චීන ජාතිකයන් මෙරට සිදුකරන අන්තර්ජාල මගඩි නිසා පොලිසියට අලුතින් නීති හදන්න වෙලාලු
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචාවලට සම්බන්ධ විදේශිකයින් කිහිපදෙනෙකු, වැඩි වශයෙන් චීන ජාතිකයන් පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසුව, නීති සහ රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ගෙන් පොලිසිය දැන් මගපෙන්වීම අපේක්ෂා කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ, වෙනස් වන අපරාධ උපක්‍රමවලට සමගාමීව පවතින නීතිරීති ද වර්ධනය වියයුතු බවයි.
ප්‍රධාන වශයෙන් මාර්ගගත වංචා සම්බන්ධ නීති යාවත්කාලීන කළ යුතු බව ඔහු පෙන්වාදෙයි.
පරිගණක අපරාධ පනත යටතේ පොලිසිය මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, නවීන තාක්‍ෂණික වෙනස්කම් ඉලක්ක කිරීමට සහ ඇතැම් අපරාධ වඩාත් සාර්ථක ලෙස වැළැක්වීමට පනතේ නීති ශක්තිමත් කළ යුතු බව ඔහු පවසයි.
විදේශිකයින් විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන අන්තර්ජාල ජාවාරම් ඉහළයෑමේ ප්‍රවණතාවක් පවතින බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව පෙන්වාදෙයි.
පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලය ඔස්සේ වංචාවලට සම්බන්ධ විදේශිකයන් 300කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 500කට ආසන්න සන්ක්යාවක් සහ පරිගණක 300ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
නවතම සිදුවීමක් ලෙස අන්තර්ජාලය හරහා මූල්‍ය වංචාවලට සම්බන්ධ බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු විදේශිකයින් 10 දෙනකු පසුගිය අඟහරුවාදා (15) රාත්‍රියේ හලාවත හෝටලයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
හලාවත – ඉරණවිල පාරේ පිහිටි හෝටලයක විදේශීය ජාතිකයන් පිරිසක් නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරක් මත පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මැලේසියානු ජාතිකයන් සිව්දෙනෙකු, කාන්තාවක ඇතුළු ඉතියෝපියානු ජාතිකයන් සිව්දෙනකු, කෙන්යානු කාන්තාවක සහ චීන ජාතිකයකු ද වූ බව පොලිසිය පැවැසීය.
අන්තර්ජාල වංචාවන්ට සම්බන්ධ අයට නවාතැන් සපයන පුද්ගලයන්ට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කළ හැකි බවද පොලි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචාවලට සම්බන්ධ සැකකරුවන් සඳහා මහල් නිවාස හෝ නිවාස ලබාදෙන්නන් සම්බන්ධයෙන් වන නීති දැඩි කළයුතු බවද ඔහු පවසයි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති