පොල් හිඟයට හේතුව රටේ පොල් නිෂ්පාදනයෙන් 70%ක් රට යවන්න බහුජාතික සමාගම්වලට ඉඩදීමයි - සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය කියයි
පොල් සංවර්ධන අධිකාරිය බහුජාතික සමාගම් වෙත මෙරට පොල් නිෂ්පාදනයෙන් 70%ක් අපනයනයට ඉඩ ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් රට තුළ උග්‍ර පොල් හිඟයක් සහ අධික ලෙස මිල ඉහළ යෑමක් සිදුව ඇතැයි, සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (28දා) පැවසීය.
දේශීය පාරිභෝගිකයා පොල් වගාකරුවන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදකයන්ට මුල්තැන ලබාදීම පොල් සංවර්ධන අධිකාරියේ අංක 46 දරන පනතින් ඔවුන්ට පවරා තිබුණ ද එම අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස රට තුළ පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අසාමාන්‍ය මිල ඉහළ යෑමක් සහ හිඟයක් ඇති වී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.
පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන්, බහුජාතික සමාගම් සමග එක්ව මෙරට පොල්, පොල් කිරි සහ පොල් පිටි වශයෙන් රට පටවමින් මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සිදුකරමින් සිටින බවට ඒ මහතා චෝදනා කළේය.
මෙරට නිෂ්පාදනය කෙරෙන පොල් දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් බවත් එම තත්ත්වය යටතේ පොල් ගෙඩියක් රුපියල් 120ත් 125ත් අතර මිලකට ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය. එසේම සතොස, සමුපකාර වැනි ආයතන තිබියදී ටයි කෝට් ඇන්ද නිලධාරීන් මහ පාරේ පොල් විකිණීම විහිළුවක් බවත් මින් සිදුවන්නේ රජය කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීම පමණක් බවත් පැවසූ ඒ මහතා, මේ වනවිට පොල් අපනයනයෙන් රටට සැලකිය යුතු විදේශ විනිමයක් නොලැබෙන බව ද කියා සිටියේය. පොල් හා පොල් තෙල් මිල පාලනය කිරීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය සතු පී.එස්.එස්. ඔයිල් ෆන්ඩ් වැනි අරමුදල් යොදාගනිමින් පාරිභෝගිකයාට සහ කර්මාන්තකරුවාට සහන ලබාදීමට කටයුතු කළ යුතු බව ද බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති