ජාතික තොරතුරු හා සන්නිවේදන ආයතනයක නිලධාරින් පිරිසකගේ වැඩ තහනමක් පිටුපස විදේශීය සමාගමක බළල් අතක්
ජාතික තොරතුරු හා සන්නිවේදන ආයතනයක ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරිවරයකුගේ සහ තවත් ඉහළ නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම පිටුපස ඇත්තේ එහි විදේශ කොටස් හිමි සමාගමක අවශ්‍යතාවක් සපුරා ගැනීමට පසුබිම සකසා ගැනීම බව එහි සේවකයෝ ප්‍රකාශ කර සිටිති.
මේ පිළිබඳව රජය වහාම අවධානය යොමු කළ යුතු බව සඳහන් කරන ඔවුන් මෙම සමාගම විකුණා දැමීම සඳහා පසුගිය රජය සමයේ ප්‍රයත්න දැරුවත් වත්මන් රජයේ ප්‍රතිපත්ති මත එය අසාර්ථකත්වයට පත්වීමත් සමග එයට උරණ වූ එම සමාගම මෙලෙස සේවකයන්ගෙන් පළිගැනීමට ක්‍රියාකර ඇතැයි ද ඔවුහු චෝදනා කරති. මෙම ආයතනයේ විධායක නොවන මෙරට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු එහි විදෙස් කොටස් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ තමාගේ හිතවත් පුද්ගලයන්ට ලබාදීමේ මෙහෙයුම පිටුපස සිටින බවද ඔවුහු චෝදනා කරති. ඔහුගේ චේතනාව අදාළ ආයතනය විකුණා දැමීමේ ගනුදෙනුව සඳහා පහසුකම් සැලසීම බවද ඔවුහු පවසති.
මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රධාන අනුකූලතා නිලධාරි, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරි හරහා මෙහෙයුම් තුළට රිංගා ගනිමින් පරිපාලන කටයුතු කෙරෙහි මැදිහත්වීමටද ක්‍රියාකර ඇතැයි සේවකයෝ කියති.
මෙම ජාතික තොරතුරු හා සන්නිවේදන ආයතනයේ රහසිගත දත්ත වෙනත් සන්නිවේදන ආයතන වෙත ලබාදීමට මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ක්‍රියාකර ඇතැයි ද එසේ ක්‍රියාකිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද සේවකයෝ කියති.
එසේම අසාධාරණ ලෙස වැඩ තහනමට ලක්වූ සේවකයන් සඳහා සාධාරණය ඉටුකර ඔවුන්ට ශක්තිමත් ආරක්ෂාවක් ලබාදීම තහවුරු කරදීමට ක්‍රියාකරන ලෙසත් ඉල්ලා සිටින එහි සේවකයන් මේ සඳහා ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුවනු දැකීම සිය අපේක්ෂාව බවද සඳහන් කරති.
සුජීව තත්සර
Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති