News Category
From Date
To Date
Maximum Number of Result

අර්ජුන් මහේන්ද්‍රයන්ගේ "පාස්පෝට් එක " 2017 වසරේ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස නිදහස් කළේ කවුදැයි රංග දිසානායක ප්‍රකාශ කළ යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පැවැසීය.

ශ්‍රී ලංකාවේ LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා නොකොට බව අග්‍රාමාත්‍ය හරිණී අමරසූරිය මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාව අනුව කල හැකි දෙයක් නැතැයි ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද හෙට්ටිආරච්චි මහතා පවසයි.

දැනටමත් මෙරට දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ ළමා රක්ෂණ අධිකාරි පනත යටතේ ළමුන් හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් දඩුවම් ලබාදීමට ප්‍රතිපාදන ඇති බවත්, ලිංගික අපචාර සම්බන්ධයෙන් දරුවන් යොදාගැනීම සම්බන්ධයෙන් ද දණ්ඩුනීති සංග්‍රහයේ 365, 365ආ වගන්ති වලින් ප්‍රතිපාදන වෙන්කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවෙන් පසු ජපානයත් සමග රහසිගත හමුදා සන්ධානයකට සූදානමක් ඇතැයි ජන අරගල ව්‍යාපාරය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන විදේශීය සෘජු ආයෝජන (FDI) ප්‍රමාණය අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පහළ අගයක පවතින බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

ඊයේ (06) දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට අදාළ 60-L 01 දරණ යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.