News Category
From Date
To Date
Maximum Number of Result

"දිට්වා" ගැන නොවැම්බර් 23 සිට 25 වතාවක් දැනුම් දුන්නා - කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය

Dec 12, 2025 at 10:17 AM
|

නොවැම්බර් 23 වැනිදා සිට අවස්ථා 25කදී දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ඒ දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින්.

දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙවුණු දින කිහිපයේ විවිධ පාර්ශ්ව විසින් එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ පැවැති ආපදා තත්ත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිවැරැදි නොවන තොරතුරු විශාල ප්‍රමාණයක් සංසරණය වන අතර, එම අසත්‍ය තොරතුරු මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වයට හානි සිදුවන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් කාලගුණික වෙනස්කම් සතියකට පෙර හඳුනා ගත හැකි වුවත් ඇතැම් අවස්ථා වඩාත් කෙටි පෙර හඳුනාගැනීම් සහිත වන බවයි.

දිට්වා සුළි කුණාටුව නිර්මාණය වීම සම්බන්ධයෙන් මෙරට විද්‍යාඥයින් ප්‍රථමවරට හඳුනාගෙන ඇත්තේ නොවැම්බර් මස 23 වැනිදා බවත්, එම තොරතුරු යුහුසුළුව ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඔවුන් අවධාරණය කරන්නේ ඉදිරි කාලයේදී පැවැතිය හැකි නව කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් නොවැම්බැර් 24 වැනිදා පවත්වා ඇති බවයි.

එමෙන්ම නොවැම්බර් මස 25 වැනිදා දිවයින ආශ්‍රිත අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවට ඇම්බර් වර්ණයේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එදිනම සවස ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වැසි ඇති විය හැකි බවට රතු වර්ණයෙන් නිවේදනයක් ද නිකුත් කළ බවත් එම සංගමය පෙන්වා දෙයි.

එම සංගමය පවසන්නේ අදාළ අනතුරු ඇඟවීම දිට්වා පද්ධතියේ මූලික අවස්ථාවේ නිකුත් කළ පළමු රතු අනතුරු ඇඟවීමේ නිවේදනය බවයි.

ගැඹුරු පීඩන අවපතය, දිට්වා සුළිකුණාටුව දක්වා වර්ධනය වීමේ රතු අනතුරු ඇඟවීමේ නිවේදනය නොවැම්බර් 27 වැනිදා නිකුත් කර ඇති බවත් එදිනම නවතම තොරතුරු සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් දැනුවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය අවධාරණය කරයි.

ඒ අනුව නොවැම්බර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් රතු නිවේදන 25ක් යාවත්කාලින කර ඇති බවටයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

''බීබීසී මාධ්‍ය මගින් 25 වැනිදා මිලිමීටර් 500ක වැස්සක් පුරෝකථන කළත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මිලිමීටර් 150ක වැසි තත්ත්වයක්'' බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනාවට ද ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පිළිතුරු ලබා දී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ බීබීසී මාධ්‍ය මගින් දින කිහිපයකදී ලැබිය හැකි මුළු වර්ෂාපතනයේ එකතු කළ අගය මිලිමීටර් 500ක් පමණ විය හැකි බවට ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාව දැනුම් දෙන්නේ දිනකදී ලැබෙන වර්ෂාපතනය බවයි.

කෙසේ වෙතත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකිවල දින කිහිපයේ එකතු කළ වර්ෂාපතන අනාවැකිය මිලිමීටර් 600 - 800ක පමණ අගයක් පෙන්නුම්කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ

එමෙන්ම ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මස 13 හෝ ඊට ආසන්න දිනක දිට්වා සුළි කුණාටුවේ මූලික අවස්ථාව ගැන කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බවට පෙන්වා දෙන ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පවසන්නේ එය සම්පූර්ණ අසත්‍ය බවත් සති දෙකකට පමණ පෙර එවැනි නිශ්චිත අනාවැකි පළ කල හැකි කිසිදු ක්‍රමවේදයක් ලෝකයේ මේවන තෙක් සොයා ගෙන නොමැති බවයි.

එමෙන්ම පීඩන අවපාතය සම්බන්ධයෙන් නොවැම්බර් 24, 26 සහ 27 යන දිනවලදී දැනුවත් කිරීමේ හමු පැවැති බවත් එම අවස්ථාවන්වලට ආපදා කළමනාකරණ මධ්‍යථානය, වාර්මාර්ග දෙපාර්තමේන්තුව ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ජල කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිබල මණ්ඩලය, ධීවර දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් එක්වූ බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

- hirunews


සම්බන්ධිත පුවත් | Related News

ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින් චෝදනාවක් එල්ල කළේය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.