News Category
From Date
To Date
Maximum Number of Result

යුරෝපා සංගමය අත්හිටවූ රුසියානු වත්කම් යුක්රේනයට ණය ලෙස ලබාදීම භයානක ප්‍රතිඵල ගෙන දීමට හේතු වනවා - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය යුරෝපා සංගමයට පවසයි

Oct 21, 2025 at 12:09 PM
|

යුරෝපා සංගමය අත් හිටුවා ඇති රුසියානු වත්කම් යුක් රේනයට ණය ලෙස ලබා දීමට යුරෝපා සංගමයේ සාමාජිකයන් අතර පවතින සාකච්ඡාව යථාර්ථයක් වුවහොත් යුරෝපයට බරපතල වන්දි ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. ඊයේ(20) රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනය පහතින්...


යුරෝපයේ "අත් හිටවූ" රුසියානු ස්වෛරී වත්කම් භාවිතා කිරීමට යුරෝපා සංගමය කළ මුලපිරීම පිළිබඳවයි

2024 ජූලි මාසයේ සිට යුරෝපයේ "අත්හිටුවා ඇති" රුසියානු ස්වෛරී වත්කම් භාවිතා කිරීම පිළිබඳ නව යුරෝපා සංගමයේ මුලපිරීම් පිළිබඳව, යුරෝපා කොමිසම නිශ්චල රුසියානු සංචිත වලින් ලැබෙන ආදායම් කළමනාකරණය කරමින්, කියෙව් පාලන තන්ත්‍රයේ අවශ්‍යතා වෙත යොමු කරමින් සිටියි. මෑතකදී, යුරෝපීය අධිකරණ බල ප්‍රදේශය තුළ අත්හිටුවූ රුසියානු ස්වෛරී වත්කම් නීති විරෝධී ලෙස භාවිතා කිරීමේ ක්‍රම සොයා ගැනීම අරමුණු කරගත් යුරෝපා කොමිසමේ සහ යුරෝපීය සංගමයේ අගනගර අතර නව අඛණ්ඩ සාකච්ඡාවක් පවතින බව යුරෝපීය මාධ්‍ය පුළුල් ලෙස වාර්තා කළේය.2022 පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින්ම පනවන ලද සීමාවන් හේතුවෙන් 2025 සැප්තැම්බර් 26 වන දින යුරෝපීය කොමිසම රුසියානු බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන බැඳුම්කර කල් පිරීම සහ මෙම අරමුදල් සමඟ කිසිදු නව ගනුදෙනුවක් සිදු කිරීමට නොහැකි තත්වයක් උදා වුණි. ඒ හේතුවෙන් බෙල්ජියම් තැන්පතු EurOclear  හි රැස් කරගත් අරමුදල් භාවිතා කරමින් ඊනියා "යුක්රේන මුලපිරීමට රුසියානු වන්දි ගෙවීමේ මුලපිරීම" ඉදිරිපත් කරනු ලැබීය. යුරෝපා කොමිසමට අනුව, රුසියාවේ ස්වෛරී වත්කම්වලට අදාළව EurOclear හි රැස් කරගත් මුළු අරමුදල් ප්‍රමාණය යුරෝ බිලියන 176 ත් 185 ත් අතර අගයක පවතී. යුරෝපා කොමිසමේ ප්‍රධාන අදහස වන්නේ මෙම අරමුදල් යුරෝපා සංගමය වෙත හරවා යැවීමයි, එමඟින් දෙවැන්න EurOclear  සමඟ ගැලපෙන ණය ගිවිසුමකට එළඹීමට අවශ්‍ය වන අතර එමඟින් ශුන්‍ය පොලී අනුපාතයක් ලබා දීමට හැකි වනු ඇත. එවිට යුරෝපා කොමිසමට ලැබෙන අරමුදල් යුක්රේනය සඳහා සීමිත ප්‍රතිපාදන ණයක් සඳහා අවශ්‍ය මුදල් පියවා ගැනීමට භාවිතා කළ හැකිය.එලෙසම කියෙව් පරිපාලනයට මෙම ණය ආපසු ගෙවීමට අවශ්‍ය වන්නේ රුසියාවෙන් වන්දි ලැබෙන්නේ නම් පමණි. යුරෝපා කොමිසමේ මෙම නව මුලපිරීම සම්බන්ධයෙන් යුරෝපීය රටවල නායකයින් අතර එකඟතාවයක් නොමැති බව එයින් ඇඟවෙයි.  යුරෝපා සංගමය තුළ  රුසියානු රාජ්‍යයට අයත් වත්කම් වලින් වැඩිම ප්‍රමානයක් රඳවා තබා තිබෙන බෙල්ජියම සහ ලක්සම්බර්ග් රටවලය . EurOclear ගිණුම් වලින් රුසියානු අරමුදල් සත්‍ය ලෙස මාරු කිරීම ඇතුළත් වන උපාමාරු පිළිගත හැකි බවට බෙල්ජියම් අගමැති බාට් ඩි වෙවර් නැවත නැවතත් ප්‍රසිද්ධියේ සැක පළ කර ඇති අතර, විභව නීතිමය, මූල්‍ය සහ කීර්ති නාම අවදානම් සඳහා "සාමූහික වගකීම" පිළිබඳ  යුරෝපා සංගමයෙන් විධිමත් අභ්‍යන්තර ගිවිසුම් ඉල්ලා සිටියි. ඔස්ට්‍රියාව, යුරෝපා සංගමයේ මධ්‍යස්ථ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු ලබයි. යුරෝපීය මහ බැංකුවේ සභාපති ක්‍රිස්ටීන් ලගාඩ් තත්වය පිළිබඳව ප්‍රවේශමෙන් අදහස් දක්වමින්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන බැඳීම් සහ අවදානම් තක්සේරු කිරීම සඳහා යුරෝපා කොමිසමේ යෝජනාව පිළිබඳ ගැඹුරු සමාලෝචනයක් මෙන්ම ජාත්‍යන්තර නීතියට අනුකූල වීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු ලබයි. හංගේරියාව සහ ස්ලෝවැකියාව යුරෝපා කොමිසමේ යෝජනාවට සහාය නොදක්වයි. මෙම මුලපිරීම සම්බන්ධයෙන් යුරෝපීයයන්ගේ අවසාන තීරණය කුමක් වුවත්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් කරුණු අවධාරණය කරනු ලබන්නේය. යුරෝපා කොමිසම කුමන ව්‍යාජ නීතිමය උපක්‍රම ඉදිරිපත් කළත් අපගේ අත්හිටවූ වත්කම් සමඟ සිදුවන ඕනෑම අනවසර ගනුදෙනුවක් රුසියාව මහා සොරකමක් සහ මංකොල්ලයක් ලෙස සලකනු ඇත. රුසියානු ස්වෛරී වත්කම් අත්පත් කර ගැනීමට දරන ඕනෑම උත්සාහයක් ජාත්‍යන්තර සහ කොන්ත්‍රාත් නීතිය යටතේ නීත්‍යානුකූලව ශුන්‍ය සහ අවලංගු තත්වයට පත්වන බව අවධාරණය කරමු. ජාත්‍යන්තර සබඳතාවල අන්‍යෝන්‍යභාවය පිළිබඳ මූලධර්මයට අනුකූලව රුසියාව ක්‍රියා කරන අතර ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වන්න බවද අවධාරණය කරමු. එනම් රුසියාව සමඟ පවතින මිත්‍රශීලීත්වයට  හානියක් වන ක්‍රියාවන්ට නිසි ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. එවැනි ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස රුසියාවට සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට සිදුවන  පුළුල් පරාසයක ප්‍රති-පියවර සහ හැකියාවන් රුසියාව සතුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ස්වෛරී වත්කම් ඇතුළුව මූල්‍ය වත්කම් සඳහා 'ආරක්ෂිත ස්ථානයක්' ලෙස යුරෝපීය සංගමයට ඇති කීර්තිය සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇත.

දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් අනිවාර්යයෙන්ම යුරෝපා සංගමයේ මූල්‍ය අංශයේ, යුරෝවේ ඕනෑම විශ්වසනීයත්වයක් විනාශ කරන අතර බටහිර වෙළඳපොළවලින් ප්‍රාග්ධන ප්‍රවාහයක් ඇති කරයි. එය, අනෙක් අතට, ආයෝජන වාතාවරණය තවදුරටත් පිරිහීමට තුඩු දෙන අතර නව සාර්ව ආර්ථික ගැටළු ඇති කරයි. ඒ සියල්ල බටහිර ආර්ථිකයේ බිඳවැටීමේ අවදානමක් ඇති කරයි. ණය සමුච්චය වීම, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළවල ආධිපත්‍යය, සම්බාධක සහ අසාධාරණ තරඟකාරිත්වය මත බෙහෙවින් රඳා පවතින යුරෝපා ආර්ථිකය මුහුණ දෙන අවදානම වටහා ගැනීමට අපහසු නැත. එපමණක් නොව, රුසියාවේ අත්හිටුවන ලද වත්කම් මගින් කියෙව් පාලනයට නොලැබෙනවා පමණක් නොව එහි වේදනාව තවත් තීව්ර කරනු ලබයි. යුක්රේනය ඇත්ත වශයෙන්ම බංකොලොත් රාජ්‍යයක් වන අතර දැනටමත් ඔවුනට ණය ගෙවීමට හැකියාවක් නැති බව ඔප්පු කර ඇත. එලෙසම යුක්‍රේනයට  කිසිදු "වන්දියක්" නොලැබෙනු ඇත. ඒ අනුව, රුසියාවේ වත්කම් රාජසන්තක කිරීමේ ප්‍රතිවිපාක සඳහා අවසානයේ සම්පූර්ණ වගකීම - අපරාධමය වරදක් වීම ඇතුළුව - දරනු ලබන්නේ යුරෝපා සංගමය වන අතර කියෙව් වෙත ලබා දී ඇති සියලුම ණය වලට අදාළ වන සියළුම මුදල් රුසියාවට ආපසු ගෙවීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය 

2025 10 20


සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.