
පොල් හිඟයට හේතුව රටේ පොල් නිෂ්පාදනයෙන් 70%ක් රට යවන්න බහුජාතික සමාගම්වලට ඉඩදීමයි - සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය කියයි
පොල් සංවර්ධන අධිකාරිය බහුජාතික සමාගම් වෙත මෙරට පොල් නිෂ්පාදනයෙන් 70%ක් අපනයනයට ඉඩ ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් රට තුළ උග්‍ර පොල් හිඟයක් සහ අධික ලෙස මිල ඉහළ යෑමක් සිදුව ඇතැයි, සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (28දා) පැවසීය.
දේශීය පාරිභෝගිකයා පොල් වගාකරුවන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදකයන්ට මුල්තැන ලබාදීම පොල් සංවර්ධන අධිකාරියේ අංක 46 දරන පනතින් ඔවුන්ට පවරා තිබුණ ද එම අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස රට තුළ පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අසාමාන්‍ය මිල ඉහළ යෑමක් සහ හිඟයක් ඇති වී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.
පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන්, බහුජාතික සමාගම් සමග එක්ව මෙරට පොල්, පොල් කිරි සහ පොල් පිටි වශයෙන් රට පටවමින් මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සිදුකරමින් සිටින බවට ඒ මහතා චෝදනා කළේය.
මෙරට නිෂ්පාදනය කෙරෙන පොල් දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් බවත් එම තත්ත්වය යටතේ පොල් ගෙඩියක් රුපියල් 120ත් 125ත් අතර මිලකට ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය. එසේම සතොස, සමුපකාර වැනි ආයතන තිබියදී ටයි කෝට් ඇන්ද නිලධාරීන් මහ පාරේ පොල් විකිණීම විහිළුවක් බවත් මින් සිදුවන්නේ රජය කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීම පමණක් බවත් පැවසූ ඒ මහතා, මේ වනවිට පොල් අපනයනයෙන් රටට සැලකිය යුතු විදේශ විනිමයක් නොලැබෙන බව ද කියා සිටියේය. පොල් හා පොල් තෙල් මිල පාලනය කිරීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය සතු පී.එස්.එස්. ඔයිල් ෆන්ඩ් වැනි අරමුදල් යොදාගනිමින් පාරිභෝගිකයාට සහ කර්මාන්තකරුවාට සහන ලබාදීමට කටයුතු කළ යුතු බව ද බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
