
ජනපති අනුර BRICS සමුළුවට සහභාගී නොවන්නේ විදේශීය බලවේගයක බලපෑම් නිසාද? - ඉරාන් අසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුසියාවේ පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී නොවන්නේ කිසියම් විදේශීය බලවේගයක බලපෑම් හේතුවෙන්දැයි සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විමසා සිටියි.
කොළඹ දී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම ප්‍රශ්නය නැගුවේය.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත BRICS සමුළුවට සහභාගි නොවීමට ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර ඇත්දැයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
“ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන් කිරීම ගැන අපි සතුටු වෙනවා. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා යන දෙදෙනාම සමුළුවට සහභාගී නොවීම කණගාටුවට කරුණකි. රාජ්‍ය නායකයන් වැදගත් සමුළු සඳහා සහභාගී විය යුතුයි’ එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා අයැදුම් කර ඇති නමුත් ඉදිරි මැතිවරණ කටයුතු හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන බව පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් හමුවූ අවස්ථාවේ දී පැවසීය .
– Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
