
පරීක්ෂණ කඩිනම් කරන ලෙස නියෝග කළ පොලිස් පරීක්ෂණවලට ලසන්ත, තාජුඩීන්, එක්නැළිගොඩ සිද්ධි ඇතුළත් නැහැලු
මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පරීක්ෂණ කඩිනම් කරන ලෙස පසුගියදා පොලිසියට නියෝග කළ සිද්ධි අතරට ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම ඇතුළත් නොවන බව වාර්තා වේ.
ප්‍රමුඛ පෙළේ සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට උපදෙස් ලබාදී ඇත.
වික්‍රමතුංග සහ තාජුඩීන් ඝාතන සහ එක්නැළිගොඩ අතුරුදන්වීම ඉහත ලැයිස්තුවට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ පරීක්ෂණ සිදු කරන්නේ පොලිසිය මිස අමාත්‍යාංශය නොවන බැවින් අවශ්‍යනම් පොලිසිය අමතා ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන ලෙසයි.
පරීක්ෂණ 7ක් සම්බන්ධයෙන් පමණක් වැඩබලන පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත.
එම පරීක්ෂණ 7 වන්නේ 2023 වසරේ වැලිගම W 15 හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය, 2022 දී සිදුවූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සැක සහිත මරණය, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, 2015 වසරේ සිදුවූ බව කියන මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව, 2011 වසරේ ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් අතුරුදහන් වීම, 2006 වසරේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු වූ සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන් වීම සහ 2005 දී
මාධ්‍යවේදී ඩී.පී.සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධීන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
