලා අමාරුවෙන් ඉන්න ජනතාවට බදු සහනයක් දෙන්න. නමුත්, ඒක කළේ නෑ." යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.
ආණ්ඩුව බදු අඩු නොකළද 2027 දී දේපොළ බද්දක් අය කිරීමට IMF එකට එකඟවී තිබෙන බවත් අනිකුත් ආණ්ඩු වලට ණය ගන්නවා යැයි චෝදනා කළ වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 3800 ක දේශීය සහ විදේශීය ණය ලබාගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම, රැකියාවක් කිරීම හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, කුඩා වාහනයක් ගැනීම, නිවසක් ඉදිරිකර ගැනීම, දෙමව්පියන්ට සැලකීම සහ දරුවන් හදා ගැනීම යන මෙරට තරුණ පරම්පරාවේ බලාපොරොත්තු ඉටුකිරීමට මෙම අයවැය අසමත් වන බවත් අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට යෝජනාකළ සහන පොලී නිවාස ණය යෝජනා ක්‍රමයෙන් ආසන්න ලෙස ණය ලබාගත හැක්කේ 4166 දෙනෙකුට පමණක් බවත් මන්ත්‍රීවරයා කීය. විදේශීය සෘජු ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 823 ක් පැමිණි බව ආණ්ඩුව කීවත් ඒවායින් සියයට 67 ක් ගිවිස ගත්තේ පසුගිය ආණ්ඩුව සමයේ යැයි වත්මන් ආණ්ඩුව වසන් කරන බව මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..