News Category
From Date
To Date
Maximum Number of Result

බාල ඖෂධ ගෙන්වා ආණ්ඩුව දැන් මිනී මරන්න පටන් අරන්... මෝදි - අනුර අත්සන් කළ හොර සෞඛ්‍ය ගිවිසුමෙන් උසස් තත්වයේ ප්‍රමිතිගත ඖෂධ ගැනීමේ අයිතිය ජනතාවට අහිමි කරලා..- භාණ්ඩාගාරයේ රුපියල් සංචිතය හා ඩොලර් සංචිතය ගැන ඇත්ත කතාව විමල් කියයි

Dec 20, 2025 at 05:44 PM
|

වත්මන් පුනරුද ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමග එක්ව රටට සඟවා අත්සන් කරන ලද ගිවිසුම් නිසා වසර අවුරුදු 76ක් මේ රටේ ආරක්ෂා වූ ඖෂධ ප්‍රමිතිය බිඳ වැටී, තත්ත්වයෙන් බාල ඉතාමත් පහත් ප්‍රමිතියේ ඉන්දීය ඖෂධවර්ග මේ රට තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැරිසරන්නට පටන් පටන් ගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.  මේ නිසා රෝහල්වල අහින්සක ජනතාව බාල බෙහෙත් භාවිතය නිසා මිය යන්නට පටන්ගෙන ඇතැයිද වීරවංශ මහතා පෙන්වා දෙයි.

රජය හොර රහසේ අත්සන් කරන ලද ගිවිසුම් හතෙන් එකක් වූ “ඉන්දියානු ෆාමකෝපියාවට” (Indian Pharmacopoeia) මේ රටේ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ ඖෂධ නියාමනය පිළිබඳ ඒකාධිකාරිය හිමිව ඇති බවත්, මෙම ඒකාධිකාරිය හේතුවෙන් මෙතෙක් ලංකාවේ භාවිතයට ගෙන තිබූ ප්‍රමිතිගත විශ්වාසදායී බ්‍රිතාන්‍ය ඖෂධ හා ඇමරිකානු ඖෂධ භාවිතා කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ජනතාවට අහිමි වී ඇති බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ අද උදේ (20 වැනිදා ) බත්තරමුල්ල සිය පක්ෂ කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි... 

වසර 76ක ඖෂධ ප්‍රමිතිය බිඳ දැමීම:

නිදහසෙන් පසු පසුගිය වසර 76 පුරාම මෙරට රජයේ සහ පෞද්ගලික අංශයේ භාවිත කළේ බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ (British Standard) හෝ ඊට ඉහළ ප්‍රමිතියේ ඖෂධ වුවද, වත්මන් රජය එම ප්‍රමිතිය හිතාමතාම පහත හෙළා ඇති බව ඔහු චෝදනා කළේය.

ඉන්දියානු ‘ෆාමකෝපියාව’ සහ රහස් ගිවිසුම: 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අගමැති මෝඩි සමඟ ඇති කරගත් රහස් ගිවිසුම් හතෙන් එකක් ලෙස, කිසිදු විශේෂඥ උපදෙසකින් තොරව 'ඉන්දියානු ෆාමකෝපියාව' (Indian Pharmacopoeia) මෙරටට හඳුන්වා දී ඇති බව වීරවංශ මහතා හෙළි කළේය. මෙම ප්‍රමිතිය පිළිගනු ලබන්නේ ලෝකයේ රටවල් 30-33ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් බවත්, ඉන් බහුතරය අප්‍රිකානු රටවල් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආයතනගත කළ මිනීමැරුම්:

මීට පෙර බාල ඖෂධ ගෙන ඒම වරදක් ලෙස සැලකුවද, දැන් රජය විසින්ම එම වරද ආයතනගත කර නීතිගත කර ඇති බවත්, මේ නිසා දැනටමත් අහිංසක දරුවන් සහ තරුණියන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු පැවසීය. ජයවර්ධනපුර රෝහලේ පවා මෙවැනි අසාත්මිකතා වාර්තා වන බවත්, මෙය රජය විසින් සිදුකරන 'ජනඝාතනයක්' බවත් ඔහු අවධාරණය කළේය.

බාල ඖෂධ ඒකාධිකාරය:

රජය පනවා ඇති නව 'පාලන මිල' (Floor Price) හරහා උසස් ප්‍රමිතියෙන් යුත් බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය ඖෂධ වෙළඳපොළෙන් ඉවත් වී, අපද්‍රව්‍ය සහිත බාල ඉන්දියානු ඖෂධවලට පමණක් වෙළඳපොළ ඒකාධිකාරයක් හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.

සංචිත පිළිබඳ සංඛ්‍යාලේඛන මායාව: 

රජය පවසන ඩොලර් මිලියන 6216ක විදේශ සංචිතය පිළිබඳ සත්‍යය හෙළි කළ වීරවංශ මහතා, කෙටි කාලීන ණය සහ බැඳීම් සැලකූ විට රට සතුව පවතින්නේ සෘණ සංචිතයක් බව ගණන් හිලව් සහිතව පැහැදිලි කළේය:

    *   ගෙවිය යුතු ස්වැප් (Swaps) පහසුකම්: ඩොලර් මිලියන 3683.

    *   IMF වෙත ගෙවිය යුතු මුදල: ඩොලර් මිලියන 1740.

    *   භාණ්ඩාගාර බිල්පත්වල කෙටි කාලීන ආයෝජන: ඩොලර් මිලියන 1000.

    *   **සමස්ත බැඳීම්: ඩොලර් මිලියන 6423.

 මෙම දත්තයන්ට අනුව රට සැබවින්ම පවතින්නේ “ඩොලර් මිලියන සෘණ 207ක (-207M) සංචිත අර්බුදයක බව ඔහු අනාවරණය කළේය. 

කටින් බතල හිටවන පාලනය: 

රජය රුපියල් අතිරික්තයක් පෙන්වන්නේ වියදම් කිරීමට නොදන්නා නිසා මිස ආර්ථිකය කළමනාකරණය කළ නිසා නොවන බවත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේදී 'කටින් බතල හිටවමින්' ජනතාව මුලා කරන බවත් ඔහු චෝදනා කළේය. 

ආණ්ඩුවට බලපෑමක්:

වහාම මෙම ද්‍රෝහී ඉන්දියානු ෆාමකෝපියා ගිවිසුමෙන් ඉවත් වන ලෙසත්, ජාතියෙන් සමාව ගෙන පාලන මිල ඉවත් කර ප්‍රමිතියෙන් යුත් ඖෂධ ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙසත් වීරවංශ මහතා ආණ්ඩුවට දැඩිව බලකර සිටියේය. වත්මන් පාලනය කඳුකරයේ වැවෙන 'උණ ගස්' වැනි බවත්, ඒවායේ හඬ සැර වුවද, පොත්ත ගන වුවද ඇතුළ හිස් බව පවසමින් ඔහු සිය ප්‍රකාශය අවසන් කළේය.

මෙම මාධ්‍ය හමුව අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරෝධතා මහතා කරන ලද සම්පූර්ණ කතාව මෙසේය..

"සුභ උදෑසනක් මාධ්‍යවේදී හැමදෙනාටම. අද මා සමඟ මේ මාධ්‍ය සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් සහභාගී වෙනවා, පසුගිය පළත් පාලන මැතිවරණයේදී කොළඹ මහා නගර සභාවේ අපේක්ෂකයෙකු හැටියට කටයුතු කරපු හර්පත් අලව්දීන් සහෝදරයා, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහා නගර සභා මැතිවරණයට තරග කරපු අපේක්ෂක බුද්ධික ප්‍රියදර්ශන සහෝදරයා. ප්‍රධාන කාරණා දෙකක් ඔබ මගින් මේ රටේ මුළුමහත් ජාතිය අභිමුව තැබීම සඳහා තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ.

පළමු කරුණ තමයි දැනටමත් බලවත් ලෙස ආන්දෝලනයට තුඩු දී තිබෙන “ඉන්දියානු බාල ඖෂධ මාෆියාවට” අපේ රටේ රෝගීන් බිළිදීමේ ව්‍යාපාරය අද ඉතා බලවත් ලෙස අපි හමුවේ ඉතා අභියෝගාත්මකව මතුවෙලා තියෙන කාරණයක්. ඔබ කවුරුත් දන්නවා මීට කලින්, ඔය කියන වසර 76 ඇතුළත තිබුණේ, අපේ රටේ පෞද්ගලික අංශය වේවා රජයේ රෝහල් පද්ධතිය තුළ වේවා පාවිච්චි කරන්න පුළුවන් ඖෂධවල ප්‍රමිතිය තිබුණේ “බ්‍රිතාන්‍ය (British Standard) හෝ ඊට ඉහළ ප්‍රමිතියක්”. නමුත් ඒ වසර 76ක පාලනය ඇතුළත කවදාකවත් ඒ ප්‍රමිතිය ඊට වඩා පල්ලෙහාට ගෙනාවේ නැහැ. ඒ ප්‍රමිතිය ඊට වඩා පල්ලෙහාට වට්ටන්න කටයුතු කළේ නැහැ. මොන අර්බුද තිබුණත්, මොන අමාරුකම්, මොන දුෂ්කරතා තිබුණත් ඒ වසර 76 වසරක පාලනය ඇතුළේ ඔය බ්‍රිතාන්‍ය ප්‍රමිතිය හෝ ඊට ඉහළ ප්‍රමිතිය කියන එකෙන් පල්ලෙහාට එන්න ශ්‍රී ලංකාව කටයුතු කළේ නැහැ.

නමුත් අවාසනාවට ඒ වසර 76ක සාපය දුරලන්න කියලා බලයට ආපු උදවිය තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ නොදුන් ප්‍රතිඥාවක්, “ඉන්දියාවට හොර රහසින් දීපු ප්‍රතිඥාවක් ඉටු කරමින්” ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ ඖෂධ වෙළඳපොළට, රජයේ රෝහල්, පෞද්ගලික අංශය මේ හැමතැනකටම බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළ තියෙන “ඉන්දියානු ප්‍රමිතියේ (Indian Pharmacopoeia)” ඖෂධ පිළිගත් රාජ්‍යයක් බවට පත්වුණා. මේ “ඉන්දියානු ෆාමකෝපියාව” පිළිගත්තු රාජ්‍යයන් ලෝකයේ ගොඩක් නැහැ, වැඩිම වුණොත් 30ක් 33ක් වගේ තියෙන්නේ. ඒ බොහොමයක් රටවල් අප්‍රිකානු රටවල්. ඔය ඝානාව වගේ ආර්ථික වශයෙන් බොහොම පහළට වැටිච්ච රටවල්. ඒ ඇරෙන්න ආර්ථික වශයෙන් දියුණුව කෙසේ වෙතත්, ආර්ථිකමය වශයෙන් දියුණුවීමේ අභිලාෂය මත ඉන්න, තමන්ගේ මානව සම්පත ඉහළම සම්පතක් හැටියට සලකන කිසිම රාජ්‍යයක් මේ ඉන්දියානු ෆාමකෝපියාව පිළිගන්නේ නැහැ.

ඒ කියන්නේ තමන්ගේ රාජ්‍යයේ වැසියන්ගේ මූලික අයිතියක්, ඔවුන් රෝගාතුර වුණාම නිසි ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ ලබාගැනීම. ඒක මූලික මිනිස් අයිතියක්. අද කන්න දෙන්නෙත් වස විස. බෙහෙත් කියල දෙන්නෙත් අන්තිමට මැරෙන්න සිද්ධ වෙනව ඖෂධ.

මීට පෙර සමහර අවස්ථාවන්වලත් අපේ රටට ගෙනාපු ඖෂධ පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රශ්න මතුවුණා. ඒ හැම වෙලේම මතු වුණේ “බ්‍රිතාන්‍ය ප්‍රමිතියට” අනුව ඒ ඖෂධය තිබෙනවද නැද්ද කියන ප්‍රශ්නය. එහෙම නැත්නම් ඒ ඖෂධය බ්‍රිතාන්‍යයේ ප්‍රමිතියට අනුව නැද්ද තියෙනවාද. ඕක තමයි අපි සලකා බලපු කාරණය. එතකොට ඒක ඉන්දියානු ප්‍රමිතියට තිබ්බත් අපි පිළිගත්තෙ වරදක් හැටියට. 

දැන් වෙලා තියෙන්නේ වරද ආයතන ගත කරලා. එහෙම නැත්තං  අපද්‍රව්‍යවලින් පිරිච්ච බාල ඖෂධ ගෙන්වීම කලින් වරදක්. දැන් ඒක ආයතන ගත කරපු ක්‍රියාවක්. දැන් ඒක වරදක් හැටියට සැලකෙන්නේ නැහැ. එතකොට දැන් කරන තියෙන්නෙ මේ පුනරුද ආණ්ඩුව,,,...

ඇයිද මන්දන්නෑ මේකට පුනරුදය කියලා කියන්නේ. සමහර නම් තියනවා තේරුමක් නැති අමුතු නම්.... දැන් “වරුනි” කියලා කියන්නේ සාමාන්‍යයෙන්..... මම වරුනිලගෙන් ඉල්ලනවා මාත් එක්ක තරහ වෙන්න එපැයි කියලා. වරුනි කියලා කියන්නේ මුඛ රෝග වැලඳවීමේ සමත් “යක්ෂණිය”ට කියන නමක්. “පුනරුදය” කියලා කියන්නෙත් හරියට හොයලා බැලුවොත් ඒ වගේ එකක් තමයි.... මොකක් හරි රෝග වැළඳීවීමට සමත් යක්ෂයාගේ නාමයක් තමයි මට පේන විදියට මේ “පුනරුදය” කියන්නේ. 

කලින් බාල ඖෂධ ගෙන ඒම වරදක් වුණත්, දැන් මේ පුනරුද ආණ්ඩුව ඒ වරද ආයතනගත කරලා තියෙනවා. දැනටමත් අහිංසක දරුවන් සහ අහිංසක තරුණියන් දැනට දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ජයවර්ධනපුර රෝහලේත් මෙවැනි අසාත්මිකතා වාර්තා වෙනවා. ඖෂධ එම සමාගමින් ගෙන්නපු ඖෂධ නමයක් දැනටමත් ඒ සමාගම විසින් ඉවත් කරගෙන තියෙනවා. 

එතකොට කොළඹ නගරාධිපතිනිය බල්තසාර්ගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයාට අයත් සමාගමකින් තමයි මේ ඖෂධ ගෙනැවිත් තිබෙන්නේ. ඒ සමාගම විතරක් නොවෙයි. ඔය ජාසිංහලා අරසිංහලා මේ සිංහලා වගේ පිටිපස්සේ ඉන්න සමාගමුත් මේ ජාවාරමේ නිරත වෙනවා. පුනරුද බෝඩ් එක ගහගෙන ඇවිල්ලා අන්තිමට කරන්නේ මෙන්න මේවා...

දැන් එතකොට කවුද මේ..... මියගිය තරුණියන් ඉන්නවා. අපේ රටේ තරුණියන්. එ අයගේ දරුවෝ ඉන්නවා. ඒ මේ රටේ දරුවෝ. ඒ තරුණියන්. මේ රටේ ජනතාව. කවුද ඒ මිනීමැරුවලට වගකියන්නේ... අපි අහනව ප්‍රශ්නයක් කවුද ඒවට වගකියන්නේ. මොකක්ද ඒකට.... කවුද උත්තර දෙන්නේ? මේ එතකොට මිනීමැරුම් නෙවෙයිද. මේවා ජන ඝාතන නෙවෙයිද..? මිනීමැරුම් වලට වගකියන්න කවුරුත් නැද්ද. අපද්‍රව්‍ය සහිත ඖෂධ ආයතන නීතිගත කළේ කවුද . 

