
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැහැ - රජයෙන් නිවේදනයක්
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජය නිවේදනය කරයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැහැ
” මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් අද (19) පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධව පහත පැහැදිළි කිරීම යොමු කරමි.
1986 පෙබරවාරි මස 18 දින නිකුත් කරන ලද “1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත” අනුව හිටපු ජනාධිපතිවරුන් වන ගරු මහින්ද රාජපක්ෂ මහතාට සහ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට දැනට භාවිතා කරනු ලබන අතිරික්ත වාහන භාර දෙන ලෙස ලිපි මගින් දැනුම් දී ඇත.
1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ 3 (2) වගන්තිය අනුව ” සැම හිටපු ජනාධිපතිවරයකුට ම සහ සෑම හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුට තත්කාලයේ සපයනු ලබන නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් සලසනු ලැබිය යුතු ය”.
මීට අමතරව 2010 මැයි 14 දින එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ 3.1 වගන්තිය අනුව ද ” ගරු අමාත්‍යවරුන්ගේ හා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම නිල වාහන (මෝටර් රථ, ජීප්, ඩබල් කැබ්) සංඛ්‍යාව 03 ක් වේ.” ඒ අනුව අදාල කටයුතු සිදුකර ඇත.
හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති අතර, හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11 ක් මේ වන විට පවතී.
එච්.එස්.කේ.ජේ.බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
