News Category
From Date
To Date
Maximum Number of Result

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය රජය සතු වුවත්, ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් තවමත් සකස් කර නොමැති බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් කියා සිටියේය.

LGBTQIA+ අනන්‍යතාව හුදෙක් පෞද්ගලික කාරණයක් නම්, එය ඩොලර් බිලියන ගණනක සහාය ඇතිව විශාල ගෝලීය ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ කෙසේ ද? සහ 1990 ගණන්වල සිට ස්ත්‍රී පුරුෂ භාවය සංක්‍රාන්තිය පිළිබඳ උනන්දුව මෙතරම් තියුනු ලෙස වැඩි වී ඇත්තේ ඇයි? දැයි ප්‍රවීන මාධ්‍යවේදිනී ශෙනාලි වඩුගේ මහත්මිය විසින් ප්‍රශ්න කරයි.

යුරෝපා සංගමය අත් හිටුවා ඇති රුසියානු වත්කම් යුක් රේනයට ණය ලෙස ලබා දීමට යුරෝපා සංගමයේ සාමාජිකයන් අතර පවතින සාකච්ඡාව යථාර්ථයක් වුවහොත් යුරෝපයට බරපතල වන්දි ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ විමර්ශන කටයුතු සිදු කිරීමේ අරමුණින් ස්ථාපිත කළ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය අද (ඔක්. 20) විවෘත කෙරිණි.

වෙනිසියුලාව තුළ සීඅයිඒ මෙහෙයුම් සඳහා තමන් අවසර දුන් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පිළිගැනීම වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ හෙළා දැක ඇති අතර, එය මෙත්ක් සිදු නොවූ ලෙස වොෂින්ටනය වෙනත් රටක පාලන තන්ත්‍රයක් වෙනස් කිරීමට විවෘතවම කටයුතු කිරීම සඳහා සාක්ෂියක් බව අවධාරණය කළේය.

අද සිදු වූ මංකොල්ල කැමක් හේතුවෙන් පැරිසියේ ලූවර් කෞතුකාගාරය වසා දමා ඇති බව ලූවර කෞතුකාගාරයේ පාලන් අධිකාරිය පැවසූ බව පංශ මාධ්‍ය ආයතන වාර්තා කරයි.

අලුතින් පත් වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර් මහතා තම සංවිධානය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉල්ලා තිබේ.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අදාළව හෙවත් එරෙහිව 60/1 නමින් සුපුරුදු යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර, මේ නව ප්‍රවණතා ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝල්ටර් ටූර්ක් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අතර ඇති කරගෙන ඇති එකඟතාවයකට අනුව එම ක්‍රියාවලිය සිදුවන බවට බරපතළ සැකයක් ඇතිවී තිබෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.