News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය, යුද ගැටුම් අවම කිරීම සහ දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා ‘පියවර තුනක’ ක්‍රමවේදයක් යෝජනා කරනවා- චීනයේ ඉරාන තානාපති චීන මාධ්‍ය වෙත පවසයි

Mar 10, 2026 at 04:01 PM
|

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල හමුදා ප්‍රහාර 11 වන දිනටත් පිවිස ඇති තතව්යක් තුළ චීනයේ ඉරාන තානාපති අබ්ඩොල්රේසා රහ්මානි ෆස්ලි ඊයේ(09) රටේ වත්මන් අර්බුදය සහ එහි විදේශ ප්‍රතිපත්තියේ දිශාව පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එම මාධ්‍ය හමුවේදී ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ෆස්ලි පැවසුවේ, නව උත්තරීතර නායකයාගේ නායකත්වය යටතේ, ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් විසින් ගැටුම් අවම කිරීම සහ දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා කරන ලද “පියවර තුනක” යෝජනා ක්‍රමයක් අනුගමනය කිරීම සඳහා ඉරානය පෙනී සිටින බව පැවසීය.

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි තෝරා ගත් බව ඉරානයේ විශේෂඥයින්ගේ සභාව පසුගිය 8 වනදා නිවේදනය කළේය.

ඊයේ(09) තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී, ෆස්ලි, ග්ලෝබල් ටයිම්ස් වාර්තාකරු විමසූ, නව උත්තරීතර නායකයාගේ නායකත්වය යටතේ, ඉරානය දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් අර්බුදය විසඳීම දිගටම කරගෙන යනු ඇත්ද? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆස්ලි පැවසුවේ, ගැටුම් අවම කිරීම සහ පවතින තත්ත්වයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා දුරකථන සංවාදයක් මගින් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් විසින් යෝජනා කරන ලද පියවර තුනකින් යුත් සැලැස්මක් අනුගමනය කිරීම සඳහා ඉරානය පෙනී සිටින බවයි.

එම යෝජනා ක්‍රමයේ පළමු පියවර වන්නේ යුද්ධය අවසන් කර සටන් විරාමයක් ලබා ගැනීමයි. ඒ අනුව ආරම්භක පාර්ශවය විසින් මුලින්ම යුද්ධය නතර කළ යුතු බව ෆස්ලි අවධාරණය කළේය. ඔහුට අනුව, එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට සියලු හමුදා ප්‍රහාර වහාම නතර කිරීමට බල කිරීමට පියවර ගැනීම අවශ්‍ය වේ.

ඔහු ඉදිරිපත් කළ දෙවන පියවර වන්නේ සාකච්ඡා මේසයට නැවත පැමිණීමයි. නමුත් මෙම පියවර සාක්ෂාත් කර ගැනීම දුෂ්කර ය. එනම් කළ නොහැක්කකි යනුවෙන් පැවසූවේ, "අපි තවදුරටත් එක්සත් ජනපදය විශ්වාස නොකරන නිසා," යැයි තානාපතිවරයා අවධාරණය කළේය. කෙසේ වුවද "ප්‍රධාන ලෝක බලවතුන්ට සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සාකච්ඡාවලට මැදිහත් වී සාකච්ඡා අතරතුර තවදුරටත් ආක්‍රමණශීලී ක්‍රියාවන් සිදු නොවන බව සහතික කිරීම සඳහා බැඳීම් සහ උල්ලංඝනය කළ නොහැකි සහතික ලබා දිය හැකි නම් සහ සාකච්ඡාවල ප්‍රතිඵලය ආරක්ෂා කිරීම සඳහා කල් පවතින සහ විශ්වාසදායක යාන්ත්‍රණයක් ස්ථාපිත කළ හැකි නම් " මෙම පියවර සාර්ථක කර ගත හැකි බව ෆස්ලි අවධාරණය කළේය.

"තෙවන පියවර ලෙස, ඒකපාර්ශ්විකත්වයට ඒකාබද්ධව විරුද්ධ වීමට සහ බහුපාර්ශ්විකත්වයේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සියලුම රටවල් එක්සත් වී සහයෝගයෙන් කටයුතු කළ යුතුය." යනුවෙන් තානාපතිවරයා අවධාරණය කළේය.

"ඉහත මූලධර්මවලට සම්පූර්ණයෙන්ම ගරු කර ක්‍රියාත්මක කිරීම මත පදනම්ව, අදාළ සංවාදය නැවත ආරම්භ කිරීමට අපි සූදානම්" තානාපති ෆස්ලි පැවසීය.

මැදපෙරදිග ගැටලුව පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත ෂායි ජුන් පසුගිය 8 වනදා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) මහලේකම් ජාසෙම් මොහොමඩ් අල්බුදායිවි හමුවූ බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ(09) නිවේදනය කළේය.

චීනය තවදුරටත් ඵලදායී කාර්යභාරයක් ඉටු කරන බවත් සාමය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට, සතුරුකම් අවසන් කිරීමට සහ ආතතීන් අවම කිරීමට GCC සහ ගල්ෆ් රටවල් සමඟ කටයුතු කරන බවත් ෂායි පැවසීය. තානාපති ෆස්ලි චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් අගය කරමින් අදහස් දැක්වූ අතර චීනයේ  මැදත්වීම සාර්ථක වනු ඇතැයි අපේක්ෂා පල කළේය.

"යුද්ධය අවසන් කිරීමට සහ තවදුරටත් ආක්‍රමණ වැළැක්වීමට චීනය ගන්නා ඕනෑම පියවරක් අපි සාදරයෙන් පිළිගනිමු. ප්‍රධාන බලවතෙකු ලෙස, චීනය කලාපයේ සහ ලෝකයේ සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. සංවාදය හරහා චීනයට අදාළ පාර්ශවයන් සංයමයෙන් කටයුතු කිරීමට දිරිමත් කළ හැකි බව අපි විශ්වාස කරන අතරම ඒ වෙනුවෙන් අපි බලාපොරොත්තු දල්වා සිටිනවා." ෆස්ලි ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය.

සම්බන්ධිත පුවත් | Related News

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ලබන 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) නියෝග කළේය.
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.
රෙන්අයි ජියාඕ (Ren’ai Jiao) ප්‍රදේශයේ මෑතකදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පිලිපීනයේ චෝදනා අනුගමනය කරමින් ප්‍රකාශ නිකුත් කළ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (DPP) බලධාරීන් චීනයේ ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු විසින් අද(21) දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති විශාල නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීමට අවස්ථාව සැලසෙන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි විසින් ආරක්ෂක අමාත්‍ය මිහායිල් ෆෙදොරොව් යුක්රේන රජයේ අමාත්‍ය මණ්ඩලය විශාල ලෙස ප්‍රතිසංවිධානය කිරීමේදී ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන්, තමන්ට තවත් බලවත් දේශපාලන ප්‍රතිවාදියෙකු බිහි කරගෙන ඇති බව යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු The Times පුවත්පතට ප්‍රකාශ කර ඇත.
යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක සයිබර් අපරාධය, දශක ගණනාවක් පුරා පද්ධතිය තුළ පැවති පාලන හා පරිපාලනමය දුර්වලතාවල ප්‍රතිඵලයක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ප්‍රධාන පුවත්

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.