ලූවර් කෞතුකාගාරය කොල්ල කෑවා -ප්‍රංශ සංස්කෘතික ඇමති
අද සිදු වූ මංකොල්ල කැමක් හේතුවෙන් පැරිසියේ ලූවර් කෞතුකාගාරය වසා දමා ඇති බව ලූවර කෞතුකාගාරයේ පාලන් අධිකාරිය පැවසූ බව පංශ මාධ්‍ය ආයතන වාර්තා කරයි. මේ අතර තහවුරු නොකළ මාධ්‍ය වාර්තා වලින් අනාවරණය වූයේ අපරාධකරුවන් කිහිප දෙනෙකු නැපෝලියන්ගේ ආභරණ එකතුවෙන් කොටස් නවයක් සොරකම් කර තිබෙන බවයි.
මෙම සිද්ධිය ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය රචිඩා ඩැටි විසින් සිය X හි ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ “අද උදෑසන ලූවර් කෞතුකාගාරය විවෘත කිරීමේදී මංකොල්ලයක් සිදු වූ” බවයි. තුවාලකරුවන් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව පවසන ඇය මේවන විට පොලිස් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව තවදුරටත් පැවසුවාය. කෙසේ වුවද ඇය වැඩිදුර විස්තර ලබා දීමට කටයුතු කළේ නැත.
“සුවිශේෂී හේතූන්” නිසා එය දවස පුරා වසා තබන බව කෞතුකාගාර පාලන අධිකාරිය පැවසීය.
ලේ පැරිසියන් පුවත්පත පොලිසිය විසින් කළ මූලික පරීක්ෂණයක තොරතුරු උපුටා දක්වමින් පවසා සිටියේ, ලෝකයේ වැඩිපුරම නැරඹූ කලා කෞතුකාගාරය වන ලුවර කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ගොඩනැගිල්ලක් හරහා හිස් ආවරණ පැළඳ සිටි අපරාධකරුවන් කිහිප දෙනෙකු කඩා වැදුනු බවයි. ඉන් පසුව එම කණ්ඩායම ප්‍රංශයේ ඓතිහාසික රාජකීය ආභරණවලින් කොටසක් තැන්පත් කර ඇති ඇපලෝ ගැලරියේ කාමරයකට පිවිසීමට භාණ්ඩ ප්‍රවාහන සෝපානයක් භාවිතා කළ බවයි.
නැපෝලියන් අධිරාජ්‍යා සහ අධිරාජිනියගේ ආභරණ එකතුවෙන් මාලයක්, හාරිච්චියක්(ඇඳුම් එකට කර තැබීමට භාවිත කරන සාරි කටුවක් වැනි කටුවක් ), හිස පළඳනවාක් සහ තවත් භාණ්ඩ කිහිපයක් ඇතුළුව කෞතුක භාන්ඩ නවයක් සොරුන් විසින් සොරකම් කර ඇති බව පුවත්පත පවසයි. කෙසේ වෙතත්, ඩොලර් මිලියන 60 කට වඩා වටිනා යැයි ඇස්තමේන්තු කර ඇති කැරට් 140 ක රීජන්ට් දියමන්තිය සොරුන් හට සොරා ගැනීමට නොහැකිවී ඇති බවද පැවසේ.
ලේ පැරිසියන් පුවත් පතට අනුව සොරකම් කරන ලද භාණ්ඩවලින් එකක්, III වන නැපෝලියන් අධිරාජ්‍යාගේ කලත්‍රයා වන ඉයුජිනි අධිරාජ්‍යනියගේ කැඩුණු ඔටුන්නක් ලෙස පෙනී යන බවත් එය, කෞතුකාගාරයෙන් පිටත තිබී ඇති බවත්ය.
Crown of Empress Eugenie. © Wikipedia

Louvre robbed – culture minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..