
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරුවක් ගැලවෙයි
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධිය අතිශය බරපතල සිද්ධියක් සේ දක්වමින් එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙළා ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් එසේ පරීක්ෂණ සිදුකළත් මෙම සිදුවීම හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශාල කැළලක් ඇති වී තිබේ. ඒ පිළිබඳව AirlineRatings.com සිය නවතම වාර්තාව පසුගියදා නිකුත් කර තිබුණි.
Aviation Herald (AV) ට අනුව, අදාළ ගුවන් නියමුවරයා තම සහයක නිලධාරිනියට ආපසු පැමිණීමට නොහැකි වන ලෙස කටයුතු කර ඇති අතර යානය කොළඹට ගොඩ බෑමෙන් අනතුරුව අපහසුතාවට පත්වූ නිලධාරිනිය විසින් පැමිණිලි කරමින් දක්වා ඇත්තේ ඇය සහ ගුවන් යානයේ නියමුවරයා අතර ඇතිවූ මතභේදයක් අදාළ සිද්ධියට මුල් වූ බවය.
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දින පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධව චෝදනා එල්ල වූ කපිතාන්වරයා සේවයෙන් ඉල්ලා අස්වුවත් ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන කිසිදු පරීක්ෂණයකට එය බාධාවක් නොවන බවත් ඊට අදාළ සියලුම පරීක්ෂණ ස්වාධීනව ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පොදු සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පරීක්ෂණ දෙකක් පවත්වන බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් තවත් පරීක්ෂණයක් පවත්වන බවත්ය. එසේම මෙම සිදුවීම පදනම් කරගනිමින් ආසියාවේ පැරණිතම ගුවන් සේවයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල අපකීර්තියක් සහ කැළලක් සිදු වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
අදාළ සියලුම පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව සිදුවන බවත් මේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකින් අනතුරුව ඊට අදාළ තීරණ ගැනීම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදුකරන බවත් දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
