News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට භූමියෙන් වී වගාකළ හැකි බිම් සියයට 42ක් පමණ ඇති බවත්, නොයෙකුත් දුෂ්කරතා මැද රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවය සපුරන වී ගොවියාට ආණ්ඩුවෙන් නිසි මිලක් නොගෙවන තත්ත්වයක් නැවත ඇති වී තිබෙන බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.

ටෙලෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක කරුස්වාමීන් සුරේන්දිරන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, උතුරේ සිටින හමුදා පිරිස් අදියරෙන් අදිර අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සංවිධානයට පොරොන්දු වූ බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදුවී නොමැති බවයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා සඳහා ඊයේ(12) දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ.


දේශීය පුවත්

FB පොස්ට් එකක් දැම්මට අත්අඩංගුවට ගත්ත කැළුම් ජයසුමනට ඇප

මහවිරු සමරුවට අදාළ පෝස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන කැළුම් ජයසුමනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේය.

මහවිරු සතිය තුළ උතුරේ සැමරුම් උත්සව 244ක් සිදුකළ බව පොලීසිය වාර්තා කළා - ඇමැති ආනන්ද විජේපාල

පසුගිය දා පැවති මහවිරු සතිය තුළ උතුරේ සැමරුම් උත්සව 244ක් සිදුකළ බව පොලීසිය වාර්තා කර ඇති බවත්, මෙම සැමරුම් 244 අතරින් 10ක පමණ යම් යම් එල්.ටී.ටී.ඊ සංකේත සහිතව සැමරුම් සිදුකර ඇති බවට වාර්තා වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අපේක්ෂිත බදු ආදායම් නොලැබී යයි... රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ජනතාවට බදු සහන ලබාදීම අර්බුදයක

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එක්සත් ජනපදය වෙළඳාම ‘ආයුධකරණය’ කිරිමට එරෙහිව චීනයෙන් ප්‍රතිප්‍රහාර

අර්ධ සන්නායක නිෂ්පාදනය සහ මිලිටරි යෙදුම් සඳහා භාවිතා කරන ද්විත්ව භාවිත අයිතම සහ ප්‍රධාන අමුද්‍රව්‍ය කිහිපයක් එක්සත් ජනපදයට නැව්ගත කිරීම තහනම් කරන බව චීනය නිවේදනය කර තිබේ. එක්සත් ජනපදයේ නවතම සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇති බවද පැවසේ.

ටිල්වින් සහෝදරයාට වැරදුනොත් රට බෙදීමේ අනතුරක් - ජාතික සංවිධාන කියයි

අගමැතිනි හරිනි අමරසූරිය සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතිවාදයට කිසිඳු ඉඩක් නොදෙන බවට දැඩි ප්‍රකාශයක් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එහිදී දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,

මාලිමා ආණ්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා දියත් කර ඇති මර්ධනයට අපි දැඩි සේ විරුද්ධයි... - දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ අඥා පනත යටතේ ක්‍රියාත්මක කරගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙලට දැඩි විරෝධතාවය දක්වන බවත්, උතුරේ මහවිරු සැමරුම් ප්‍රචාරය කළ බවට මේ වන විට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

මාලිමාව දුන් මැතිවරණ පොරොන්දු අයවැයෙන් ඉටුකරන්න අසීරු තත්ත්වයක් - ආර්ථික විශේෂයෝ පෙන්වා දෙති

ජාතික ජන බලවේගය පහුගිය මැතිවරණවලදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉදිරි අයවැයෙන් ඉටු කිරීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි.

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් පාර්ලිමේන්තුවෙන් උදේට, දවල්ට ද කා හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන තත්වෙට පත්වෙලා - දයාසිරි කියයි

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද අඩු වෙනු ඇතැයි බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමන්ට පහරදුන්නා කියා මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේදී යකා නටයි (වීඩියෝ)

අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.