News Category
From Date
To Date
Maximum Number of Result

බංග්ලාදේශයේ සුළුතර බෞද්ධ සහ හින්දු ජනයා ඉලක්ක කර කරනු ලබන ප්‍රහාර නතර කිරීමට මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු බවත්, ආණ්ඩුව විවිධ අයට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළත් අද සනාථ වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස රජය නියෝජනය කරන පුද්ගලයන් ද සිටින බව යැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා කළ ක්‍රියාවත්, වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකරන ක්‍රියාවත් අතර ලොකුවට වෙනසක් නැති බවත්, ඇත්තේ සුළු වෙනසක් පමණක් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කියයි.

ලංවිම අවිධිමත් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් එළැඹෙන සඳුදා වන විට දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය ක්‍රියා මාර්ගය දැඩි කෙරෙන බව විදුලි ඉන්ජිනේරු සංගමය පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “පුවක් දණ්ඩාවේ සනා” ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රබල හිතවතෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බංග්ලාදේශයේ බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් ඇතුළු ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් ඝාතන, ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී (CSO) වූ නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදී (CIABOC) අත්අඩංගුවට ගෙන ඇත.

බංග්ලාදේශයේ බෞද්ධයන්ට සිදුවී ඇති අසාධාරණය වැළැක්වීම වෙනුවෙන් මැදිහත් වන්නැයි ගෝලීය බෞද්ධ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබේ.

තමන් මහෙස්ත්‍රාත්වරයකු ලෙස බැඳෙන්නේ 2004 දී බවත් මහ අධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වන්නේ 2020 දී බවත්, 2025 දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස තමන් පත්වූ බවත් රංග දිසානායක මහතා පවසයි.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.