
ජනාධිපතිවරණයට වියදම් කළ මුදල් එළියට... සජිත් රුපියල් කෝටි 112යි.. රනිල් රුපියල් කෝටි 99යි.. අනුර රුපියල් කෝටි 52යි.. නාමල් රුපියල් කෝටි 38යි
ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කරනු ලැබූ අපේක්‍ෂකයන් දැරූ වියදම් හා ආදායම් සවිස්තර වාර්තා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (24දා) සිට මහජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කර ඇත.
සියලු අපේක්‍ෂකයන් හා ඔවුන්ගේ පක්‍ෂ මැතිවරණ වියදම් සීමා පනතට අනුව මෙම ආදායම් වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ කොමිසම වෙත ලබාදී තිබුණි.
මේ අනුව ස්වාධීනව තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත වියදම රුපියල් අනූනව කෝටි තුන් ලක්‍ෂ විසි හත් දහස් හයසිය අසූ හතයි ශත දාසයකි. (99,03,27,687.16) කි. එයින් දැන්වීම් හා ප්‍රවර්ධන වියදම් ලෙස රුපියල් තිස් නව කෝටි විසිනව ලක්‍ෂ හැට අටදහස් එකසිය විසි දෙකක් දරා තිබේ. තවද ඩිජිටල් මාධ්‍ය ප්‍රදර්ශන වියදම් ගෙවීම් ලෙස රුපියල් දස කෝටි හැත්තෑ එක් ලක්‍ෂ දොළොස්දහස් නවසිය තුනක් ද, වේදිකා, ශබ්ද විකාශන ආදී වියදම ලෙස රුපියල් දෙකෝටි තිස් නව ලක්‍ෂ පනස් දහසක් ද, ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම හා මුද්‍රණ වියදම් (අත් පත්‍රිකා, පෝස්ටර්, බැනර්) ලෙස රුපියල් විසි අට කෝටි අසූහය ලක්‍ෂ දහතුන් දහසක් (28,96,13,000) ක්ද, මීට වියදම් කර ඇති බව සඳහන් වෙයි.
ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් රුපියල් පනස් දෙකෝටි හැත්තෑ නව ලක්‍ෂ අනූනව දහස් අටසිය අසූ නවයයි ශත තිස් අටක් (52,79,99,889.38) වැය වී ඇති බව සඳහන්ය. එමෙන්ම පක්‍ෂයට ලැබුණු ප්‍රදාන ලෙස රුපියල් පනස්තුන් කෝටි අනූ අට ලක්‍ෂ අනූපන්දහස් තුන්සිය පහක් (53,98,95,305) ක් ලැබී ඇත.
ඔහුගේ ජනාධිපතිවරණයේ මුද්‍රණ පත්‍රිකා, දැන්වීම්, පෝස්ටර් වියදම් රුපියල් විසිහතර කෝටි පනස් තුන් ලක්‍ෂ හත්දහස් අටසිය පහළවකි. රූපවාහිනි, ගුවන් විදුලි දැන්වීම් වියදම රුපියල් දාහත් කෝටි විසි හතර ලක්‍ෂ හැත්තෑ දෙදහස් දෙසිය අසූ දෙකකි. ප්‍රවාහන, කුලී රථ වියදම රුපියල් විසිතුන් ලක්‍ෂ පනස් හය දහස් හත්සිය පනහකි. (2,356,750) කි. මේවා සමස්ත වියදමට ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතාගේ සමස්ත වියදම රුපියල් තිස් අට කෝටි අසූ නව ලක්‍ෂ තිස් නව දහස් අසූ පහකි. පක්‍ෂයේ මුළු ආදායම දසකෝටි පනස් දෙලක්‍ෂ පනස් දහසකි.
ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට රුපියල් තිස් තුන් ලක්‍ෂ පනස් නවදහස් හත්සිය පනහක්ද (33,59,750), ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණයට රුපියල් හත් කෝටි අනූතුන් ලක්‍ෂ හත් දහස් අටසීයක් ද (7,93,07,800), රැස්වීම් සඳහා රුපියල් විසිකෝටි පනස් තුන් ලක්‍ෂ හැත්තෑ එක් දහස් හාරසිය පනහක්ද (20,56,71,450), මාධ්‍ය නිර්මාණ සඳහා (විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය) රුපියල් දෙකෝටි තිස් එක් ලක්‍ෂ හතළිස් හතර දහස් නවසිය අසූ හතක් (23,144,987) කි. මෙය සමස්ත වියදමට ඇතුළත්ය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ අපේක්‍ෂක දිලිත් ජයවීර මහතාට ජනපතිවරණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 32.4ක් වැය වී තිබේ.
සමගි ජනබලවේගයේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දරා ඇති වියදම රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්‍ෂ හැත්තෑ නවදහස් එකසිය පනස් එකයි ශත හැටකි. (11,20,979,151.60).
මුද්‍රණ ප්‍රකාශන, දැන්වීම් ප්‍රදර්ශනය, අත් පත්‍රිකා බෙදීම ආදී වියදම රුපියල් හාරකෝටි පහළොස් ලක්‍ෂ අනූනව දහස් හයසිය විස්සකි. (41,599,620). මැතිවරණ දැන්වීම් වියදම (රූපවාහිනි හා ගුවන්විදුලි) රුපියල් පනස් පන් කෝටි විසි හතර ලක්‍ෂ පහළොස් දහස් පන්සිය හැට පහකි.
අපේක්‍ෂකයන් 38 දෙනාම සිය ප්‍රචාරක වියදම් භාරදී තිබූ අතර සියල්ල ලබා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ප්‍රධාන අපේක්‍ෂකයන්ගේ පමණක් වාර්තා ලබා ගැනීම සිදුවිය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
