ඩොලර් මිලියන 200ක් වෙනුවෙන් උගසට තැබෙන අනාගත පරපුරේ ඉරණම - කඩිමුඩි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සැඟවුණු කතාව
👉 වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇති තවත් ගැටලුවක් තමයි ආණ්ඩුවට එය ක්‍රියාත්මක කිරීමට ඇති පුදුමාකාර කඩිමුඩිය.
👉 මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කිසිම ආකාරයක සමාජ සංවාදයක් ඇති වීමට කාලයක් දීලා නෑ විතරක් නෙමෙයි. අඩු තරමේ මේ යටතේ ගෙන ඒමට නියමිත මොඩියුල පවා හරියාකාරව සකසා නොගෙන තමයි ජනවාරියේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ.
👉 දැනට සකසා ඇත්තේ පළමු වාරයට අවශ්‍ය මොඩියුල පමණයි. ඉතිරි කාලයේ මොනවා උගන්වනවාද? විෂය නිර්දේශය මොකක්ද? මේ යටතේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පැවැත්වෙන්නේ කොහොමද? එවැනි ජාතික විභාගවලටත් පන්තියේ කරන ක්‍රියාකාරකම්වල ලකුණු එකතු කරනවාද? නැද්ද? වැනි කාරණා ගැන තවම කිසිවෙකුට කිසිම පැහැදිලි අදහසක් නැහැ.
👉 ආණ්ඩුවේ මේ පුදුමාකාර කඩිමුඩිය පසුපස බොහෝ අය නොදන්නා හේතුවක් තිබෙනවා. ඒ තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 200ක ණය මුදල.
👉 ආසියානු සංවර්ධන බැංකුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා 2020දි ඩොලර් මිලියන 400ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. මේ පිළිබඳ විස්තර ඕනෑම අයෙකුට ආසියානු සංවර්ධන බැංකුවේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්.
👉 ගෝඨාභය හා රනිල්ගේ පාලන සමයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ යෝජනා සකස් වෙමින් තිබුණු නිසා ඒ කාලේ මේ ණය මුදලෙන් ඩොලර් මිලියන 200ක් මීට පෙර ලංකාවට ලබාදී තිබෙනවා. 2025 දි තමයි මේ ණය මුදල ලබාගැනීමට අදාළ කාල සීමාව අවසාන වන්නේ.
👉 ඒ අනුව ඉතා ඉක්මනින් මෙය ක්‍රියාත්මක කළොත් තමයි මේ ඉතිරි ඩොලර් මිලයන 200 ලබාගැනීමට හැකි වන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව කිසිම සමාජ සංවාදයකට ඉඩක් නොතබා, හරි හමන් ප්‍රතිසංස්කරණ යෝජනාවලියකින් පවා තොරව, ඉතාම කඩිමුඩියේ මෙය ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ.
👉 රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්නේ ඉතාම ප්‍රවේශමෙන් සැලකිල්ලෙන් කළ යුත්තක්. අනික ආණ්ඩුව මේ හරහා මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ කණපිට හරවන ඉතාම ආන්දෝලනාත්මක යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි ආණ්ඩුව ඒ බරපතළ වෙනස්කම් සියල්ල කරන්න සැරසෙන්නේ කඩදාසිය ලිපේ දැම්මා වගේ ඉතාම හදිස්සියේ.
👉 ඒ හදිසිය පිටුපස තිබෙන්නේ මේ කියූ ඩොලර් මිලියන 200 ණය මුදලේ කතාව. ඒ අනුව මොවුන් කෙතරම් අදූර්දර්ශී ආණ්ඩුවක්දැයි අමුතුවෙන් කිව යුතු නැහැ.
👉 ඔවුන් ඩොලර් මිලියන 200ක් වෙනුවෙන් රටේ සමස්ත අනාගත පරම්පරාවේ ඉරණම එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙනවා. විධිමත් කාලයක්, අධ්‍යයනයක් හෝ සමාජ සංවාදයකින් තොරව කඩිමුඩියේ කරන රටට නොගැළපෙන ප්‍රතිසංස්කරණයකින් විය හැකි හානියට වඩා ඔවුන්ට ණය මුදල වැදගත්. ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම විනාශකාරී දෙයක් කිරීමට සැදී පැහැදී සිටිනවා.
