News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ජන හමුවක් අමතමින්, පුරාවිද්‍යා රක්ෂිත භූමි සලකුණු ඉවත් කිරීම පිළිබඳව රජයට දැඩි චෝදනා එල්ල කළේය.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පසුගිය දා බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැටි්‍රක් බ්‍රවුන් විසින් දෙමළ ඊළාම් ධජය ඔසවමින් එල්.ටී.ටී.ඊ සංකේත ප්‍රදර්ශනය කිරීම හෙළා දකිමින් යාපනය සිවිල් සමාජ මධ්‍යස්ථානයේ සභාපති අරුන් සිද්ධාර්ථන් මහතා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩාවේ මහ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

මාලිමා ආණ්ඩුව ජාවාරම්කාරයන් මුලිනුපුටා දමන බවට වහසි බස් දෙඩුව ද රුපියල් ට්‍රිලිනයකට අධික බදු පොලු තැබූ සියලු ජාවාරම්කාරයන් වර්තමාන ජනාධිපති යටතේ ඉතාම සුරක්ෂිත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජිනීවාවල රඟදැක්වූ නාට්‍යයේ පටපත ලියූ අය සතුටු කිරීම සඳහා ආණ්ඩුව සෑම උත්සාහයක්ම දරන බවත්, ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු නොකරන්නේ නම් ඊළඟ මැතිවරණය දිනාගත නොහැකි බවට ප්‍රකාශයක් අධිකරණ අමාත්‍යවරයා ඉකුත් දා රූපවාහිනී නාලිකාවක දී පැවසූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මඩකළපුව ප‍්‍රදේශයේ මන්මුනෙයි දකුණ, කෝරළපත්තු - වාලච්චේන ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා සභාවේ කුණු ලොරියේ පටවන් යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

තායිවාන් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපාන අගමැතිනි සානේ ටකයිචි විසින් මෑතකදී කරන ලද ප්‍රකෝපකාරී ප්‍රකාශ චීන ජාතිකයන් අතර දැඩි කෝපයක් මෙන්ම ජගත් යුද විරෝධී සහ අධිරාජ්‍ය විරෝධී ජනයා අතර වික්ෂිප්තභාවයක් ඇති කිරීමටද සමත්ව ඇති අතර මේ සම්බන්ධයෙන් ග්ලෝබල් ටයිම්ස් හි පලවූ ලිපියක සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.

පාසැල රැකුණොත් ගම රැකෙන බවත්, ගම රැකුනොත් පන්සල රැකෙන බවත්, උතුරට අවශ්‍ය මේ සංකල්පය බවත් සිසු සෙවණ සංවිධානයේ සභාපති කෝසල පත්තිනිගේ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්‍රහණයෙන් මෙරට ආර්ථිකය මුදාගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙලක් මෙවර අයවැයේ සඳහන්ව නොමැති බව ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පුද්ගලයන් 26 දෙනෙකුගේ කුරිරු ඝාතන වලට සහ පුද්ගලයන් 64 දෙනෙකු සදාකාලික ආබාධිතයින් බවට පත්කිරීමට සෘජුව වගකිවයුතු ආනන්ද සුධාකරන් යනු දේශපාලන සිරකරුවෙකු නොවන අතර ඔහු කුරිරු ත්‍රස්තවාදියෙකු බව සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුණ් සිද්ධාර්ථ් මහතා පවසයි..


දේශීය පුවත්

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුම් වෙනුවට උන්වහන්සේලාගේ ශාසනික නිල ඇඳුම වන සිවුර පොරවාගෙන යාමට නීතිමය ඉඩක් සලසා දෙන ලෙස ඉල්ලමින් යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇත.

උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. - මිහින්තලා හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පැමිණවීම වත්මන් ආණ්ඩුවට කිසිදා මකා දැමිය නොහැකි ඉතිහාසගත කළු පැල්ලමක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තැබීමේ ස්ථානයක් ලෙස ගැසට් කෙරේ..

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිල සංචිත වත්කම් සැප්: මාසයේදී 1.1% කින් පහළට..

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක ප්‍රමාණය සැප්තැම්බර් මාසය වන විට 1.1% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..

අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය.

සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..

ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.