හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැහැ - රජයෙන් නිවේදනයක්
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජය නිවේදනය කරයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැහැ
” මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් අද (19) පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධව පහත පැහැදිළි කිරීම යොමු කරමි.
1986 පෙබරවාරි මස 18 දින නිකුත් කරන ලද “1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත” අනුව හිටපු ජනාධිපතිවරුන් වන ගරු මහින්ද රාජපක්ෂ මහතාට සහ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට දැනට භාවිතා කරනු ලබන අතිරික්ත වාහන භාර දෙන ලෙස ලිපි මගින් දැනුම් දී ඇත.
1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ 3 (2) වගන්තිය අනුව ” සැම හිටපු ජනාධිපතිවරයකුට ම සහ සෑම හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුට තත්කාලයේ සපයනු ලබන නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් සලසනු ලැබිය යුතු ය”.
මීට අමතරව 2010 මැයි 14 දින එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ 3.1 වගන්තිය අනුව ද ” ගරු අමාත්‍යවරුන්ගේ හා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම නිල වාහන (මෝටර් රථ, ජීප්, ඩබල් කැබ්) සංඛ්‍යාව 03 ක් වේ.” ඒ අනුව අදාල කටයුතු සිදුකර ඇත.
හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති අතර, හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11 ක් මේ වන විට පවතී.
එච්.එස්.කේ.ජේ.බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති