
පුවතක් ගැන ප්‍රශ්න කර මාලිමා සංවිධායක ලංකාදීප මාධ්‍යවේදියෙකුට පහර දීලා
ලංකාදීප මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහර දීම දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
ලංකාදීප මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහර දීම දැඩිව හෙළා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජාතික ජනබලවේගයේ තරුණ සංවිධාන හමුවක මාධ්‍ය ආවරණය සඳහා ඇරයුම් ලැබ එහි ගිය ලංකාදීප පුවත්පතේ හක්මන ප්‍රාදේශීය මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහරදීම පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සළකා දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
ඔක්තොම්බර් 20 වැනි දින පහරදීමට ගොදුරු වූ මාධ්‍යවේදී යසන්ත ආරියසේන ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වීමෙන් පසු වැඩිදුර පරීක්ෂාව සඳහා අද 21 දින තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් හක්මන පොලීසියට පැමිණිලි කර ඇති මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතා පවසන්නේ, රැස්වීම අවසන් වූ පසුව ජාතික ජන බලවේගයේ තරුණ සංවිධාන නියෝජිතයෙකු යැයි හඳුන්වා දුන් පුද්ගලයෙකු ලංකාදීප පුවත්පතෙහි පළ වූ පුවතක් සම්බන්ධයෙන් විමසා තමන්ට පහර දුන් බවයි.
මාධ්‍යවේදීන්ට සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති පසුබිමක මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ප්‍රජාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරනුයේ යුක්තියයි.
එවැනි අවස්ථාවක සිදු ව ඇති මේ පහරදීම ජනමාධ්‍ය සමාජය අපේක්ෂා කරනු ලබන සැබෑ යුක්තිය ඉටු වීමේ ක්‍රියාවලියක විශ්වාසනීය බවට තර්ජනයකැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.
කිසියම් මාධ්‍ය වාර්තාකරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගත වී නම් ගත යුතු නිසි පියවර තිබියදී මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ නම් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවද බරපතල සැක සංකා මතු වේ.
එවිට, සුපිළිපන් හා විනයගරුක දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරමින් නව රජය පිහිටුවන්නට කටයුතු කළ පුරවැසි සිහින බිඳ වැටෙයි.
එබැවින් වහාම මැදිහත් වී මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට යුක්තිය ඉටු කරමින් සිදුවීමට වගකිව යුතු සිය දේශපාලන නියෝජිතයා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජාතික ජනබලවේගයෙන් ඉල්ලා සිටියි.
– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
