පුවතක් ගැන ප්‍රශ්න කර මාලිමා සංවිධායක ලංකාදීප මාධ්‍යවේදියෙකුට පහර දීලා
ලංකාදීප මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහර දීම දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
ලංකාදීප මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහර දීම දැඩිව හෙළා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජාතික ජනබලවේගයේ තරුණ සංවිධාන හමුවක මාධ්‍ය ආවරණය සඳහා ඇරයුම් ලැබ එහි ගිය ලංකාදීප පුවත්පතේ හක්මන ප්‍රාදේශීය මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහරදීම පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සළකා දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
ඔක්තොම්බර් 20 වැනි දින පහරදීමට ගොදුරු වූ මාධ්‍යවේදී යසන්ත ආරියසේන ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වීමෙන් පසු වැඩිදුර පරීක්ෂාව සඳහා අද 21 දින තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් හක්මන පොලීසියට පැමිණිලි කර ඇති මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතා පවසන්නේ, රැස්වීම අවසන් වූ පසුව ජාතික ජන බලවේගයේ තරුණ සංවිධාන නියෝජිතයෙකු යැයි හඳුන්වා දුන් පුද්ගලයෙකු ලංකාදීප පුවත්පතෙහි පළ වූ පුවතක් සම්බන්ධයෙන් විමසා තමන්ට පහර දුන් බවයි.
මාධ්‍යවේදීන්ට සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති පසුබිමක මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ප්‍රජාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරනුයේ යුක්තියයි.
එවැනි අවස්ථාවක සිදු ව ඇති මේ පහරදීම ජනමාධ්‍ය සමාජය අපේක්ෂා කරනු ලබන සැබෑ යුක්තිය ඉටු වීමේ ක්‍රියාවලියක විශ්වාසනීය බවට තර්ජනයකැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.
කිසියම් මාධ්‍ය වාර්තාකරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගත වී නම් ගත යුතු නිසි පියවර තිබියදී මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ නම් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවද බරපතල සැක සංකා මතු වේ.
එවිට, සුපිළිපන් හා විනයගරුක දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරමින් නව රජය පිහිටුවන්නට කටයුතු කළ පුරවැසි සිහින බිඳ වැටෙයි.
එබැවින් වහාම මැදිහත් වී මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට යුක්තිය ඉටු කරමින් සිදුවීමට වගකිව යුතු සිය දේශපාලන නියෝජිතයා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජාතික ජනබලවේගයෙන් ඉල්ලා සිටියි.
– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති