
මාස 6ක් සඳහා ධීවරයින්ට විශේෂ ඉන්ධන සහනාධාරයක්
ධීවර ජනතාවට විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා ඊයේ (15දා) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් පැවැසීය.
මේ සහනය ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලැබී ඇති බවද ඇමැතිවරයා කීවේය.
මේ අනුව ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රු. 25ක සහනාධාරයක් ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවත් ධීවර කර්මාන්තය යම්කිසි තැනකට ශක්තිමත් වනතෙක් මේ සහනාධාරය ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ධීවරයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන 2024. 10. 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 6ක කාලයක් සඳහා මේ ඉන්ධන සහනය ලබාදීමට ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා මේ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
මේ ඉන්ධන සහනය මාස හයක කාලයක් සඳහා රු. මිලියන 5.5ක් වෙන් කර ඇති බවත් ඒ අනුව ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා යාත්‍රා හිමියන් වෙනුවෙන් ලීටරයකට රු. 25 බැගින් මසකට රු. 300,000ක උපරිමයකට යටත්ව සහ ඉන්ධන වශයෙන් භූමිතෙල් ලබාගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට ලීටර් 15ක හා දින 25ක උපරිමයකට යටත්ව රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භූමිතෙල් ලීටරයකට රු. 25ක් වශයෙන් දීමනාවක් ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවද ඇමැති විජිත හේරත් මහතා සඳහන් කළේය.
ඩීසල් සහ භූමිතෙල්වල මිල සංශෝධනයන් සිදු කරන සෑම අවස්ථාවකම උපරිම මාස 6ක කාලයක් සඳහා ඩීසල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළෙන් මිලෙන් සියයට 7.5ක සහනයක්ද භූමිතෙල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් සියයට 12.5ක සහනයක්ද ලැබෙන පරිදි මේ සහන වැඩසටහන පවත්වාගෙන යන බවද කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා කියා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාව මේ සහනය ලබාදීමට අනුමැතිය ලබාදී ඇති බවද එම අනුමැතියට යටත්ව රජය මේ සහනාධාරය ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
