

ඊයේ(22) රාත්‍රියේ රුසියාව සිය නූතන ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු විය. මොස්කව් නගරයට මදක් ඔබ්බෙන් පිහිටි ක්‍රොකස් සිටි හෝල් (Crocus City Hall) නම් මොස්කව් නගරයෙන් පිටත පිහිටි ප්‍රධානතම විනෝදාස්වාද සංකීර්ණය මෙම ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු විය. ශාලාවේ පැවැත්වෙමින් තිබූ සංගීත සංදර්ශනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් විශාල පිරිසකට තුවාල සිදු කළහ .

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුට බලය ලැබුණේ ජනවරම හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය අතහැරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ කරමින් සිටින සහ කිරීමට සැලසුම් කර ඇති බොහෝ දේවල් කිරීමට, මේ රටේ ජනයාගේ සැබෑ ජනවරමක් නැත. ඇත්තවශයෙන්ම මේ තවමත් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම මිස අන් කිසිවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
දේශීය පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
කැනඩාවේ දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත කැනඩාවේ අධිකරණයේදී පරාජය කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වෙන සම්මන්ත්‍රණයක්
’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාරයි
උපකාර පන්ති ගුරුවරියට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්
ආණ්ඩුව ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නැගුවා - ඉන්දික අනුරුද්ධ
මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්‍රතිඵල
තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
දළදා මාලිගාවට ගැසූ අය ඊට සමාව ගැනීමට කටයුතු කිරීම ඉතාම හොඳ ක්‍රියාවක් - රනිල් වික්‍රමසිංහ
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
