News Category
From Date
To Date
Maximum Number of Result

බෝම්බ බියක් නිසා ගුවන්යානයක් කටුනායකට ගොඩබස්වයි

Oct 19, 2024 at 05:48 PM
|

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි මගීන් 96 දෙනෙකුගෙන් සහ කාර්යය මණ්ඩලයේ 8 දෙනෙකුගෙන් සමන්විත "Vistara" ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එලෙස හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

යානයේ බෝම්බයක් පවතින බවට ලද තොරතුරක් හේතුවෙන් එම පියවර ගෙන ඇති අතර මේ වනවිට එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය ඉවත් කර යානය පරීක්ෂා කිරීමට කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වේ.

ඒ සඳහා බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ යුද හමුදා කොමාන්ඩෝ බළකාය කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

ඉන්දීය ගුවන්සේවාවලට අයත් ගුවන්යානාවල බෝම්බ ඇතැයි අන්තර්ජාලය ඔස්සේ පළවූ අනතුරු ඇඟවීම් හමුවේ ගුවන්යානා හදිසියේ ගොඩබෑම සම්බන්ධ පුවත් ගෙවුණු සති කිහිපය පුරා නිරන්තරයෙන් වාර්තා වුණි.

සම්බන්ධිත පුවත් | Related News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී පසුගිය සඳුදා රාත්‍රියේ අනතුරට පත් වූ අමෙරිකානු හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානය තාක්ෂණික දෝෂයකින් කඩා වැටුණක් නොව, ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් බිම හෙළන ලද්දක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති පසුබිමක තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය ද ඔහු විසින් අත්නොහැර ඇති බවත් වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සමග වත්මන් ආණ්ඩුවට පවතින දේශපාලන ගැටලු සඳහා රට වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන් ඉත්තන් කර නොගන්නා ලෙසත්, ඔවුන්ව සිරගත කරමින් දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ නොකරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවට අවධාරණය කරයි.
අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති මාලාව තවදුරටත් සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩලයේ සභාපති පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් (අංක 2492/10) නිකුත් කර තිබේ.
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.
රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කිසිදු ආකාරයක වදහිංසාවක් පමුණුවා නොමැති බවත්, ඔහුට සැලකීමේදී කිසිදු අනීතික ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) අවධාරණය කළේ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ සමාගම් හරහා ඩොලර් මිලියන 42.7ක් සහ තවත් ඩොලර් මිලියන 43ක් රටින් පිටකර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ප්‍රධාන පුවත්

මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති පසුබිමක තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය ද ඔහු විසින් අත්නොහැර ඇති බවත් වාර්තා වේ.

අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..

අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති මාලාව තවදුරටත් සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩලයේ සභාපති පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් (අංක 2492/10) නිකුත් කර තිබේ.

සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.

සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.