News Category
From Date
To Date
Maximum Number of Result

නොවැම්බර් 1 වනදා සිට ඇමරිකාවට ආනයනය කරනු ලබන චීන භාණ්ඩ සඳහා සියයට 155 ක තීරුබදු පැනවීමේ සිය සැලසුම් ඉදිරියට ගෙන යන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

කැරිබියන් මුහුදේ නාවිකා හමුදා ස්ථාන ගත කර සිටින එක්සත් ජනපදයේ තර්ජන හමුවේ රුසියානු රජය නැවත වරක් වෙනිසියුලා ජනතාවට සහ රජයට සිය සහයෝගය දක්වන බව ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය අත් හිටුවා ඇති රුසියානු වත්කම් යුක් රේනයට ණය ලෙස ලබා දීමට යුරෝපා සංගමයේ සාමාජිකයන් අතර පවතින සාකච්ඡාව යථාර්ථයක් වුවහොත් යුරෝපයට බරපතල වන්දි ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.

වෙනිසියුලාව තුළ සීඅයිඒ මෙහෙයුම් සඳහා තමන් අවසර දුන් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පිළිගැනීම වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ හෙළා දැක ඇති අතර, එය මෙත්ක් සිදු නොවූ ලෙස වොෂින්ටනය වෙනත් රටක පාලන තන්ත්‍රයක් වෙනස් කිරීමට විවෘතවම කටයුතු කිරීම සඳහා සාක්ෂියක් බව අවධාරණය කළේය.

අද සිදු වූ මංකොල්ල කැමක් හේතුවෙන් පැරිසියේ ලූවර් කෞතුකාගාරය වසා දමා ඇති බව ලූවර කෞතුකාගාරයේ පාලන් අධිකාරිය පැවසූ බව පංශ මාධ්‍ය ආයතන වාර්තා කරයි.

රුසියානු විද්‍යා හා උසස් අධ්‍යාපන අමාත්‍ය වැලරි ෆල්කොව් මහතා "රුසියානු අධ්‍යාපන හා විද්‍යා තානාපති" යන පදවි පිරිනමන 3 වැනි උත්සවය පැවැත්වීය.

මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උග්‍රවන විරෝධතා සහ හමුදා කැරැල්ලක් මධ්‍යයේ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා ප්‍රංශ හමුදා ගුවන් යානයකින් රටින් පිටතට ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.