👉 අනික ලංකාව වැනි රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මෙවැනි ගෝලීය ආයතන අරමුදල් සපයන්නේ නිකම් නොවෙයි. අනෙක් රටවල් තමන්ගේ ගෝලීය දේශපාලන වුවමනා අනුව පාලනය කර, නතු කර තබාගැනීමේ බල දේශපාලන වුවමනාව මේ පසුපස තිබෙනවා.
👉 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ඔවුන්ගේ පිහිට පතන රටවලට සෘජුවම කරන යෝජනාවක් තමයි රාජ්‍ය වියදම් අඩු කිරීම කියන එක. මේ යෝජනාව ලෝකය පුරා විවිධ රටවල් ගණනාවක අධ්‍යාපනයට හා සෞඛ්‍යයට එල්ල කළ අහිතකර බලපෑම් ගැන අද වන විට ලෝකය පුරාම විශාල සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳ ඕනෑ තරම් තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.
👉 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සිට, 2005 තාරා හැරල්ඩ් වාර්තාව දක්වා බොහෝ අවස්ථාවල ලංකාවේ අධ්‍යාපනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වක්‍රාකාරව මෙවැනි කොන්දේසි පනවා තිබෙනවා. ඒත් ඒවාට එල්ල වූ විරෝධය හා ලංකා රජයේ ක්‍රියාමාර්ග මත ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වී නැහැ. ඒ ක්‍රියාවලියේම දිගුවක් තමයි අද මාලිමා රජය යටතේ මේ ඉදිරියට යමින් තිබෙන්නේ.
👉 වියට්නාමය 1986 ඩොයි මොයි ප්‍රතිසංස්කරණවලින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකගතාවන්ට එළඹුණා. ඒත් වියට්නාමය ඔවුන්ගේ කොන්දේසිවලට මුළුමනින්ම අනුගත වුණේ නැහැ. ඔවුන් මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළේ තමන්ගේම වූ ජාතික න්‍යාය පත්‍රයක් හා වැඩපිළිවෙළක් සහිතවයි. අදටත් වියට්නාමය කියන්නේ මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට සපුරා පටහැනි මධ්‍යගත සැලසුමක් සහිත ආර්ථිකයක් ඇති රටක්. ඒ ක්‍රමය තුළ තමයි ඔවුන්ට විශාල ආර්ථික ජයග්‍රහණ ලබාගැනීමට හැකිවුණේ.
👉 1997 ආසියාව පුරා ඇති වූ ආර්ථික අර්බුදයේදී දකුණු කොරියාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදුවුණා. එතෙන්දි සුපුරුදු පරිදි රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ යෝජනා ඉදිරිපත් වුණා. හැබැයි අධ්‍යාපනය සම්බන්ධ කාරණා ගැන එතෙන්දි කොරියානු රජය ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළා. ඔවුන් අයිඑම්එෆ් එක කියන සියලු දේවල් ඒ විදිහටම භාරගත්තේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒ අර්බුදයෙන් පසුව කොරියාවේ පැවති අධ්‍යාපන පද්ධතිය තවත් ශක්තිමත් වුණා.
👉 හැබැයි අද ඊනියා වාමාංශික රතු රෙදි පොරවාගත් ලංකාවේ රූකඩ ආණ්ඩුව සියලු දේ පසෙක තබා ඩොලර් මිලියන 200ක මුදලක් වෙනුවෙන් රටේ දරුවන්ගේ අනාගතය උගසට තැබීමට සැරසෙමින් ඉන්නවා.
👉 මේ අඳුරු පින්තූරය පිළිබඳ හසරක් නොදන්නා අපේ ඇතැම් පිරිස් පොත් බෑගයේ බර, ටියුෂන්කාරයන් නැති කිරීම, දරුවන්ගේ සතුට වැනි ඉතාම ළාමක බාල සිල්ලර සටන් පාඨ මත පිහිටා මේ විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හුරේ දමමින් සිටිනවා.
👉 අප කෙතරම් අප්‍රබුද්ධ සමාජයක්ද? යන්න ගැඹුරින් සිතා බැලීමට මෙය කදිම අවස්ථාවක්. හැබැයි අප දැන් ඉන්නේ ඉතාම අනතුරුදායක තැනක. මේ විනාශය නතර කිරීම සඳහා අපට තව ඉතිරි වී ඇත්තේ ඉතාම කෙටි කාලයක් පමණයි. ඒ කාලයත් මේ විදිහට නිද්‍රාශීලිව ගෙවී ගියොත් එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ ඔබේ දරුවාට බව අමතක කරන්න එපා.
(මුහුණුපොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..