News Category
From Date
To Date
Maximum Number of Result

අලුත් පාස්පෝට් හරහා දැවැන්ත මුදල් වංචාවක් - පුබුදු ජයගොඩගෙන් අනාවරණයක්

Oct 28, 2024 at 11:32 AM
|

විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවත් ඒ හා සම්බන්ධ විශාල මහජන මුදල් වංචා වීමක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ දී පවත්වන ලදී

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ.

” පහුගිය කාලේ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ ගැටලුවක් මතු වුණා. සාමාන්‍යයෙන් දවසට පාස්පෝට් 2800ක් පමණ ඉල්ලුමක් තිබුණත් පසුගිය කාලේ දවසට නිකුත් කලේ පාස්පෝට් 1000ක් විතරයි. ඊට හේතු වුණේ අලුත් වර්ගයේ පාස්පෝට් එකක් නිකුත් කිරීමට රජය ගත් තීරණය සහ එම තීරණය ක්‍රියාත්මක කිරීම බරපතල ලෙස ප්‍රමාද වීම. මෙතෙක් නිකුත් කළේ MRP (Machine Reading Passport). ඒ වෙනුවට චිප් එකක් සහිත, වඩා වැඩි ආරක්ෂක විශේෂාංග සහිත E Passport එකක් නිකුත් කරන්න රජය තීරණය කළා. එහෙම කරන්න නම් අලුතෙන් PKI (Public Key Infrastructure) එකක් අවශ්‍යයි. මුලින්ම ආව EOI (Expression of Interest) එකේ අලුතෙන් පාස්පෝට් කරන කෙනා PKI එකත් කළ යුතුයි කියලා තිබුණා. නමුත් ටෙන්ඩර් එකෙන් ඒක හැලුනා. අන්තිමට ටෙන්ඩර් කැඳෙව්වේ PKI නැතිව.

ටෙන්ඩර් කැඳවීමේ දී සමාගම් හතරක් ඉදිරිපත් වුණා. එයින් සමාගම් තුනක් තමයි සුදුසුකම් ලැබුවේ. ඒ අතරින් epic Lanka සමාගම එක්ක සම්බන්ධ peruriකියන සමාගම ඩොලර් 9.85ක් තමයි ඔවුන් ඉදිරිපත් කලා. ඊලඟට Irish කියන මැලේසියන් සමාගම එක්ක සම්බන්ධ metropoliton කියන සමාගම ඩොලර් 6.37ක් ඉදිරිපත් කරල තිබුණා. ප්‍රංශයේ thales සමාගමට සම්බන්ධ just in time කියන සමාගම ඩොලර් 5.02 ඉදිරිපත් කරල තියනවා. දැන් එතකොට මේකට අනුව අඩුම ප්‍රමාණය ඉදිරිපත් කරල තිබුණ just in time සමාගමට ටෙන්ඩරය ලබාදෙන්න තමයි තීරණය වුනේ. හැබැයි අවුරුදු 21ක් තිස්සෙ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීම සඳහා මැදිහත් වුණ epic Lanka සමාගම මේ ටෙන්ඩර් කැඳවීමේ ප්‍රශ්නයක් තියනවා කියලා අධිකරණයට ගියා. ඒ කටයුත්ත එක්ක තමයි විද්‍යුත් පාස්පෝට් සම්බන්ධ කතාව පස්සට ගිහිල්ලා ලොකු පාස්පෝට් පෝළිමක් නිර්මාණය වුනේ.

දැන් මෙතන තියන ප්‍රශ්නෙ තමයි අධිකරණ නඩුවෙදි සාකච්ඡා වුණේ ටෙන්ඩර් කැඳවීමේ දෝෂයක් ගැන නෙමෙයි. Epic Lanka සමාගම දිගින් දිගටම කියල තිබුණෙ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ නෛතික බලය තියෙන්නෙ ඔවුන්ට ඒක නිසා වෙනත් සමාගමකට මේක ලබා දෙනවනං ඒ සඳහා ගෙවීමක් අවශ්‍යයි කියලා. නමුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒකට විරුද්ධ වුනා. නමුත් අන්තිමේදි අධිකරණය කියලා තිබුණෙ ගෙවනවනං එක් පාස්පෝට් එකක් සඳහා ඩොලර් 1.5ක් තමයි ගෙවිය යුත්තේ සහ එහෙම ගෙවනවද නැද්ද කියන කාරණය කමිටුවක් මගින් තමයි තීරණය වෙන්න ඕන කියලා. දැන් කමිටුවක් පත් කරල තියෙන්නෙ හැබැයි ඒ කමිටුව තවම නිර්දේශයක් ඉදිරිපත් කරල නෑ.

දැන් epic Lanka සමාගම ලිපියක් පෙන්නමින් යනවා ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ බලය ඔවුන්ට තමයි තියෙන්නෙ කියලා ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙන්නෙ කියලා. නමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියනවා එහෙම ලිපියක් තමන් සතුව නෑ කියලා. දැන් අපිට තියන ප්‍රශ්නෙ තමයි epic Lanka සමාගම කියන විදිහෙ ගිවිසුමකට ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්සන් කලාද ? ඒ ගැන වහාම විමර්ශනයක් කරන්න ඕන. දැනට පාස්පෝට් ලක්ෂ හතහමාරක් නිකුත් කරනවා just in time සමාගම. ඒ නිකුත් කරන හැම පාස්පෝට් එකකටම ඩොලර් 1.45 ගාණේ ගෙවන්න වෙලා තියනවා epic lanka සමාගමට. එතකොට මෙතන ඩොලර් මිලියනයක් විතර මුදල් ප්‍රමාණයක්. මේක අනවශ්‍ය සහ විශාල මහජන මුදල් විනාශයක්. වහාම රජය මේ සම්බන්ධයෙන් වහාම තමන්ගේ ස්ථාවරයක් රටට කියන්න ඕන.

දැන් ඔය කියන epic Lanka සමාගම තමයි මීට කලින් ජාතික ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාව සම්බන්ධ ඡෝදනාවට ලක් වුනේ.

ඒක නිසා ජන අරගල සන්ධානය විදිහට අපි රජයට කියන්නේ වහාම මේකට අදාලව විධිමත් පරීක්ෂණයක් කරන්න. ඒවගේම තමයි ඩොලර් මිලියනක් මහජන මුදල් නිකං සමාගමට දෙන්න රජයට කිසිම අයිතියක් නෑ. ඒක නිසා වහාම ඒ කටයුත්ත නවත්තන්න මැදිහත් වෙන්න.

– Repoter

සම්බන්ධිත පුවත් | Related News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැදගත් තීන්දු කිහිපයක් හෙළි කර තිබේ.
ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.