සාමාන්‍යයෙන් යම්කිසි “ෆාමකෝපියා එකක් පිළිගන්නවනම් ඒක විශේෂඥ මණ්ඩලයක් දාල ඒ විශේෂඥ මණ්ඩලයෙන් ඇගයීමක් කරලා ඒ වාර්තා නිර්දේශ අනුව තමයි ඒක කරන්නේ. අනුර කුමරටඉඒ විශේෂඥ දැනුම නෑ. මූඩි මහත්තයා ඇවිල්ල කරට අත දමාගත්තයි කියලයි මේ මේ චූන් වෙලා එහෙම “ෆාමකෝපියා” අස්සන් කරන්න බෑ. එහෙම අත්සන් කරලා තමයි දැන් මේ මිනී මරන්නේ. ඉස්පිරිතාලෙට ගෙන එන ලෙඩාව මරා දමන්නේ. අපද්‍රව්‍ය සහිත ඖෂධ දීලා මරා දමන්නේ...

එනිසා බොහොම පැහැදිලියි. අද වෙලා තියෙන්නෙ මේ සියලු මිනී මැරුම්වලට වගකියන්න කෙනෙක් නෑ. “ඇහින්ද” ජයතිස්ස ඉන්නවා වගේ වගක් නෑ. ජනාධිපති අනුරේ එනවා පාර්ලිමේන්තුවට. ඇවිල්ලා ලොරි ටෝකක් දීලා කටින් බතල හිටවලා යනවා. උන්දැ තරං කටින් බතල හිටවන්න පුළුවන් කෙරුමෙක් මේ කපේ දී මේ රටේ 78 වසරක බිහිවෙලා නෑ. උන්දැට ජනාධිපති ලේකම් කාර්යාලයේ වගා බිම වදිවුණාම පාර්ලිමේන්තුව තමයි වගාබිම කරගන්නේ කටින් බතල හිටවන්න. ලේකම් කාර්යාලේ වගාබිම පොඩියි. මෙතන තියනවා 225ක වගාබිමක්.

එතැනට ඇවිල්ලා කොටල කොටල කොටලා කටින් බතල හිටවලා යනවා. එයාගේ කටින් බතල හිටෙව්වට මේ මිනී මැරුම් වලට, මිනීවලට පණ එන්නේන්නේ නෑ. Indiබ ෆාමකෝෆියා එක පිළිගෙන අපේ මිනිස්සු ලෙඩ්ඩු ටික මරා දමන්න ලයිසන් එකක් අනුර කුමාරගේ ආණ්ඩුවට මේ රටේ ජනතාව දීල නෑ. එනිසා අපි කියනවා අද මේ රට, මේ ඉන්දියානු පාමකොපියා එක ලෝකේ රටවල් තිස් ගානකට වඩා පිළි අරගෙන නැහැ. පිලි අරගෙන නැත්තේ මේක අපද්‍රව්‍ය වලින් බහුල, ප්‍රමිතියෙන් යුක්තව නිපදවන්නේ නැති නිසා. ගෙවල් ඇතුලෙ හදන බෙහෙත්. ගෙවල් ඇතුලේ හදන බෙහෙත් වල අපද්‍රව්‍ය තියෙන බව ලෝකෙම දන්නවා. දන්න නිසා තමයි මේ ඉන්දියන් ෆාමකොපියා එක පිළිඅරගෙන නැත්තෙ අතිශය බහුතරයක් රටවල්වලින්.

එනිසා අද මේ කබලෙන් ලිපට වැටිච්ච මිනිස්සු. තව තවත් මේ මිනිස්සු ලිපට දාන්න හදන්න එපා. ඉස්පිරිතාලට එන මිනිහව මරාදාන ලෑස්ති වෙන්න එපා. දැන් මේ නිසා අපි ආණ්ඩුවට කියනවා... පළමුකොටම වැරදි දෙකක් කළා...

