අනුර අනුගමනය කරන්නේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියමයි... මැතිවරණ පොරොන්දු දැනටමත් කඩ කර අවසන් - ආචාර්ය ප්‍රියංග දුණුසිංහ කියයි
ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය ජනතාවට මොනතරම් පොරොන්දු දුන්නත් බලයට පත් වූ පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක අනුගමනය කරන්නේත් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියම බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යල ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.
ඒ අනුව මැතිවරණ පොරොන්දු දැනටමත් කඩ කර අවසන් නමුත් එය රට පැත්තෙන් ඉතා යහපත් බවත් හෙතෙම කියා සිටී.
"ජනාධිපතිවරණයට පෙර මැතිවරණ වේදිකාවල සිට ජාතික ජන බලවේගය ජනතාවට විවිධ පොරොන්දු දුන්නා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළව ණය තිරසරභාවය පිළිබඳව විකල්ප විශ්ලේෂණයකට යනවා කියලා ඔවුන් කිව්වා. නමුත් මේ වනතුරු ඔවුන් එවැනි විකල්ප විශ්ලේෂණයකට යොමුවෙලා නැහැ. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළ වෙනස්කම් සිදුකිරීම සඳහා ඔවුන් මැදිහත් වෙන්නෙත් නෑ. ඒ බව ඉතාම පැහැදිලියි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ සඳහන් දේවල් කිසිම වෙනසකින් තොරව ඉදිරියට ගමන් කරනවා.
ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රධාන වෙනස්කමක් හැටියට උපයන විට ගෙවන බද්දට අදාළව වෙනස්කම් හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් මීට පෙර පැවැති රජය ඉදිරිපත් කළ කාරණා තමයි එහිදීත් මූලිකව සිද්ධවීමට නියමිතව තියෙන්නේ. ජනාධිපතිවරණය ආසන්නයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා මීට අදාළ යෝජනා ඉදිරිපත් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුත් ඒ සඳහා එකඟතාවය හිමි වුණා. ඒ වෙනස්කම් සහ තවත් බදු සහන කිහිපයක් තමයි ඉදිරියේදී මූලික වශයෙන් ලැබීමට නියමිතව තියෙන්නේ.
ඒ අනුව ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය ආර්ථිකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් මොන අදහස් ඉදිරිපත් කළත්, ජනතාවට මොන පොරොන්දු දුන්නත් ඔවුන් ඒ කිසිවක් ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙලා නෑ කියලා අවබෝධ වෙනවා.
දේශපාලනිකව බැලුවොත් වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු කඩකරලා කියලා කියන්න පුළුවන්. නමුත් ආර්ථිකය පැත්තෙන් බැලුවාම ඔහු අනුගමනය කරන ක්‍රමවේදයේ වරදක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ නෑ. ඔහුගේ ක්‍රියාකලාපය ආර්ථිකය පැත්තෙන් ඉතාමත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා යන්නයි මගේ අදහස. කොහොම වුණත් පවතින ආර්ථික ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම ආදිය වෙනස් කරන්න ඡන්ද දායකයින් තුළ බලාපොරොත්තුවක් තිබුණානම්, දැනට තියෙන තත්ත්වය අනුව නම් ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටුවන බවක් පේන්නේ නෑ.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියාත්මක කරන්නේත් මීට පෙර රජයේ තිබූ ආර්ථික ප්‍රතිපත්තියමයි. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියට එකඟ වෙනවා කියන කාරණාව පැහැදිලි වෙනවා. මේ රටේ ආර්ථිකය තිරසර කරගැනීමට නම් මින් පෙර පැවැති ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි කියන මූලික පදනමේ සිටිමින් තමයි නව ජනාධිපතිවරයා කටයුතු කරන්නෙත්. මැතිවරණ වේදිකාවේදී මොන පොරොන්දු දුන්නත්, පවතින තත්ත්වය අනුව පෙර රජය කටයුතු කළ ආකාරයට ආර්ථිකය පවත්වාගෙන නොගියොත් නැවැතත් ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බව ජනාධිපතිවරයා ඇතුළු පිරිස වටහාගෙන තියෙනවා. ඒ වටහා ගැනීම ඉතාමත් යෝග්‍යයි.
එමෙන්ම තවදුරටත් ආර්ථික කටයුතු කරගෙන යාම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මහ බැංකු අධිපතිවරයාට අවස්ථාව ලබාදීලා තියෙනවා. ඒ නිලධාරීන් කාලාන්තරයක් තිස්සේම ඔවුන්ගේ වටිනා සේවය රටට ලබාදුන්නා. තවදුරටත් ඔවුන්ගේ සේවය මේ රටට අවශ්‍යයි. මේ නිලධාරීන් තමයි රටේ ආර්ථිකය සම්බන්ධයෙන් බොහොමයක් තීන්දු තීරණ ගත්තේ සහ සාකච්ඡාවලට සම්බන්ධ වුණේ. ඔවුන්ට ඉහළ වෘත්තීමය සුදුසුකම් සහ අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සේවය ලබාගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණයත් අගය කළ යුතුයි.
ඒ වගේම අදානි සමාගම සමග එකඟ වී තිබෙන සුළං විදුලි බලයට අදාළ ව්‍යාපෘතිය නවත්තනවා කියලත් ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය කිව්වා. නමුත් ඔවුන්ගේ ඒ ස්ථාවරය දැන් වෙනස් වෙලා. ඒ පිළිබඳව පසු විපරමක් කිරීමට තීරණය කිරීමත් සාධනීය ලක්‍ෂණයක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති