
අලුතින් බදු පනවා නෑ.. පැවති බද්දක් දීර්ඝ කලා පමණයි..- මුදල් අමාත්‍යංශය කියයි
භාණ්ඩ වර්ග පහක් සඳහා රජය විසින් අලුතෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීම සිදු කර නොමැති බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදක, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.
සිදුකර ඇත්තේ කලින් පැවති බදු අනුපාතයන් දීර්ඝ කෙනෙක් පමණක් බවද එම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනයයි
රජය විසින් භාණ්ඩ වර්ග 5 ක් සඳහා අළුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදු කරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් පිළිබඳවයි
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු ප්‍යාන යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05 ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි.
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපානයන් සමගින් දැක්වීමන් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සඳහන් කිරීමන් ප්‍රධානම නීතිමය අවශ්‍යතාවයන් 03 කි.
එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ පහක් (05) සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබූ 2023 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වූ වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වූ බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මගින් කටයුතු කර ඇත.
එමගින් රජය විසින් අළුතින් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සන්නදායි ගත 25 ක් වු බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර, දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් සහ විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාත යටතේම එලෙසම දීර්ඝ කර දැන.
සාමාන්‍යයෙන් මෙම පනත යටතේ ගැසට් නිවේදනයෙන් වසරක කාලයක් සඳහා නිකුත් කලද, මෙම බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යනය කිරීම කෙරෙහි අවධානය යොමුකොට 2024.12.31 දින දක්වා පමණක් පවතින බදු ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමට තීරණය කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