එකක් හොර රහසේ රටට කියන්නැතුව, මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අදහස් සැලකිල්ලට ගන්නේ නැතුව, සාකච්ඡාවක් කරන්නේ නැතුව, සංවාදයක් කරන්නේ නැතුව, හොර රහසේ අත්සන් කරපු ගිවිසුම් හතෙන් එකක් තමයි “ඉන්දියන් ෆාමකෝපියා එක” පිළිගැනීම. ඒක කළේ හොරෙන්. එහෙම කරන්න බෑ. ඖෂධ බොන්නේ මිනිස්සු. ඖෂධ බොන්නේ අනුර කුමාරයි එයාගේ අර පාපිසි 159යි විතරක් නෙවෙයි. පැලවත්තේ ඉන්න ගොබ්බයෝ ටික විතරක් නෙවෙයි. ඖෂධ බොන්නේ මේ රටේ සකල ජනයා ලෙඩ වුණාම ගිහිල්ලා ඖෂධ බොනවා. ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට බලපාන තීරණයක් හොර රහස ගත්තා මෝඩිස් එක්ක. ඉන්දියන් ගිවිසූම් හතෙන් එකක් හැටියට ගත්තා මේ ඉන්දියන් ෆාමකෝපියා එක පිළිගන්න එක. ඒක තමයි පළවෙනි වැරැද්ද. 

ලැජ්ජයි! මීට කලින් මේ රටේ කිසිම නායකයෙක් සෞඛ්‍යයට අදාළව මේ විදියේ තීරණ හොර රහසේ අරන් නෑ, විශේෂඥ දැනුම නොසලකා හැරලා අරන් නෑ, ඉතාම තුච්ඡ මිනීමරු තීරණයක් මේ අරන් තියෙන්නේ. ඒකෙ වන්දි තමයි මේ අද දරුවන් දියණියන් ඒ ජීවිතවලින් වන්දි ගෙවන්නේ. 

ඊළඟ වැරැද්ද මොකක්ද... දැම්මා ඉන්දියන් අපද්‍රව්‍ය සහිතව ඖෂධවලට පමණක් “ලංකාවේ ඖෂධ වෙළඳපොලේ ඒකාධිකාරය හදලා දෙන්න” පාලන මිලක් දැම්මා. දොස්තර ජයතිස්ස දැම්මාපාලන මිලක්. එතකොට වෙන්නේ මොකද දන්නවද... ඒ පාලන මිලට යටින් දෙන්න බෑ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය තියන ඖෂධ. අමරිකානු ප්‍රමිතිය ඖෂධ දෙන්න බැහැ. ඒවා රටෙන් බැහැරට යනවා. වෙළඳපොලෙන් එළියට යනවා. කැමති වුණත් නැතත් සල්ලි ඇතත් නැතත්, ඉන්දියානු ප්‍රමිතියෙන් බාල ඖෂධ අපිට අරගන්න වෙනවා.

මේ තමයි අපේ සමාජයේ ලෙඩ්ඩු මරා දාන විදිය. ලෙඩෙක් එන්නෙ ජීවිතේ ඉල්ලගෙන. ජීවිතේ ඉල්ලගෙන එන ලෙඩාව මරා දමන තැන් බවට පත් කරලා තියෙනවා ඖෂධ වෙළඳපොල. එනිසා මේක මිනී මරන ආණ්ඩුවක්. බාල ඖෂධ දීල මෙරටේ මහජනයා මරා දාන ආණ්ඩුවක්.

 අර “දිට්වා කුණාටුව” එන්න ඉඩ හැරලා මිනිස්සු මරා දැමම වගේම, ඒක දිහා වගේ වගක් නැතිව, ඒ දිහා නොබලා “රන්ජන් රාමනායකත් එක්ක සෙල්ෆි ගහ ගහා” කාලේ කා දැම්මා වගේ.... මෙතන කරේත් අන්තිමට මේ මිනිස්සුන්ව, ලෙඩ්ඩු මරා දාපු එක. 

ඒ නිසා අපි ඉතා ඕන කමින් ආණ්ඩුවට කියනවා.... අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ “ඉන්දියානු ෆාමකෝපියාවෙන් ඉවත් වෙන්න”, හොර රහසේ ගත්තු ඒ තීරණය අකුලාගෙන ජාතියෙන් සමාව ඉල්ලන්න.  ඒක හතුලාගන්නකන් බාල ඖෂධවලට පමණක් වෙළඳපොළ ඒකාධිකාරයක් හදන්න දාපු “පාලන මිල (Floor Price) වහාම ඉවත් කරන්න”. 

