News Category
From Date
To Date
Maximum Number of Result

ජිනීවා හිදී සම්මත කරගත් යෝජනාවලිය ගැන ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය

Oct 10, 2024 at 07:14 AM
|

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් ඊයේ (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පහතින් දැක්වෙයි.

එහි දැක්වෙන්නේ, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා ඊයේ දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

එම සැසිවාරයේදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සිදුකරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙයි,

ගරු සභාපතිතුමනි,

අභිනවයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා රජය විසින් බලය පවරන ලද පරිදි, 57/ L.1 යෝජනා කෙටුම්පතට සම්බන්ධ රට වශයෙන්, රටේ නවතම වර්ධනයන් පිළිබඳව කවුන්සිලය දැනුවත් කිරීමට කැමැත්තෙමි.

දශක ගණනාවක අපගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව අනුව යමින්, නිදහස්, සාධාරණ සහ සාමකාමී ජනාධිපතිවරණයක් සඳහා වූ ආදර්ශමත් හැසිරීම පිළිබිඹු කිරීමෙන් පසු ගෞරවනීය බල සංක්‍රාන්තියකින් අනතුරුව අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සැප්තැම්බර් 23 වැනි දින දිවුරුම් දුන්නේය.

රට තුළ නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් සමඟ රජයට ඉදිරියට යෑමට හැකි වනු පිණිස නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එළැඹෙන මාසයේදී නැවත වරක් තම ඡන්ද බලය පාවිච්චි කරනු ඇත. අප රටේ සියලුම පුරවැසියන්ගේ තිරසර ආර්ථික වර්ධනය සහ සමාජ යහපැවැත්ම සහතික කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය, වගවීම සහ සංහිඳියාව රජයනු ඇත.

ජනතා අභිලාෂයන් අනුව යමින්, ආර්ථික බිඳවැටීමට මූලික වූ අවපාලනය සහ දූෂණය පිළිබඳ ගැටලුවලට පිළියම් සෙවීමද ඇතුළුව අවංකභාවයට සහ සදාචාරාත්මක පාලනයට රජය ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

අතීත ගැටලුවලට පිළියම් සෙවීම ඇතුළුව සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම රජය විසින් සිදු කරනු ඇත. සංහිඳියාව, වගවීම සහ යුක්තිය සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාවලි ව්‍යවස්ථාමය රාමුව තුළ විශ්වසනීය සහ ස්වාධීන වනු ඇති අතර ජනතා විශ්වාසය සහිත සත්‍ය සහ සංහිඳියා ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. අතිගරු ජනාධිපතිතුමා පවසා ඇති ආකාරයට “අපේ අරමුණ වන්නේ දේශීය යාන්ත්‍රණ විශ්වසනීය සහ අර්ථසම්පන්න බවට පත්කිරීමයි..”

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, අතීතයේ සිට මෙතෙක් විසැඳී නොමැති පැහැදිලිව හඳුනාගත් වගවීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කඩිනම් කරන බව විමර්ශන බලධාරීන් දැනටමත් ප්‍රකාශ කොට තිබේ.

නිරර්ථක පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටු වනු ඇත.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ගිවිසුම් බැඳීම්වලට අනුකූලව, කිසිවෙකුට හෝ වෙනස් කොට සැලකීමකින් තොරව විවිධත්වයටත් සියලුදෙනා උදෙසා වූ සමාන පුරවැසිභාවයටත් ගරු කරන ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම සඳහා රජය කැපවී සිටියි. මේ සඳහා පරිපාලන, දේශපාලන හා මැතිවරණ ක්‍රියාදාම සක්‍රීය කෙරෙනු ඇත.

මෙම අංශ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමෙහිලා රජයට ජනවරමද  ජාත්‍යන්තර ප්‍රජාවේ දිරිගැන්වීමද ලැබී තිබේ.

ගරු සභාපතිතුමනි,

දැන්, අප ඉදිරියේ ඇති යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශය කරනු කැමැත්තෙමි :

57/L.1 යෝජනා කෙටුම්පත මඟින්, මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවේ ඇතුළත් බලාධිකාරය තවදුරටත් දීර්ඝ කිරීමකට ලක් කෙරෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මූලික වූ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට සහ ඊට පෙර සම්මත කොට ගත් මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවට ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කොට තිබේ.  

