අංක එක ජාතික ආරක්ෂාවයි - ආරක්ෂක ලේකම් කියයි
ජාතික ආරක්ෂාව පිළිබඳ සැළකීමේදී ලාංකීය ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සිය ආරක්ෂක යාන්ත්‍රණයේ ප්‍රමුඛතම කාර්යභාරය බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ප්‍රකාශ කළේය.
ඔක්තොබර් 15 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවසීය.
“යුධ ගැටුම් නිසාවෙන් ඇති වන අහිතකර බලපෑම සහ එහි අමිහිරි මතකයන් අප සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක් තුළ ඇති සුවකිරීමේ බලය ද අත්දැක ඇත්තෙමු. ඔබ ඔබේ ඉදිරි ගමනේ මීළඟ අදියරට පා තබන විට, ජාතියක් ලෙස අප අපගේ අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම් ද ඔබ සමඟ ඉදිරි දිවියට අත්දැකීමක් කර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. එපමණක් නොව සාමයේ,ස්ථාවරත්වයේ සහ සහයෝගීතාවයේ වටිනාකම පිළිබඳව ද අප කිසිදා අමතක නොකරමු”.
උපාධි ප්‍රධානෝත්සවයේ අවසන් සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම්වරයා සහභාගි වූ අතර, ජාතික ආරක්ෂක විද්‍යාලය, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨය, යුද හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලය,නාවික සහ සාගරික විද්‍යා පීඨය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය යන අධ්‍යයන ආයතනවලින් මූලික උපාධි, පශ්චාත් උපාධි මෙන්ම ආචාර්ය උපාධි පාඨමාලා සම්පූර්ණ කල ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන්, දිවා විද්‍යාර්ථයන් ඇතුළු උපාධි අපේක්ෂකයන් 1,728 ක් මෙහිදී උපාධි ලබාගැනිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති