අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට තවත් කොපමණ කාලයක් පාඩු දරාගෙන ඉන්ධන අලෙවි කිරීමට සිදුවන්නේද යන්න සහ එම පාඩු පියවාගැනීමට ලබාදෙන ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව රජය මෙතෙක් පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර නොමැත.
පවතින ඉන්ධන තොග සියල්ල වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් තාවකාලිකව සැපයුම වැඩි කළ හැකි වුවද, පාඩු ලබන මිලකට එම ඉන්ධන අලෙවි කිරීමෙන් පසු නැවත ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමේ ගැටළුවක් මතුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන විටත් බලපත්‍ර ගාස්තුව ලෙස ලංකා අයි.ඕ.සී සමාගම රජයට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් ගෙවන බවත්, ඉන්ධන තොග පවතින බව පමණක් සැලකිල්ලට ගෙන සැපයුම් සීමා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම්වලට චෝදනා කිරීම වෙනුවට අඛණ්ඩව ඉන්ධන ආනයනය කිරීමට සහ අලෙවි කිරීමට හැකි ආර්ථික පරිසරයක් ඇතිකිරීම වැදගත් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්ධන අලෙවියෙන් සිදුවන පාඩු තවත් මාස දෙකක් හෝ තුනක් හෝ නිශ්චිත කාලයක් දරාගන්නා ලෙස රජය ඉල්ලා සිටින්නේ නම් තමන් ඊට සූදානම් බවත්, එහෙත් ඉන් අනතුරුව එළඹෙන මාස හත අටක කාලය තුළ එම පාඩු පියවාගැනීමට හැකිවන වැඩපිළිවෙළක් රජය ඉදිරිපත් කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කරයි.
එවැනි සැලැස්මක් ලැබුණහොත් ඉන්ධන සමාගම්වලට අනාගත ආනයන, මූල්‍ය අවශ්‍යතා සහ සැපයුම් කටයුතු සැලසුම් කිරීමට හැකිවන නමුත්, දැනට පවතින අවිනිශ්චිත තත්ත්වය යටතේ එවැනි තීරණ ගැනීම අපහසු වී තිබේ.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ පවතින අස්ථාවර තත්ත්වය තවත් මාස හයක් හෝ හතක් පැවැතිය හැකි බවට අපේක්ෂා කරන බැවින් රජය ඉදිරි කාලය සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත්කිරීම අත්‍යවශ්‍ය වේ.
ඇතැම් රටවල් මෙවැනි අවස්ථාවල පෞද්ගලික ඉන්ධන සමාගම් ලබන පාඩු යම්තාක් දුරට පියවීම සඳහා බැඳුම්කර නිකුත් කළ අවස්ථාද තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පසුගිය වසරේදී ලංකා අයි.ඕ.සී සමාගම රුපියල් කෝටි 1,100ක පමණ ලාබයක් ලබා තිබියදී, මෙම වසරේ එක් කාර්තුවකදී පමණක් රුපියල් කෝටි 800කට ආසන්න පාඩුවක් සිදුවීමේ අවදානමක් මතුවීම සමාගමේ මූල්‍ය තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, එහි කොටස්වලින් සියයට 26ක් පමණ ශ්‍රී ලාංකික ආයෝජකයන් සතුව පවතින බැවින් එම පාඩු ආයෝජකයන්ටද බලපායි.
මේ අතර ඉන්ධන අලෙවියෙන් සිදුවන පාඩු පියවාගැනීම සඳහා නෞකාවලට ඉන්ධන සැපයීම සහ ලිහිසි තෙල් අලෙවිය වැනි අනෙකුත් ව්‍යාපාරික කටයුතුවලින් උපයන ලාබය යොදාගැනීමට සිදුව ඇති බවද ඔවුන් ප්‍රකාශ කරයි.
සමාගමේ ව්‍යාපාරික කටයුතුවලින් සියයට 75ක් පමණ පෙට්‍රල් සහ ඩීසල් අලෙවියට සම්බන්ධ වන අතර, ඉතිරි සියයට 25ක පමණ ව්‍යාපාරික කටයුතුවලින් උපයන ලාබයෙන් ප්‍රධාන ඉන්ධන අලෙවි අංශයේ පාඩු දිගින් දිගටම පියවාගැනීමට නොහැකිය.
ඉන්ධන මිල ඉහළ දැමීමට පෞද්ගලික සමාගම්වලට අවසර තිබෙන බව රජය ප්‍රකාශ කළද, රජය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුව ඉන්ධන මිල සූත්‍රය මත ගණනය කරන උපරිම අලෙවි මිල සෑම මාසයකම බලශක්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළ යුතුය. එම උපරිම මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර තිබුණද, එම මිල ඉක්මවා ඉන්ධන අලෙවි කිරීමට ගිවිසුමෙන් අවසර නොමැත.
එහෙත් සංශෝධිත උපරිම මිල රජය ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් පෞද්ගලික සමාගම්වලට තම පිරිවැය ආවරණය කරගැනීමට අවශ්‍ය පරිදි මිල සංශෝධනය කිරීමේ ගිවිසුම්ගත බාධාවක් මතුවී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි