ලූවර් කෞතුකාගාරය කොල්ල කෑවා -ප්‍රංශ සංස්කෘතික ඇමති
අද සිදු වූ මංකොල්ල කැමක් හේතුවෙන් පැරිසියේ ලූවර් කෞතුකාගාරය වසා දමා ඇති බව ලූවර කෞතුකාගාරයේ පාලන් අධිකාරිය පැවසූ බව පංශ මාධ්‍ය ආයතන වාර්තා කරයි. මේ අතර තහවුරු නොකළ මාධ්‍ය වාර්තා වලින් අනාවරණය වූයේ අපරාධකරුවන් කිහිප දෙනෙකු නැපෝලියන්ගේ ආභරණ එකතුවෙන් කොටස් නවයක් සොරකම් කර තිබෙන බවයි.
මෙම සිද්ධිය ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය රචිඩා ඩැටි විසින් සිය X හි ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ “අද උදෑසන ලූවර් කෞතුකාගාරය විවෘත කිරීමේදී මංකොල්ලයක් සිදු වූ” බවයි. තුවාලකරුවන් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව පවසන ඇය මේවන විට පොලිස් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව තවදුරටත් පැවසුවාය. කෙසේ වුවද ඇය වැඩිදුර විස්තර ලබා දීමට කටයුතු කළේ නැත.
“සුවිශේෂී හේතූන්” නිසා එය දවස පුරා වසා තබන බව කෞතුකාගාර පාලන අධිකාරිය පැවසීය.
ලේ පැරිසියන් පුවත්පත පොලිසිය විසින් කළ මූලික පරීක්ෂණයක තොරතුරු උපුටා දක්වමින් පවසා සිටියේ, ලෝකයේ වැඩිපුරම නැරඹූ කලා කෞතුකාගාරය වන ලුවර කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ගොඩනැගිල්ලක් හරහා හිස් ආවරණ පැළඳ සිටි අපරාධකරුවන් කිහිප දෙනෙකු කඩා වැදුනු බවයි. ඉන් පසුව එම කණ්ඩායම ප්‍රංශයේ ඓතිහාසික රාජකීය ආභරණවලින් කොටසක් තැන්පත් කර ඇති ඇපලෝ ගැලරියේ කාමරයකට පිවිසීමට භාණ්ඩ ප්‍රවාහන සෝපානයක් භාවිතා කළ බවයි.
නැපෝලියන් අධිරාජ්‍යා සහ අධිරාජිනියගේ ආභරණ එකතුවෙන් මාලයක්, හාරිච්චියක්(ඇඳුම් එකට කර තැබීමට භාවිත කරන සාරි කටුවක් වැනි කටුවක් ), හිස පළඳනවාක් සහ තවත් භාණ්ඩ කිහිපයක් ඇතුළුව කෞතුක භාන්ඩ නවයක් සොරුන් විසින් සොරකම් කර ඇති බව පුවත්පත පවසයි. කෙසේ වෙතත්, ඩොලර් මිලියන 60 කට වඩා වටිනා යැයි ඇස්තමේන්තු කර ඇති කැරට් 140 ක රීජන්ට් දියමන්තිය සොරුන් හට සොරා ගැනීමට නොහැකිවී ඇති බවද පැවසේ.
ලේ පැරිසියන් පුවත් පතට අනුව සොරකම් කරන ලද භාණ්ඩවලින් එකක්, III වන නැපෝලියන් අධිරාජ්‍යාගේ කලත්‍රයා වන ඉයුජිනි අධිරාජ්‍යනියගේ කැඩුණු ඔටුන්නක් ලෙස පෙනී යන බවත් එය, කෞතුකාගාරයෙන් පිටත තිබී ඇති බවත්ය.
Crown of Empress Eugenie. © Wikipedia

Louvre robbed – culture minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්