ජනාධිපතිවරණයට වියදම් කළ මුදල් එළියට... සජිත් රුපියල් කෝටි 112යි.. රනිල් රුපියල් කෝටි 99යි.. අනුර රුපියල් කෝටි 52යි.. නාමල් රුපියල් කෝටි 38යි
ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කරනු ලැබූ අපේක්‍ෂකයන් දැරූ වියදම් හා ආදායම් සවිස්තර වාර්තා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (24දා) සිට මහජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කර ඇත.
සියලු අපේක්‍ෂකයන් හා ඔවුන්ගේ පක්‍ෂ මැතිවරණ වියදම් සීමා පනතට අනුව මෙම ආදායම් වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ කොමිසම වෙත ලබාදී තිබුණි.
මේ අනුව ස්වාධීනව තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත වියදම රුපියල් අනූනව කෝටි තුන් ලක්‍ෂ විසි හත් දහස් හයසිය අසූ හතයි ශත දාසයකි. (99,03,27,687.16) කි. එයින් දැන්වීම් හා ප්‍රවර්ධන වියදම් ලෙස රුපියල් තිස් නව කෝටි විසිනව ලක්‍ෂ හැට අටදහස් එකසිය විසි දෙකක් දරා තිබේ. තවද ඩිජිටල් මාධ්‍ය ප්‍රදර්ශන වියදම් ගෙවීම් ලෙස රුපියල් දස කෝටි හැත්තෑ එක් ලක්‍ෂ දොළොස්දහස් නවසිය තුනක් ද, වේදිකා, ශබ්ද විකාශන ආදී වියදම ලෙස රුපියල් දෙකෝටි තිස් නව ලක්‍ෂ පනස් දහසක් ද, ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම හා මුද්‍රණ වියදම් (අත් පත්‍රිකා, පෝස්ටර්, බැනර්) ලෙස රුපියල් විසි අට කෝටි අසූහය ලක්‍ෂ දහතුන් දහසක් (28,96,13,000) ක්ද, මීට වියදම් කර ඇති බව සඳහන් වෙයි.
ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් රුපියල් පනස් දෙකෝටි හැත්තෑ නව ලක්‍ෂ අනූනව දහස් අටසිය අසූ නවයයි ශත තිස් අටක් (52,79,99,889.38) වැය වී ඇති බව සඳහන්ය. එමෙන්ම පක්‍ෂයට ලැබුණු ප්‍රදාන ලෙස රුපියල් පනස්තුන් කෝටි අනූ අට ලක්‍ෂ අනූපන්දහස් තුන්සිය පහක් (53,98,95,305) ක් ලැබී ඇත.
ඔහුගේ ජනාධිපතිවරණයේ මුද්‍රණ පත්‍රිකා, දැන්වීම්, පෝස්ටර් වියදම් රුපියල් විසිහතර කෝටි පනස් තුන් ලක්‍ෂ හත්දහස් අටසිය පහළවකි. රූපවාහිනි, ගුවන් විදුලි දැන්වීම් වියදම රුපියල් දාහත් කෝටි විසි හතර ලක්‍ෂ හැත්තෑ දෙදහස් දෙසිය අසූ දෙකකි. ප්‍රවාහන, කුලී රථ වියදම රුපියල් විසිතුන් ලක්‍ෂ පනස් හය දහස් හත්සිය පනහකි. (2,356,750) කි. මේවා සමස්ත වියදමට ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතාගේ සමස්ත වියදම රුපියල් තිස් අට කෝටි අසූ නව ලක්‍ෂ තිස් නව දහස් අසූ පහකි. පක්‍ෂයේ මුළු ආදායම දසකෝටි පනස් දෙලක්‍ෂ පනස් දහසකි.
ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට රුපියල් තිස් තුන් ලක්‍ෂ පනස් නවදහස් හත්සිය පනහක්ද (33,59,750), ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණයට රුපියල් හත් කෝටි අනූතුන් ලක්‍ෂ හත් දහස් අටසීයක් ද (7,93,07,800), රැස්වීම් සඳහා රුපියල් විසිකෝටි පනස් තුන් ලක්‍ෂ හැත්තෑ එක් දහස් හාරසිය පනහක්ද (20,56,71,450), මාධ්‍ය නිර්මාණ සඳහා (විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය) රුපියල් දෙකෝටි තිස් එක් ලක්‍ෂ හතළිස් හතර දහස් නවසිය අසූ හතක් (23,144,987) කි. මෙය සමස්ත වියදමට ඇතුළත්ය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ අපේක්‍ෂක දිලිත් ජයවීර මහතාට ජනපතිවරණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 32.4ක් වැය වී තිබේ.
සමගි ජනබලවේගයේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දරා ඇති වියදම රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්‍ෂ හැත්තෑ නවදහස් එකසිය පනස් එකයි ශත හැටකි. (11,20,979,151.60).
මුද්‍රණ ප්‍රකාශන, දැන්වීම් ප්‍රදර්ශනය, අත් පත්‍රිකා බෙදීම ආදී වියදම රුපියල් හාරකෝටි පහළොස් ලක්‍ෂ අනූනව දහස් හයසිය විස්සකි. (41,599,620). මැතිවරණ දැන්වීම් වියදම (රූපවාහිනි හා ගුවන්විදුලි) රුපියල් පනස් පන් කෝටි විසි හතර ලක්‍ෂ පහළොස් දහස් පන්සිය හැට පහකි.
අපේක්‍ෂකයන් 38 දෙනාම සිය ප්‍රචාරක වියදම් භාරදී තිබූ අතර සියල්ල ලබා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ප්‍රධාන අපේක්‍ෂකයන්ගේ පමණක් වාර්තා ලබා ගැනීම සිදුවිය.
- දිවයින

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. - මීගමුව යුක්තියට පදනම සන්ධානය
මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්