
පොල් මිල අසීමිතව වැඩි වුනේ පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරින් නිසයි - පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා
පොල් මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා යැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බවද ඔහු පවසයි.
පොල් සංවර්ධන අධිකාරි පනතට අනුව පොල් අපනයන පාලනය, පොල් වෙන්දේසිය, අපනයනය කිරීම සඳහා පොල් නිෂ්පාදනය කිරීම ඇතුළු කරුණු රැසක වගකීම පොල් සංවර්ධන අධිකාරියට පැවරී තිබේ. එහෙත් එහි ඇතැම් නිලධාරීන් පනතේ උපදෙස් පිළිනොපැද කටයුතු කිරීම නිසා පොල් මිල ඉහළ ගොස් ඇතැයිද පෙරේදා (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධික මහතා කියාසිටියේය.
සෑම වසරකම ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල පොල් ඵලදාව අඩු බවත් එම කාලවලදී දේශීය පොල් පාරිභෝජනයට ප්‍රමුඛ අවස්ථාව ලබාදී අපනයනයට සීමා පැනවෙන නමුත් අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන් විසින් පොල් වෙන්දේසියේදී ජාවාරම්කරුවන් සමග එක්ව පොල් අපනයනයට මුල්තැන ලබාදීමට කටයුතු කරන නිසා මේ වනවිට මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 160, 170, 180 වැනි මිලකට ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.
1971 අංක 46 දරන පොල් සංවර්ධන අධිකාරි පනතට වසර 53ක් ගතවී ඇතත් එම පනත උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි ආකාරයට නීති සකස් වී නැති නිසා දූෂිත නිලධාරීන් පනත උල්ලංඝනය කරමින් කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
මේ වනවිට අධිකාරිය සතු රුපියල් මිලියන 500ක් බැංකුවල අඩු පොලියට මාස තුනෙන් තුන තැන්පත් කර එවැනි විශාල මුදලක් බැංකුවලට හඳුන්වා දීම වෙනුවෙන් බැංකු මගින් ලබාදෙන ‘හඳුන්වාදීමේ කොමිස් මුදල’ ඇතැම් දූෂිත නිලධාරීන් ලබාගනිමින් සිටින බවත් එවැනි මුදලක් ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් පැවසූ ඒ මහතා මෙම දූෂණ ගැන විගණකාධිපති වාර්තා මගින්ද හෙළිකර ඇතැයිද කියා සිටියේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
