News Category
From Date
To Date
Maximum Number of Result

කඩවර වැව ආශ්‍රිත දෙමලිය - කුඩාඔය අලි නිජබිමේ වනාන්තර අක්කර 250 ක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි කෘෂි ව්‍යාපාරිකයන් අතර බෙදා දීමට සූදානම් වෙයි..

Jan 25, 2026 at 06:05 AM
|

කඩවර වැව ආශ්‍රිත දෙමලිය - කුඩාඔය අලි නිජබිමේ වනාන්තර අක්කර 250 ක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි කෘෂි ව්‍යාපාරිකයන් අතර බෙදා දීමට සූදානම් වන බවත්, මෙම රජයේ වනාන්තර ඉඩම් බෙදා දීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් නිර්මාණය කරමින් මන්ත්‍රිවරිය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ පසුගිය ආණ්ඩු පැවති සමයේ දී ප්‍රදේශයේ දේශපාලඥයන් විසින් ක්‍රියාත්මක කළ ඉඩම් කොල්ලයම වීම කනගාටුවට කරුණක් බවත්  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසයි.

ඔහු මේ පිළිබඳව තොරතුරු හෙළිකරමින් සිය මුහුණු පොතේ තබා ඇති සටහන පහළින්..

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඩවර වැව ආශ්‍රිත වනාන්තර අක්කර 250 ක් කෘෂි ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අතර බෙදා දීමට ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි සූදානම් වේ. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වන දෙමලිය - වන්දම අලි මංකඩ රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන අතරතුර ඇය විසින් නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මෙම ඉඩම් සියල්ල කඩිනමින් බෙදා දීමට පියවර ගන්නා ලෙස ය. 

දෙමලිය - වන්දම අලි මංකඩ හා සම්බන්ධ කඩවර වැව ආශ්‍රිත මෙම රජයේ වනාන්තර ඉඩම් බෙදා දීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් නිර්මාණය කරමින් මන්ත්‍රිවරිය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ පසුගිය ආණ්ඩු පැවති සමයේ දී ප්‍රදේශයේ දේශපාලඥයන් විසින් ක්‍රියාත්මක කළ ඉඩම් කොල්ලය ම වීම කනගාටුවට කරුණකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සභාපති ජගත් පුෂ්පකුමාර විසින් සිදු කළ ආකාරයට ම දැවැන්ත අලි - මිනිස් ගැටුමක් නිර්මාණය කරමින් රජයේ වනාන්තර ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු අතර බෙදා දීමට වර්තමාන රජයේ චතුරි ගංගානි මන්ත්‍රිනිය ද සූදානම් වීමෙන් පෙනී යන්නේ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් සමස්ත දේශපාලන යාන්ත්‍රණය ම හසුරුවන බව ය. 

මෙම වනාන්තර ප්‍රදේශයේ අලි - ඇතුන් 120 ක් පමණ ජීවත් වන අතර මෙම ඉඩම් බෙදා දීම හේතුවෙන් මෙම සතුන් ගේ වාසස්ථාන අහිමි වීමෙන් තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට අලි - ඇතුන් පිවිසීම වර්ධනය වී දරුණු අලි - මිනිස් ගැටුමක් නිර්මාණය වනු ඇත. 

හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. මෙම වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන් ම කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශ වෙති. මීට අමතර ව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය - වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබේ. 

වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය - කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.

මෙවන් වූ නීතිමය තත්ත්වයන් යටතේ පාලනය වන දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තරයට අයත් කඩවර වැව ආශ්‍රිත වනාන්තර පද්ධතිය විනාශ කිරීමට නියෝග කිරීමෙන් මන්ත්‍රිනී චතුරි ගංගානි සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීමකි. 

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අහිමි කිරීම

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම ජනතා ව සමඟ සම්මුතිගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක් කොටසෙහි මූලධර්ම ලෙස දක්වා ඇත්තේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය, පරිසර පද්ධති ප්‍රවේශය, පාරිසරික යහපාලනය හා පාරිසරික ආරක්ෂාව යන සංකල්පයන් ය. එපමණක් නොව සංවේදී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම වැනි සාධනීය කරුණු ගණනාවක් සඳහන් කර තිබේ. එපමණක් නොව මෙහි සඳහන් කර ඇත්තේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ ව නිසි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ය.

නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි සූදානම් වන්නේ අලි - ඇතුන් පමණක් නොව ප්‍රදේශවාසීන් ව ද දැවැන්ත අනතුරකට ලක් කිරීමට ය. මේ පිටුපස සිටින රජයේ ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණයෙන් වගා කටයුතු සිදු කරන පුද්ගලයන් පිළිබඳ අවබෝධයකින් තොර ව මෙම ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරිය කටයුතු කරන්නේ ද යන්න ගැටළුවකි. 

මෙම ප්‍රදේශයේ අලි - මිනිස් ගැටුම පිළිබඳ ව හා ඉඩම් කොල්ලය පිළිබඳ ව අධ්‍යයනය කරමින් එම තත්ත්වයන් පාලනය කිරීමට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස අප අවධාරණය කරන්නේ දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තරය වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස කඩිනමින් ප්‍රකාශයට පත් කර කඩවර වැව හා ඒ ආශ්‍රිත සමස්ත වනාන්තර පද්ධතිය සුරක්ෂිත කිරීමෙන් මෙම ප්‍රදේශයේ ක්‍රමිකව වර්ධනය වන අලි - මිනිස් ගැටුම පාලනයට පියවර ගත යුතු බව ය.


සම්බන්ධිත පුවත් | Related News

අමෙරිකාවේ සිදුවූ ඓතිහාසික සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් එරට පුරා අද දින විශේෂ අනුස්මරණ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අගවිනිසුරුවරයාගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිටුපස බරපතළ බ්ලැක්මේල් කිරීමක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
රටවල් සහ කලාප 70කට වැඩි සංඛ්‍යාවක නියෝජනය සහිතව රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් 6,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 11 වන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව ඊයේ (09) හොංකොං හිදී සාර්ථකව ආරම්භ විය.
මෙරටට ගෙන එන ලද ගල් අඟුරු නැව් 19 තුළින් මෙට්‍රික් ටොන් 120,000ක ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 462ක් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය තමන්ට අවශ්‍ය නැති බවත් වහාම ඔහු කතානායක ධුරයෙහි නැවත පිහිටුවන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
රුසියා–යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සටන් විරාමයක් ඉල්ලා සිටින යුරෝපා නායකයන්ගේ අරමුණ වන්නේ, දැනට කියෙව්හි බලයේ සිටින ආක්‍රමණශීලී රුසියා විරෝධී ආණ්ඩුව එම ස්වරූපයෙන්ම ආරක්ෂා කර ගැනීම බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින්, කොටුව මහේස්ත්‍රාන්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (10) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.

ප්‍රධාන පුවත්

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.