News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් මිලියන 200ක් වෙනුවෙන් උගසට තැබෙන අනාගත පරපුරේ ඉරණම - කඩිමුඩි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සැඟවුණු කතාව

Dec 20, 2025 at 05:32 PM
|

👉 වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇති තවත් ගැටලුවක් තමයි ආණ්ඩුවට එය ක්‍රියාත්මක කිරීමට ඇති පුදුමාකාර කඩිමුඩිය.

👉 මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කිසිම ආකාරයක සමාජ සංවාදයක් ඇති වීමට කාලයක් දීලා නෑ විතරක් නෙමෙයි. අඩු තරමේ මේ යටතේ ගෙන ඒමට නියමිත මොඩියුල පවා හරියාකාරව සකසා නොගෙන තමයි ජනවාරියේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ. 

👉 දැනට සකසා ඇත්තේ පළමු වාරයට අවශ්‍ය මොඩියුල පමණයි. ඉතිරි කාලයේ මොනවා උගන්වනවාද? විෂය නිර්දේශය මොකක්ද? මේ යටතේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පැවැත්වෙන්නේ කොහොමද? එවැනි ජාතික විභාගවලටත් පන්තියේ කරන ක්‍රියාකාරකම්වල ලකුණු එකතු කරනවාද? නැද්ද? වැනි කාරණා ගැන තවම කිසිවෙකුට කිසිම පැහැදිලි අදහසක් නැහැ. 

👉 ආණ්ඩුවේ මේ පුදුමාකාර කඩිමුඩිය පසුපස බොහෝ අය නොදන්නා හේතුවක් තිබෙනවා. ඒ තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 200ක ණය මුදල. 

👉 ආසියානු සංවර්ධන බැංකුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා 2020දි ඩොලර් මිලියන 400ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. මේ පිළිබඳ විස්තර ඕනෑම අයෙකුට ආසියානු සංවර්ධන බැංකුවේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. 

👉 ගෝඨාභය හා රනිල්ගේ පාලන සමයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ යෝජනා සකස් වෙමින් තිබුණු නිසා ඒ කාලේ මේ ණය මුදලෙන් ඩොලර් මිලියන 200ක් මීට පෙර ලංකාවට ලබාදී තිබෙනවා. 2025 දි තමයි මේ ණය මුදල ලබාගැනීමට අදාළ කාල සීමාව අවසාන වන්නේ. 

👉 ඒ අනුව ඉතා ඉක්මනින් මෙය ක්‍රියාත්මක කළොත් තමයි මේ ඉතිරි ඩොලර් මිලයන 200 ලබාගැනීමට හැකි වන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව කිසිම සමාජ සංවාදයකට ඉඩක් නොතබා, හරි හමන් ප්‍රතිසංස්කරණ යෝජනාවලියකින් පවා තොරව, ඉතාම කඩිමුඩියේ මෙය ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ. 

👉 රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්නේ ඉතාම ප්‍රවේශමෙන් සැලකිල්ලෙන් කළ යුත්තක්. අනික ආණ්ඩුව මේ හරහා මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ කණපිට හරවන ඉතාම ආන්දෝලනාත්මක යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි ආණ්ඩුව ඒ බරපතළ වෙනස්කම් සියල්ල කරන්න සැරසෙන්නේ කඩදාසිය ලිපේ දැම්මා වගේ ඉතාම හදිස්සියේ. 

👉 ඒ හදිසිය පිටුපස තිබෙන්නේ මේ කියූ ඩොලර් මිලියන 200 ණය මුදලේ කතාව. ඒ අනුව මොවුන් කෙතරම් අදූර්දර්ශී ආණ්ඩුවක්දැයි අමුතුවෙන් කිව යුතු නැහැ. 

👉 ඔවුන් ඩොලර් මිලියන 200ක් වෙනුවෙන් රටේ සමස්ත අනාගත පරම්පරාවේ ඉරණම එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙනවා. විධිමත් කාලයක්, අධ්‍යයනයක් හෝ සමාජ සංවාදයකින් තොරව කඩිමුඩියේ කරන රටට නොගැළපෙන ප්‍රතිසංස්කරණයකින් විය හැකි හානියට වඩා ඔවුන්ට ණය මුදල වැදගත්. ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම විනාශකාරී දෙයක් කිරීමට සැදී පැහැදී සිටිනවා. 

