
ඇමරිකාවෙන් දෙන යානය පිළිගන්න ආරක්‍ෂක ලේකම් තුයියකොන්ත සහ ජුලී චන්ග් එති
ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ ගුවන් යානා සංචිතයට එක්වන නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beachcraft King Air360 ER {Extended Range) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහතා (10දා) කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ දී එක්වූහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට (No 3 Maritime Squadron) අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව මෙම නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beachcraft King Air 360 ER) ගුවන් යානය ගුවන් හමුදා සම්ප්‍රදායානුකූලව ජල ආචාරය (Water Salute) සිදුකරමින් පිළිගනු ලැබිණි.
ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙනු ලැබූ මෙම බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාර දීමේ සහ භාර ගැනීමේ ලේඛනයන් සඳහා ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අත්සන් තබන ලදී.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් සමුද්‍රිය නිරීක්ෂණ වර්ගයේ ගුවන් යානාවක් ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව සහ ඇමරිකානු එක්සත් ජනපද රජය අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER වර්ගයේ ගුවන් යානයක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදී.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