A/HRC/57/G/1 ලේඛනයේ අඩංගු වන, මෙම කවුන්සිලයට ඉදිරිපත් කර ඇති අපගේ සවිස්තරාත්මක ප්‍රතිචාරයේ දක්වා ඇති හේතු මත, අපි මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සමඟද එකඟ නොවූයෙමු.

යෝජනාවට අදාළ රට වශයෙන් ශ්‍රී ලංකාවේ එකඟතාවෙන් තොරව 51/1 යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කරන ලද අතර එය බෙදී ගිය ඡන්දයකින් සම්මත විය. එබැවින්, මෙම යෝජනාව මඟින් ස්ථාපිත කරනු ලැබූ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා පසුව ගනු ලබන කිසිදු තීරණයක් සම්බන්ධයෙන් කවුන්සිලය තුළ සම්මුතියක් නොපවතියි.

අප මෙම කවුන්සිලයට යළි යළිත් සිහිපත් කර ඇති පරිදි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය තුළ මෙම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය පිහිටුවීම කවුන්සිලයේ බලාධිකාරය පෙර නුවූ විරූ ලෙස සහ අත්තනෝමතික ලෙස ව්‍යාප්ත කිරීමක් වන අතර කවුන්සිලයේ ආරම්භක මූලධර්ම වන අපක්ෂපාතීත්වයට, වාස්තවිකත්වයට සහ තෝරා නොගැනීමට පටහැනිය.

ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන සහ රටේ දේශීය නෛතික ක්‍රියාදාම පූර්ව විනිශ්චයට ලක් කරන බාහිර යාන්ත්‍රණයක් අධිස්ථාපනය කිරීම කිසිදු ස්වෛරී රාජ්‍යයකට පිළිගත නොහැකිය. තවද, මෙම යාන්ත්‍රණයේ නොනැවතී ව්‍යාප්ත වන බලාධිකාරය සැලැකිල්ලට ගනිමින්, එකී යාන්ත්‍රණය නිසා ඇති වන ප්‍රතිපාදනමය ගැටලු පිළිබඳව බොහෝ රටවල් දැනටමත් සිය කනස්සල්ල පළ කොට ඇත.

ඉහත දක්වන ලද හේතු මත, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා අද දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අපට සිදුවී තිබේ.

ගරු සභාපතිතුමනි,

අප විසින් යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූවද, නිත්‍ය මානව හිමිකම් ආයතන සහ අප පාර්ශ්වකරුවන් වන සියලුම මූලික මානව හිමිකම් ගිවිසුම් මෙන්ම විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය යටතේ අප සතු වගකීම්ද ඇතුළුව මෙම කවුන්සිලය සමඟ ස්වකීය දීර්ඝකාලීන හා අර්ථසම්පන්න සබඳතා ශ්‍රී ලංකාව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. 

අප අත්කර ගන්නා ප්‍රගතිය පිළිබඳව අපි කවුන්සිලය දැනුම්වත් කරන්නෙමු.

අප අපගේ රටේ නව පරිච්ඡේදයකට පිවිසෙන්නා වූ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දක්වමින් බොහෝ රටවල් මෙම කවුන්සිලයේදී ගත්තා වූ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ද මම අගය කිරීමට කැමැත්තෙමි. 

මානව හිමිකම් සහ මානුෂීය තත්ත්වයන් පිළිබඳ බහුපාර්ශ්වික ප්‍රජාව තුළ දැඩි සර්වදෝෂදර්ශී ස්වභාවයක් සහ ධ්‍රැවීකරණයක් ඇතිවමින් පවතින අවස්ථාවක, එකී සම්මතයන් හාස්‍යයට ලක්වන සන්දර්භයක් තුළ, දේශීය ක්‍රියාදාම හරහා සහ අපගේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව මානව හිමිකම් සහ සංහිඳියාව සාක්ෂාත් කරගැනීමට රජය සතු පැහැදිලි ආධ්‍යාශයට සහාය දක්වා එය උනන්දු කරවන ලෙස, අප විරෝධය පළ කරන මෙම දේශපාලනීකරණය වූ කෙටුම්පත් යෝජනාවේ සම අනුග්‍රාහකයන්ගෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු.  

ස්තූතියි, ගරු සභාපතිතුමනි.

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.
ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,
‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.
සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

ප්‍රධාන පුවත්

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.