👉 අනික ලංකාව වැනි රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මෙවැනි ගෝලීය ආයතන අරමුදල් සපයන්නේ නිකම් නොවෙයි. අනෙක් රටවල් තමන්ගේ ගෝලීය දේශපාලන වුවමනා අනුව පාලනය කර, නතු කර තබාගැනීමේ බල දේශපාලන වුවමනාව මේ පසුපස තිබෙනවා. 

👉 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ඔවුන්ගේ පිහිට පතන රටවලට සෘජුවම කරන යෝජනාවක් තමයි රාජ්‍ය වියදම් අඩු කිරීම කියන එක. මේ යෝජනාව ලෝකය පුරා විවිධ රටවල් ගණනාවක අධ්‍යාපනයට හා සෞඛ්‍යයට එල්ල කළ අහිතකර බලපෑම් ගැන අද වන විට ලෝකය පුරාම විශාල සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳ ඕනෑ තරම් තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.  

👉 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සිට, 2005 තාරා හැරල්ඩ් වාර්තාව දක්වා බොහෝ අවස්ථාවල ලංකාවේ අධ්‍යාපනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වක්‍රාකාරව මෙවැනි කොන්දේසි පනවා තිබෙනවා. ඒත් ඒවාට එල්ල වූ විරෝධය හා ලංකා රජයේ ක්‍රියාමාර්ග මත ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වී නැහැ. ඒ ක්‍රියාවලියේම දිගුවක් තමයි අද මාලිමා රජය යටතේ මේ ඉදිරියට යමින් තිබෙන්නේ. 

👉 වියට්නාමය 1986 ඩොයි මොයි ප්‍රතිසංස්කරණවලින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකගතාවන්ට එළඹුණා. ඒත් වියට්නාමය ඔවුන්ගේ කොන්දේසිවලට මුළුමනින්ම අනුගත වුණේ නැහැ. ඔවුන් මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළේ තමන්ගේම වූ ජාතික න්‍යාය පත්‍රයක් හා වැඩපිළිවෙළක් සහිතවයි. අදටත් වියට්නාමය කියන්නේ මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට සපුරා පටහැනි මධ්‍යගත සැලසුමක් සහිත ආර්ථිකයක් ඇති රටක්. ඒ ක්‍රමය තුළ තමයි ඔවුන්ට විශාල ආර්ථික ජයග්‍රහණ ලබාගැනීමට හැකිවුණේ. 

👉 1997 ආසියාව පුරා ඇති වූ ආර්ථික අර්බුදයේදී දකුණු කොරියාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදුවුණා. එතෙන්දි සුපුරුදු පරිදි රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ යෝජනා ඉදිරිපත් වුණා. හැබැයි අධ්‍යාපනය සම්බන්ධ කාරණා ගැන එතෙන්දි කොරියානු රජය ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළා. ඔවුන් අයිඑම්එෆ් එක කියන සියලු දේවල් ඒ විදිහටම භාරගත්තේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒ අර්බුදයෙන් පසුව කොරියාවේ පැවති අධ්‍යාපන පද්ධතිය තවත් ශක්තිමත් වුණා. 

👉 හැබැයි අද  ඊනියා වාමාංශික රතු රෙදි පොරවාගත්  ලංකාවේ රූකඩ ආණ්ඩුව සියලු දේ පසෙක තබා ඩොලර් මිලියන 200ක මුදලක් වෙනුවෙන් රටේ දරුවන්ගේ අනාගතය උගසට තැබීමට සැරසෙමින් ඉන්නවා.

👉 මේ අඳුරු පින්තූරය පිළිබඳ හසරක් නොදන්නා අපේ ඇතැම් පිරිස් පොත් බෑගයේ බර, ටියුෂන්කාරයන් නැති කිරීම, දරුවන්ගේ සතුට වැනි ඉතාම ළාමක බාල සිල්ලර සටන් පාඨ මත පිහිටා මේ විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හුරේ දමමින් සිටිනවා. 

👉 අප කෙතරම් අප්‍රබුද්ධ සමාජයක්ද? යන්න ගැඹුරින් සිතා බැලීමට මෙය කදිම අවස්ථාවක්. හැබැයි  අප දැන් ඉන්නේ ඉතාම අනතුරුදායක තැනක. මේ විනාශය නතර කිරීම සඳහා අපට තව ඉතිරි වී ඇත්තේ ඉතාම කෙටි කාලයක් පමණයි. ඒ කාලයත් මේ විදිහට නිද්‍රාශීලිව ගෙවී ගියොත් එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ ඔබේ දරුවාට බව අමතක කරන්න එපා.

(මුහුණුපොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.