මේ රටේ වෙළදපළ ඇතුලේ අපද්‍රව්‍ය සහිත ඉන්දියානු ඖෂධවලට පමණක් නෙවෙයි, ප්‍රමිතියෙන් යුක්ත ඖෂධවලට රැදී සිටීමේ අවස්ථාව සලසන්න. ඔය දෙකම කරන්න. දෙවෙනි එක කොහොමත් කරන්ඩ ඕනෑ පළවෙනි එක කළොත්. පළමුවෙනි එක කරනකන් දෙවෙනි එකත් කරන්න. එනිසා එහෙම නොකරොත් මේ තක්කඩි ආණ්ඩුව “මිනීමරන ආණ්ඩුවක්”, දැනුවත්වම මේ රටේ රෝගීන්ගේ බොටුව මිරිකන ආණ්ඩුවක් බවට පත් වෙන එක වළක්වන්න බෑ.

කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් කඳුකරයේ වැවෙන උණගස්වල, ඒ ගස්වල හඬ සැරයි. පොත්ත ගණයි. හැබැයි ඇතුළු හිස්. මේ ආණ්ඩුවට හරියන්නේ කඳුකරයේ වැවෙන උණ ගස් පිළිබද කතාව තමයි. හඬ සැරයි, පොත්ත ගනයි, හැබැයි ඇතුළ හිස්.

ජනාධිපති ඇතුළු එකසිය පනස් දෙකේ පාපිස්සට හරියන්නේ මේ කඳුකරේ උණ ගස්වල කියමන තමයි හඬ සැරයි. පොත්ත ගණයි. ඒ හින්දා තමයි ඕන ද්‍රෝහී ක්‍රියාවකට හිතනවා ගන්න පුළුවන් කමක් මෙයාලට තියෙන්නේ.... ඉන්දියන් පාමකෝපියා නෙවෙයි, වහකෝප්පයක් වුණත් අරන් ඇවිල්ලා ජනතාවට පොවන විදියේ තත්ත්වකට පත්වෙලා තියෙන්නේ.

ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට කියනවා... ඔබ චන්දෙ දුන්නේ මේ අයට මේ විදියට අපරාධකාරී තත්ත්වයක්, රටේ ලෙඩ්ඩුන්ව මරා දමන්නට ඉඩ දෙන තත්ත්වයක් හදන්න නෙවෙයි. ඊට විරුද්ධව නැගී හිටින්න. ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා ඉතා  ඕනෑකමින්...

ඒ වගේම මීට අමතරව තව කරුණක් මම ඔබේ අවධානයට යොමු කරන්න කැමතියි.

මේගොල්ලො පුරාජේරු කතා කියනවා, දැන් අපේ විදේශ වත්කම් සංචිතය ගැන. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ගොල්ලා කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 6216ක සංචිතයක් තියෙනවා කියලා. නමුත් මෙහි ඇත්ත කතාව මොකක්ද. මේක ඇත්තද  මේකේ ඇත්ත කතාවව නොකියන කතාව මොකක්ද 

පළවෙනි එක තමයි මේ ඇමරිකන් ඩොලර් මිලියන 6216 ඇතුලෙ තියෙනවා වසරකට අඩු කාලයක් තුළදි අපි ගෙවිය යුතු “වැප්” කියල හඳුන්වනවා, ඒවයි වටිනාකම තමයි. ඒවා අපිට පාවිච්චි කරන්න බැහැ. වසරකට අඩු කාලයකදී අපි ඒක ගෙවලා ඉවර කරන්න ඕන. 'ස්වැප්' (Swap) පහසුකම් මුදල ඩොලර් මිලියන 3683ක් තියෙනවා. ඒක අපි ගෙවිය යුතු මුදලක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 1740ක්. ඒකත් අපි ගෙවිය යුතු මුදලක්. ඊලගට භාණ්ඩාගාර බිල්පත්වල විදේශිකයන් ආයෝජනය කර ඇති කෙටි කාලීන ආයෝජන ඩොලර් මිලියන 1000කුත් තියෙනවා. මේ සියල්ල එකතු කළ විට ඩොලර් මිලියන 6423ක් වෙනවා. එතකොට ඇත්තටම අපිට තියෙන්නේ කීයද...

