ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරුවක් ගැලවෙයි
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධිය අතිශය බරපතල සිද්ධියක් සේ දක්වමින් එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙළා ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් එසේ පරීක්ෂණ සිදුකළත් මෙම සිදුවීම හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශාල කැළලක් ඇති වී තිබේ. ඒ පිළිබඳව AirlineRatings.com සිය නවතම වාර්තාව පසුගියදා නිකුත් කර තිබුණි.
Aviation Herald (AV) ට අනුව, අදාළ ගුවන් නියමුවරයා තම සහයක නිලධාරිනියට ආපසු පැමිණීමට නොහැකි වන ලෙස කටයුතු කර ඇති අතර යානය කොළඹට ගොඩ බෑමෙන් අනතුරුව අපහසුතාවට පත්වූ නිලධාරිනිය විසින් පැමිණිලි කරමින් දක්වා ඇත්තේ ඇය සහ ගුවන් යානයේ නියමුවරයා අතර ඇතිවූ මතභේදයක් අදාළ සිද්ධියට මුල් වූ බවය.
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දින පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධව චෝදනා එල්ල වූ කපිතාන්වරයා සේවයෙන් ඉල්ලා අස්වුවත් ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන කිසිදු පරීක්ෂණයකට එය බාධාවක් නොවන බවත් ඊට අදාළ සියලුම පරීක්ෂණ ස්වාධීනව ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පොදු සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පරීක්ෂණ දෙකක් පවත්වන බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් තවත් පරීක්ෂණයක් පවත්වන බවත්ය. එසේම මෙම සිදුවීම පදනම් කරගනිමින් ආසියාවේ පැරණිතම ගුවන් සේවයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල අපකීර්තියක් සහ කැළලක් සිදු වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
අදාළ සියලුම පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව සිදුවන බවත් මේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකින් අනතුරුව ඊට අදාළ තීරණ ගැනීම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදුකරන බවත් දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති