News Category
From Date
To Date
Maximum Number of Result

රජයේ රෝහල් විකුණමින් සිදුකරන වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට තිත තැබීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් නව රජයට යෝජනාවලියක්

Oct 14, 2024 at 02:27 PM
|

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පසුගිය රජය 2022 වර්ෂයේ සිටම විනාශකාරී ලෙස වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක සිටි බවත්, රටේ වෙනසක් සිදුකිරීමට බලයට පැමිණි නව රජය රජයේ රෝහල් විකුණමින්,  වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ගෙන ගිය එම වැඩපිළිවෙල වහා නැවැත්වීමට ක්‍රියාකළ යුතු බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කමිටුව පවසන්නේ ඒ සඳහා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන බවයි.

එම නිවේදනය පහළින්...

රජයේ රෝහල් විකුණමින් සිදු කරන වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වහා නවතනු !

රටේ දේශපාලන සංස්කෘතිය තුළ වෙනසක් කිරීමේ අපේක්ෂා සහිතව බලයට ආ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට වෛද්‍ය අධ්‍යාපනය තුළද පුනරුදයක් ඇති කිරීම සඳහා යෝජිත වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ යෝජනා මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පසුගිය රජය 2022 වර්ෂයේ සිටම විනාශකාරී ලෙස වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක සිටි බව සැවොම දන්නා කරුණකි. 

📍 ඊට මූලිකත්වය ගනිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල විසින් 2022 දෙසැම්බර් 16 වැනිදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල සායනික පුහුණුව ලබාදීම සඳහා ගාස්තු අය කිරීමේ පදනම මත රජයේ රෝහල් ලබාදීමට කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

📍 ඉන් පසු රනිල් වික්‍රමසිංහ විසින් 2023 මාර්තු 14 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොලගේ සභාපතීත්වයෙන් රජයේ රෝහල් පොකුරු ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට නිර්දේශ කිරීමේ ජනාධිපති කමිටුවක් පත් කළ අතර ඉන් රාජ්‍ය වෛද්‍ය පීඨ වලට අනුබද්ධිත රෝහල්ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වෙන් කරන ලදී. 

 📍 හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත NSBM ආයතනයේ ගාස්තු අය කරන වෛද්‍ය පීඨයක් පිහිටුවීමට දිගින් දිගටම සහය පළ කළ අතර සබරගමුව ආදී රාජ්‍ය වෛද්‍ය පීඨ ගැටලු මැද පීඩා විඳිද්දී ඔහු NSBM වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් කටයුතු වල ක්ෂේත්‍ර චාරිකාවලත්, ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යන චාරිකා වලත් නිරත විය.

 📍 රනිල් වික්‍රමසිංහ රජයේ අනුමැතිය සහිතව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් SLIIT ආයතනයට වෛද්‍ය පීඨයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර රෝහල් ලබා දීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීමද සිදු කොට තිබේ.

📍 2024 මාර්තු 11වැනිදා රනිල් වික්‍රමසිංහ විසින් NSBM පෞද්ගලික වෛද්‍ය පීඨය පිහිටුවීම සඳහා දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යා පීඨයේ සායනික පුහුණුවට භාවිතා කරන හෝමාගම මූලික රෝහල වෙන් කිරීමට කැබිනට් තීරණයක් ගත් අතර ඊට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද සහය දක්වන ලදී. 

  📍 හිටපු මෙන්ම වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් පහත සඳහන් රජයේ රෝහල් අදාළ පෞද්ගලික ආයතනවලට වෙන් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කිරීමත් සිදු කර තිබේ.

 • හලාවත දිස්ත්‍රික් මහ රෝහල ලයිසියම් කැම්පස් ආයතනයට

 • නුවරඑළිය සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් SLIIT ආයතනයට

 • අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල NSBM ආයතනයට

 (මෙහි, නාවලපිටිය රෝහල දැනට පේරාදෙණිය වෛද්‍ය පීඨය විසින් සායනික පුහුණුව සඳහා භාවිතා කරනු ලබන අතර සඳහා අවිස්සාවේල්ල රෝහල ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යා පීඨයට අනුබද්ධව පවතී.)

