News Category
From Date
To Date
Maximum Number of Result

ආපදාව නොසලකා හැරීමෙන් ජනපති ප්‍රමුඛ ඇමති මණ්ඩලය වසර 5ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරලා - ගම්මන්පිල කියයි

Dec 5, 2025 at 04:41 PM
|

අද කොළඹ පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලංකා ඉතිහාසයේ වාර්තා ගත දැවැන්තම ආපදාවට අපි පසුගිය සතියේ මුහුණ දුන්නා.  සමස්ත ලංකාවටම එකවර බලපාන මෙවැනි ආපදාවක් පිළිබඳ අපි මීට පෙර අහලා තිබුණේ නෑ.  මේ ආපදාවෙන් ජීවිත අහිමි වුණු දේපල අහිමි වුණු පීඩාවට පත් සියළුම ජනතාවට අපේ සංවේගය පළමුව පල කරනවා.  අපේ උතුම් ශ්‍රී ලාංකික ගුණය ඉස්මතු කරලා විපතට පත් වුණු අයට සහන සලසවන්න පෙරට පැමිණි පරහිතකාමි ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා.

ස්වභාවික ආපදා ඇති වෙන එක නවත්වන්න ආණ්ඩුවට බැරි වුණත් මිනිස්සුන්ට සිදුවන හානිය අවම කරන්න කටයුතු කරන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනි.  මෙහෙම කිව්වේ මම නොවේ.  වත්මන් සභානායක බිමල් රත්නායක මැතිතුමා 2016 දී විපක්ෂයේ ඉන්න කාලයේ.  ඒ නිසාම වත්මන් ආණ්ඩුව මේ ආපදාව නිසි ලෙස කලමනාකරණය කලා ද නැතිනම් ආණ්ඩුවේ හැසිරීම නිසා මෙම ආපදාවෙන් සිදු වුණු විපත තීව්‍ර වුණා ද කියන එක සොයා බලා රට දැනුම්වත් කිරීම විපක්ෂයේ අපේ යුතුකමක්.

මේ යුතුකම ඉටු කරන්න අපි කල් මැරුවා.  ඒ නිසා පසුගිය දින දහයකට වැඩි කාලයක් අපි ජනතාවට සහන සලසමින් ආණ්ඩුවට උපරිම සහයෝගය ලබා දුන්නා.  දැන් අවදානම සහ දුෂ්කරතා බොහෝ දුරට පහ වී ගිහින් තිබෙන නිසා ආණ්ඩුව දිහා විවේචනාත්මකව බලන්න කාලය හරියි කියලා අපි විශ්වාස කරනවා.

මේ ආණ්ඩුවත් ඩෝබි බලකායේ සිටින වොෂිංටන්ලාත් මෙතරම් බරපතල ආපදාවක් සිදු වුණේ කාලගුණ වාර්තා නොසලකා සිටින්න ආණ්ඩුව කටයුතු කළ නිසා බව කියන තිත්ත ඇත්ත සෝදා දාන්න බරපතල උත්සාහයක් දැරුවා.  නමුත් නොවැම්බර් 12 සිටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කුනාටුවක් පැමිණීමේ හැකියාව ප්‍රකාශයට පත් කළ බවත් නොවැම්බර් 25 බීබීසි වෙදර් නාලිකාව සුළි කුනාටුවක් පැමිණෙන බව මෙන්ම එහි වර්ෂාපතනය මිලි මීටර් 500 ඉක්මවා යා හැකි බව ද ප්‍රකාශයට පත් කළ බව ඇසින් දැකලා කනින් අහලා මේ රටේ ජනතාව දැනගෙන ඉවරයි.  මාලිමා ආණ්ඩුව විසින් සුළි සුලඟක් එන බව දැනගෙන කළ යුතු නමුත් නොකළ හැරිය කාරණා 14ක් හේතුවෙන් මේ ආපදාව තීව්‍ර වුණා කියන එක තිත්ත ඇත්තක්.  ඒ කාරණා 14 මොනවාදැයි අපි දැන් බලමු.

  • වැසි ජලය රැස් කර ගැනීමට හැකි වන පරිදි ජලාශ හිස් කලේ නෑ.
  • මෝය කට පලල් කිරීම් කලේ නෑ.
  • හමුදාව යොදවා අතුරු ඇල මාර්ග මතු කලේ නෑ
  • පලාත්පාලන ආයතන හරහා ජලය බැස යන කානු පද්ධතිය පිරිසිදු කලේ නෑ.
  • නාය යන දිස්ත්‍රික්ක හතේ අධි අවදානම් ප්‍රදේශ NBRO කලින්ම හඳුනා ගෙන තිබුණා. නමුත් ඒ ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කලේ නෑ.
  • ජල ගැලීම් සහ නාය යෑම් අවදානමට ලක් වුණු ප්‍රදේශවල ඇඳිරි නිතිය පනවා හමුදාව යෙදෙව්වේ නෑ.  එහෙම නැතිව තමන් උපන් දා සිට උපයා ගත් දේවල් දාලා ජනතාව යන්නේ නෑ.
  • ත්‍රිවිධ හමුදාව සම්බන්ධිකරණය කරන ආරක්ෂක මණ්ඩල ප්‍රධානි (Chief of Defence Staff ) පත් කලේ නෑ.
  • රාජ්‍ය යාන්ත්‍රණයට නායකත්වය දෙන්න පරිපාලන අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබුණේ නෑ.  ජ්‍යේෂ්ඨත්වයෙන් පළමු දස දහසටවත් අයිති නොවන පරිපාලනය ගැන මෙලෝ හසරක අත්දැකීමක් නැති කෙනෙක් තමයි කැළණි සගයෙකු නිසා ජනාධිපති ලේකම් කලේ.
  • හදිසි නීතිය ප්‍රකාශයට පත් කලේ නොවැ 28 දින ජාතික ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියා විපක්ෂ නායක ඉල්ලුවාට පස්සේ.
  • පාර්ලිමේන්තු සැසිය නැවැත්තුවේ නෑ. ඒක කලේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉල්ලුවාට පස්සේ
  • ජාතික ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික ව්‍යසන තත්වයක් ප්‍රකාශ කලේ නෑ.
  • ආපදාවකට මුහුණ දෙන ආණ්ඩු - විපක්ෂ ඒකාබද්ධ යාන්ත්‍රණය වන ජාතික ආපදා සභාව කැඳවූයේ නෑ.
  • මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා වැනි ආපදා කලමනාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති හිටපු ජනපතිවරුන්ගේ සහය ලබා ගත්තේ නෑ.
  • රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය කරනු වෙනුවට රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කලා.

මේ නොසලකා හැරීම් නිසා ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දණ්ඩ නීති සංග්‍රහයේ 298, 327, 328 සහ 329 වගන්ති යටතේ සාපරාධි නොසැලකිල්ල කියන වරද සිදු කර තිබෙනවා.  එය වසර පහක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක්.  නොසැලකිලිමත්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා වැරදිකරු කිරීමේ පූර්වාදර්ශ දෙකක් මෑත ඉතිහාසයේ තිබෙනවා.  පාස්කු ප්‍රහාරයේ හානිය වලක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වැරදිකරු වීමත් ආර්ථික අර්බූදය මග හරවා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැරදිකරු වීමත් තමයි ඒ අවස්ථා දෙක.  ඒ නිසා ඒ අධිකරණමය පූර්වාදර්ශ අනුව යමින් වත්මන් ජනාධිපතිතුමාව වසර පහක සිර දඬුවමකට යටත් කළ හැකියි.

සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.