ආපදාවලට මුහුණදුන් ජනතාවට සහන ලබාදීමේදී ග්‍රාම නිලධාරීන්ට දැඩි බලපෑම්.. - ග්‍රාම නිලධාරී සංගමයෙන් චෝදනා..
ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී සංගමයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීමේදී ප්‍රජා සංවර්ධන කමිටුවල අනුමැතිය ලබාගැනීමට කිසිදු නීත්‍යානුකුල දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
එහි කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, ආපදාවලට මුහුණදුන් ජනතාවට සහන ලබාදීමේදී ග්‍රාම නිලධාරීවරුන්ට විවිධ බලපෑම් එල්ල වන බවය.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සුමිත් කොඩිකාර මහතා මේ බව සදහන් කළේය.
"මේ ප්‍රජා ශක්ති කමිටුව පිහිටෙව්වේ මේ රටේ සංවර්ධන කටයුතු සහ දිළිදුබව තුරන් කිරීමේ කටයුතුවලට අදාළව. කිසිම වෙලාවක ආපදා සම්බන්ධයෙන් අපි දැක්කේ නෑ චක්‍ර ලේඛනයක ප්‍රජා සංවර්ධන ශක්තී කමිටුවට බලය දීලා තියෙනවා. විශේෂයෙන් ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නිලධාරීන් හැටියට ආපදාවක් සිදුවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමේදී දේශපාලන කමිටු ක්‍රියාත්මක වුණේ නෑ. ගමේ ඉන්න දේශපාලඥයාට මේ සම්බන්ධයෙන් අපිත් එක්ක සහායෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ සියලු දේවල් කරන්න ඕනි නීත්‍යානුකූලව. වර්තමාන රජයේ දේශපාලකයින් මේ වන විට දැඩි ලෙස අපේ නිලධාරීන්ට බලපෑම් කරනවා. සමහර තැන්වල විවිධ පෝරම අරන් ඔවුන් බෙදනවා. මහනුවර දිස්ත්‍රික්කයේ යම් ප්‍රාදේශීය සභා කොට්ඨාසයක මන්ත්‍රීවරියක් ඒ ගමේ සියලුදෙනාට රු.25000ක් ලබා දීමේ පෝරමය ලබා දීලා තියෙනවා. එහෙම දෙන්න බෑනේ. ඒ බෙදනකොට නිසි ප්‍රමිතියක් නෑ. ජනාධිපතිතුමා රු.25,000 දෙන්න කියනවා සුද්ද කරන තැනකට, ඒකට ආපදාවක් වෙන්න ඕනි. නැතුව ගමේ හැමදෙනාටම තමන්ගේ දේශපාලන හිතවතුන්ට ඒක දෙන්න බෑ. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු, නාගරික මන්ත්‍රීවරු, විවිධ කොට්ඨාස සභා නායකයෝ තමන්ගේ බලය අතට අරන් නිලධාරීන්ට බලපෑම් කරන එක වහාම නවත්තන්න. ජනාධිපතිතුමාගෙන් අපි දැඩි ලෙස ඉල්ලනවා මේ බලපෑම නවත්වන්න"
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..