රාජ්‍ය මැදිහත්වීමත් සමග Lyceum Campus, NSBM, SLIIT සහ Gateway යන ආයතන හතර විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම සඳහා සිය ආයතන වලට පවතින යෝජනා පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට (SLMC) දන්වා එහි මාර්ගෝපදේශකත්වය ඉල්ලා තිබේ.  ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ දැඩි විරෝධය නොතකා, ලයිසියම් කැම්පස්හි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමේ ව්‍යාපෘතියේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇති අතර මේ වන විට සිසුන් බඳවා ගැනීම සඳහා වෛද්‍ය සභාවේ අවසරය ඉල්ලා ඇත. 

ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ ව්‍යාපෘතිය ස්ථාපිත වීමට අවශ්‍ය පසුබිම මේ වන විට සැකසී තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් අඛණ්ඩව සටන් කළ ජනතාවගේ අයිතියක් වන නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වත්මන් රජයට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ කාලය දැන් උදා වී ඇත. දේශපාලනික හෝ වෙනත් හේතූන් මත එවැනි කාලෝචිත තීරණ නොගැනීම හෝ තීරණ ප්‍රමාද කිරීම ඉදිරියේදී දේශපාලන අර්බුද ඇති කිරීමට හේතු වන බවත්, ජනතාව නව ජනාධිපතිවරයා වෙත තැබූ ජනවරම නොසලකා හැරීමක් ලෙසත් අප දැඩිව විශ්වාස කරන්නෙමු. ජනවරම පාවා දුන් නායකයන් ජනතා මැදිහත්වීමෙන්ම බල රහිත කළ අයුරුද ඔබ අප හොඳින් දන්නෙමු. 

මෙහිදී පෙර රජයේ කැබිනට් තීරණයක් අවලංගු කළ හැක්කේ තවත් කැබිනට් තීරණයක් හරහා වන බැවින්,

 🎯  2022 දෙසැම්බර් 16 වැනිදා එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විකිණීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය වහාම අවලංගු කළ යුතුය.

🎯 2023 මාර්තු 11 වැනිදා NSBM සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව හා කැබිනට් තීරණය වහාම අවලංගු කළ යුතුය.

🎯 එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලයිසියම් කැම්පස්, SLIIT සහ NSBM ආයතන සමග හලාවත, නුවරඑළිය, නාවලපිටිය හා අවිස්සාවේල්ල යන රෝහල් ලබා දීම සඳහා අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම් වහා අහෝසි කළ යුතුය.

මෙම ප්‍රතිපත්තිමය තීරණ ගෙන එය ශ්‍රී ලංකා වෛද්‍ය සහාවට දැනුම් දීම සඳහා වත්මන් රජය වහා මැදිහත්වීමේ අවශ්‍යතාව අපි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස පෙන්වා දෙන්නෙමු. එසේ නොවුණහොත් සයිටම් අර්බුදය විසින් එවක පැවති යහපාලන රජයට ඇති කළ ප්‍රතිවිපාකවලටම මෙම රජයටත් මුහුණ දීමට සිදු වනු ඇත. 

සරලවම මොහාන් ලාල් ග්‍රේරු ආදී සිය ගජ මිතුරු ව්‍යාපාරිකයන් සතුටු කිරීමට රනිල්-කෙහෙළිය ආරම්භ කළ PMC ව්‍යාපෘතියට වර්තමාන රජය දායක නොවනු ඇතැයි මෙරට වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව විශ්වාස කරති. එනිසා,

පාලකයිනි,

සුරක්ෂිත වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා රජයේ රෝහල් විකුණමින් සිදු කරන වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වහා නවතනු ! 

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

සම්බන්ධිත පුවත් | Related News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැදගත් තීන්දු කිහිපයක් හෙළි කර තිබේ.
ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.