රනිල් වික්‍රමසිංහ මහතාගේ 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සමාගම් කිහිපයකට කැඩීමේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ලංකා විදුලි බල මණ්ඩලය තිබූ බවත්, එහෙත් විදුලි බල මණ්ඩල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් එන්. සිල්වා මහතා ලබාදුන් ප්‍රබල තීන්දුවත් සමග පනත අකුලා ගැනීමට සිදුවූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ලංකාවේ දෙවන විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉන්දියානු සමාගමකට පැවරීම සඳහා කර්මාන්ත පුනරුදයක් ගැන පාරම්බෑ මාලිමා ආණ්ඩුව තම තීරණය ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ බවත්, චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ බවත්, ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.
පසුගිය සැප්තැම්බර් 8 වැනිදා ජිනීවා මානව හිමිකම් කාර්යාලය හරහා ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, මෙම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ බවත්, මෙරට විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තරය සමග ගැටීමකට නොයෑම සඳහා එම යෝජනාවට ඡන්දයක් ඉල්ලා නොසිටි බව පවසන බවත්, එය අසත්‍ය හා ධීන ප්‍රකාශයක් බවත් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, සර්වජන බලය පක්ෂයේ උප සභාපතිනී අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ මූලික විද්‍යාර්ථයන්ගේ වාර්ෂික පර්යේෂණ සැසියේ (under graduate Research Symposium) ආරම්භක සැසිවාරයේ(2025/10/10) සමාරම්භක උත්සවය උපකුලපති, ශ්‍රාස්ත්‍රපීඨයේ පීඨාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගි වූ අවස්ථාවේ සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමට ආරාධනා කිරීමේ දී කොළඹ විශ්ව විද්‍යාලය රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාව භාවිත නොකොට ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාව පමණක් භාවිත කිරීම හේතුවෙන් ඊට විරෝධය පා මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන් හා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මෙන්ම මහාචාර්ය ප්‍රේමසිරි නාගසිංහ යන මහත්වරුන් උත්සව සභාවෙන් පිටව ගොස් තිබේ.
දේශීය පුවත්
උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත
"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප..
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..