News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමා ආණ්ඩුව ණය ගැනීමෙන් සියලු ආණ්ඩු පරාජය කරන්නයි යන්නේ - හර්ෂ

Oct 19, 2024 at 11:48 AM
|

ජාතික ජන බලවේග ආණ්ඩුව නුදුරේදීම ණය ගැනීමෙන් පසුගිය සියලු ආණ්ඩු පරාද කරනු ඇති බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩු විසින් ණය ගැනීම ඉතා දැඩිව විවේචනය කළ එම පක්ෂය ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය සියලු ආණ්ඩුවලට වඩා ණය ගන්නා නැඹුරුවක් පෙන්නුම් කරන බව හෙතෙම කියා සිටියි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

“අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් දිගින් දිගටම ණය ගැනීම් සිදු කරනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන කෝණයෙන් එහා ගොස් යම් විග්‍රහයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා. මුදල් බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට නෙවෙයි. මුදල්වල බලය තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට. මුදල් බලය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ තිබෙන මූලික ස්ථානය තමයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව.

ඒ වගේම රජයේ එදිනෙදා වියදම් සඳහා මුදල් අවශ්‍යව තිබෙනවා. ඒ අවශ්‍ය මුදල් ලබා ගැනීමට මූලික වශයෙන් ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි රජයේ බදු ආදායම් හරහා භාණ්ඩාගාර ගිණුමේ තිබෙන මුදල්. දෙවැනි ක්‍රමය ණය ලබා ගැනීම හරහා ලැබෙන මුදල්.

රජයේ භාණ්ඩාගාර ගිණුමේ තිබෙන මුදල් අතිරික්තයක් තිබෙනවා නම් ගෙවන්න තිබෙන ණය ගෙවීම සඳහා ඒ අතිරික්තයෙන් මුදල් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. රජයට ලැබෙන ආදායම රජයේ සාමාන්‍ය වියදම එයින් අඩු කළාම ඉන්පසුව ඉතුරු වන ප්‍රමාණයෙන් පොලියත් අඩුකළාම යම් මුදලක් ඉතිරි වෙනවා නම් එය ප්‍රාථමික අතිරික්තය ලෙස හඳුන්වනවා. ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට දෙකයි දශම තුනක අගයක් ලබාගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය එකඟ වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රාථමික අතිරික්තය පසුගිය වසරේදීත්, මේ වසරේදීත් නිලධාරින් විසින් පවත්වාගෙන යනවා. ඒ නිසා රජය ගත්ත ණය ගෙවන්න තිබෙනකොට යම් ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා එම අතිරික්තයෙන් භාවිතයට ගන්නවා.

මේ සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත කිරීම සඳහා පසුගිය රජය එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විපක්ෂය ලෙස අපි එදා ඒ පනතට සහයෝගය ලබා දුන්නා. නමුත් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ දී එම පනතට විරුද්ධ වුණා. නමුත් වර්තමාන රජය ඒ පනතට අනුව සහ එම පනතේ තිබෙන කොන්දේසි වලට අනුව තමයි අතිරික්තය පවත්වාගෙන ඉදිරියට ගමන් කරන්නේ.

ප්‍රාථමික අතිරික්තය මදිනම් සතියකට වතාවක් ණය ගැනීමට සිදු වෙනවා. ආණ්ඩුව ණය පියවීම සඳහා අලුත් ණයක් ගත යුතුයි. අලුතින් ණයක් ගැනීම සඳහා ක්‍රම දෙකක් පවතිනවා. එකක් තමයි ලන්සු ඉදිරිපත් කරලා වෙළඳ පොළෙන් ණය ලබාගත යුතුයි. එසේත් නැතිනම් මුදල් මුද්‍රණයකොට භාණ්ඩාගාරයට ලබා දෙන්න කියලා මහ බැංකුවට ප්‍රකාශ කළ යුතුයි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන කොන්දේසිවලට සහ මහා බැංකු පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව මුදල් මුද්‍රණය කිරීමට නොහැකියි. මහ බැංකු පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදීත් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඊට විරෝධය පළකළා. වර්තමාන ආණ්ඩුව මහ බැංකු පනත වෙනස් කරන බව සඳහන් කළත් ඔවුන් එවැනි දෙයක් සිදු කළේ නැහැ. ඒ අනුව මුදල් ලබා ගැනීමේදී මහා බැංකුවෙන් මුදල් ලබා ගැනීමට නොහැකියි. මුදල් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ වෙළඳපොළෙන් පමණයි.

යහපාලන ආණ්ඩුව සමයේ ගත්ත ණය ප්‍රමාණයෙන් සියයට 89 දශම 9 ක් අරගෙන තිබෙන්නේ 2015ට කලින් ගත්ත ණයවල පොලිය ගෙවීම සඳහා. නමුත් ඒ සඳහා විවිධ කතා කියමින් මඩ ප්‍රහාර එල්ලකළා. පසුගිය ආණ්ඩුවට වඩා වර්තමාන ආණ්ඩුව ණය ලබාගන්න තත්ත්වයක් තමයි දැන් පෙනෙන්න තිබෙන්නේ. පරණ ණය පියවීම සඳහා සතියකට වතාවක් අලුරෑත් නයක් ගැනීමට සිදුවී තිබෙනවා. ඒ අලුරෑත් ණය ගැනීමේ ප්‍රමාණය අඩුකර ගැනීමට හැකියාව තිබෙන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ශක්තිමත් කරගත්තොත් පමණයි."

සම්බන්ධිත පුවත් | Related News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැදගත් තීන්දු කිහිපයක් හෙළි කර තිබේ.
ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.