
ජාතික තොරතුරු හා සන්නිවේදන ආයතනයක නිලධාරින් පිරිසකගේ වැඩ තහනමක් පිටුපස විදේශීය සමාගමක බළල් අතක්
ජාතික තොරතුරු හා සන්නිවේදන ආයතනයක ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරිවරයකුගේ සහ තවත් ඉහළ නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම පිටුපස ඇත්තේ එහි විදේශ කොටස් හිමි සමාගමක අවශ්‍යතාවක් සපුරා ගැනීමට පසුබිම සකසා ගැනීම බව එහි සේවකයෝ ප්‍රකාශ කර සිටිති.
මේ පිළිබඳව රජය වහාම අවධානය යොමු කළ යුතු බව සඳහන් කරන ඔවුන් මෙම සමාගම විකුණා දැමීම සඳහා පසුගිය රජය සමයේ ප්‍රයත්න දැරුවත් වත්මන් රජයේ ප්‍රතිපත්ති මත එය අසාර්ථකත්වයට පත්වීමත් සමග එයට උරණ වූ එම සමාගම මෙලෙස සේවකයන්ගෙන් පළිගැනීමට ක්‍රියාකර ඇතැයි ද ඔවුහු චෝදනා කරති. මෙම ආයතනයේ විධායක නොවන මෙරට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු එහි විදෙස් කොටස් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ තමාගේ හිතවත් පුද්ගලයන්ට ලබාදීමේ මෙහෙයුම පිටුපස සිටින බවද ඔවුහු චෝදනා කරති. ඔහුගේ චේතනාව අදාළ ආයතනය විකුණා දැමීමේ ගනුදෙනුව සඳහා පහසුකම් සැලසීම බවද ඔවුහු පවසති.
මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රධාන අනුකූලතා නිලධාරි, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරි හරහා මෙහෙයුම් තුළට රිංගා ගනිමින් පරිපාලන කටයුතු කෙරෙහි මැදිහත්වීමටද ක්‍රියාකර ඇතැයි සේවකයෝ කියති.
මෙම ජාතික තොරතුරු හා සන්නිවේදන ආයතනයේ රහසිගත දත්ත වෙනත් සන්නිවේදන ආයතන වෙත ලබාදීමට මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ක්‍රියාකර ඇතැයි ද එසේ ක්‍රියාකිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද සේවකයෝ කියති.
එසේම අසාධාරණ ලෙස වැඩ තහනමට ලක්වූ සේවකයන් සඳහා සාධාරණය ඉටුකර ඔවුන්ට ශක්තිමත් ආරක්ෂාවක් ලබාදීම තහවුරු කරදීමට ක්‍රියාකරන ලෙසත් ඉල්ලා සිටින එහි සේවකයන් මේ සඳහා ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුවනු දැකීම සිය අපේක්ෂාව බවද සඳහන් කරති.
සුජීව තත්සර
Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
