
තවත් චීන ජාතිකයන් පිරිසක් මාර්ගගත ක්‍රම ඔස්සේ වංචා කළැයි අත්අඩංගුවට!
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචා සිදුකළ බව කියන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් කෝට්ටේ වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් ද පොලිස් භාරයට ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
මාර්ග ගත ක්‍රම ඔස්සේ මුල්‍ය වංචාවලට සම්බන්ධ බව පැවසෙන චීන ජාතිකයන් 180ක් පමණ ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔක්තෝබර් මාසය ඇතුළත අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 12 වනදා කුණ්ඩසාලේ ප්‍රදේශයේදී චීන ජාතිකයින් 129 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් අතර එහිදී කුණ්ඩසාලේ සුඛෝපභෝගී හෝටලයක කාමර 47ක තිබී ලැප්ටොප් පරිගණක 100කට අධික සංඛ්‍යාවක් සහ ජංගම දුරකථන විශාල සංඛ්‍යාවක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද අනාවරණය විය.
මීට අමතරව ලැප්ටොප් පරිගණක 5ක්, ජංගම දුරකථන 437ක්, USඹ් කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග සැළකිව යුතු සංඛ්‍යාවක්ද සමඟ වලංගු වීසා නොමැතිව පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයින් 20 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙසම පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගම්පහ ප්‍රදේශයේ හෝටලයකදී සහ හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකදී අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද පොලිස් අත්අඩංගුවට පත් විය.
එම පිරිසට චීන ජාතිකයින් 30 දෙනෙකු, ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු සහ තායි ජාතිකයින් 6 දෙනෙකු ඇතුළත් විය.
එම වැටළීමේදී ජංගම දුරකථන 499ක්, ලැප්ටොප් පරිගණක 25ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 29ක් ද පොලිස් භාරයට ගත් බවද අනාවරණය විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
