වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ දෙවැනි මහ පුටුව යුක්තිය ඉල්ලා උසාවි යන්න සැරසේ..
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක්කර ඇති අතර, පසුගිය සිකුරාදා (23දා) රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත.
කථානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිල නියෝජිතයන් වන අතර පැවැති රැස්වීමට කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි අනූෂා රෝහණදීර යන මහත්ම මහත්මීහු සහභාගිව සිටියහ.
චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා කැඳවා ඔහුගෙන් නිදහසට කරුණු විමසා නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මෙහිදී අදහස් දක්වා තිබිණි. නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ “මූලික පරීක්ෂණය” ව්‍යවස්ථාපිත නීතිය සහ ස්ථාපිත පරිපාලන රිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මෙම ක්‍රියාවලිය හුදු පරිපාලනමය පියවරක් නොව, ද්වේශසහගත චේතනාවෙන් සහ බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදුකරන්නක් බවට පවතින සාක්ෂි මගින් තහවුරු වී ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කථානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි තිබූ සැකය මත ඔහුට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.
මේ අතර චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න මහතාට සමීප ආරංචි මාර්ග පැවසුවේ ඔහුට මෙම වැඩතහනම පනවා ඇත්තේ ස්වභාවික යුක්තියේ මූලික මූලධර්මවලට පවා පටහැනිව බවටයි. එම නිසා උත්තරීතර අධිකරණය හමුවට ගොස් යුක්තිය ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි. පරීක්ෂණ අවසන් වන තෙක් නියෝජ්‍ය මහලේකම්වරයාට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීම ද තහනම් කර ඇතත් ඊයේ වන තුරුත් ඔහුට චෝදනා පත්‍රයක් ද ලබා දී නැති බව ආරංචි මාර්ග පවසයි.
චමින්ද කුලරත්න මහතාට එරෙහිව අදාළ පරීක්ෂණය පවත්වා ඇත්තේ ඔහු තම තනතුරට අදාළ පත්වීම ස්ථිර කර ගැනීමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම නිසා බවට ද සඳහන් වේ.
මීට පෙර කුලරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනපති අගමැති හා විපක්ෂනායකව සිටියදී ඔහුගේ අතිරේක ලේකම්වරයකු ලෙස ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයකු ලෙස ද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිරේක ලේකම්වරයකු ලෙස ද අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායක අතිරේක ලේකම් ධුර හොබවා ඇත. හෙතෙම 2023 වසරේදී පාර්ලිමේන්තුවේ අදාළ තනතුරට පත්වී තිබේ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..