සංචිතයේ තියනවලු ඩොලර් මිලියන 6212ක්. අර ගෙවියයුතු වර්ග තුන එකට එකතුකරාම එනවා ගාන ඇමරිකන් ඩොලර් මිලියන 6423ක්. එතකොට මොකක්ද වෙන්නේ? අපි සතුව තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන් රිණ 207ක්. ඇත්ත කතාව ගත්තොත් ඒ කියන්නේ මේ උවමනාවන් ටිකවත් පිරිමහලා ඉවර කරන්න අපිට සංචිතයේ සල්ලි නෑ. සංචිතයේ තියෙන්නේ ඩොලර් මිලියන 207ක (-$207M)  රිණ අගයක්. 

ඒ මාස 43ටම එක ඇමරිකන් ඩොලර් එකක් සංචිතය ඇතුලට ගෙනාවනම් මේ විදියෙ තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ. එතකොට ඔබට පේනවා නියමානුකුලව 2028 වෙනකොට අපිට ඔය ඔය බැඳුම් කර හිමියන්ට ආදී වශයෙන් ගත්තු ණය සහ පොලී ගෙවන්න වෙනවානම්, ගෙවන්න්න නියමිතයි, එහෙම නෙවෙයි කියල තාමත් කිසිම තැනක කීයලා නෑ, එතකොට ගෙවීම් කරන්න තියා, මේක ඇතුලෙ තියෙන ගෙවීම් ටිකවත් කරගන්න තියෙන්නේ රිණ අගයක්.

ඒකෙත් පේනවා අපි රටක් හැටියට ඉන්නේ විදේශවත්කම් සංචිතය අතින් කොයිතරම් භයානක තැනකද කියලා. රුපියල් එකතු කරලා රටේ, ජනාධිපති කටින් බතල හිටවලා, ජනාධිපතිය අයවැය පරතරය අපි අඩු කරලා අතිරික්තයක් තියෙනවා කියලා පම්පෝරි ගහනවා.  

වියදම් කරන්න දන්නෑ. වියදම් කරන්න තේරෙන්නේ නැහැ. රජයේ නිලධාරීන් කිව්වත් වියදම් කරන්න බයයි. ඉතින් එතකොට ඉතුරු වෙනවා තමයි. නොකා නොබී සල්ලි ඉතුරු කරාවි. ඉතුරු වෙනවා. හැබැයි ඉතින් පාන් කියා ගන්න බෑ. ඒක දන්නේ නැති ජනාධිපති අර පාර්ලිමේන්තුවේ පාපිසි 152 චූන් කරකර ඉන්නවා.

ඔන්න ඕක තමයි අවසානයේ කියන්න තියෙන්නේ බුදු බණින් කියනවානම්...

 “අනායකා විනස්සන්ති, නස්සන්ති බහු නායකා” (නායකයෙක් නැති කලත්, නායකයන් වැඩි වූ කලත් විනාශයම සිදුවේ) නායකයෝ නොමැති කල්හිත් විනාශ වෙනවා. නායකයෝ බොහෝ වූවත් විනාශ වෙනවා. නායකයෝ නොමැති කල්හි විනාශ වෙනවා නායකයෝ බොහෝ වූවත් විනාශ වෙනවා. ඕක තමයි අපිට කියන්නෙ.


සම්බන්ධිත පුවත් | Related News

වැඩිහිටි නිවාස 456න් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික ප්‍රතිපත්ති රාමුව වඩාත් පැහැදිලි මාවතකට අවතීර්ණ කරමින්, වෙළඳ හා ආයෝජන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවැසීය.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
පසුගියදා විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් ඉරානය විසින් සිය අසල්වැසි රටවල් වන කුවේටය සහ බහරේනය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
තමන් උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය සඳහා තරග වදිමින් දේශපාලනයට අවතීර්ණ වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් තමන් තුළ නොමැති බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.