News Category
From Date
To Date
Maximum Number of Result

ජිනීවා හිදී සම්මත කරගත් යෝජනාවලිය ගැන ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය

Oct 10, 2024 at 07:14 AM
|

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් ඊයේ (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පහතින් දැක්වෙයි.

එහි දැක්වෙන්නේ, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා ඊයේ දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

එම සැසිවාරයේදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සිදුකරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙයි,

ගරු සභාපතිතුමනි,

අභිනවයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා රජය විසින් බලය පවරන ලද පරිදි, 57/ L.1 යෝජනා කෙටුම්පතට සම්බන්ධ රට වශයෙන්, රටේ නවතම වර්ධනයන් පිළිබඳව කවුන්සිලය දැනුවත් කිරීමට කැමැත්තෙමි.

දශක ගණනාවක අපගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව අනුව යමින්, නිදහස්, සාධාරණ සහ සාමකාමී ජනාධිපතිවරණයක් සඳහා වූ ආදර්ශමත් හැසිරීම පිළිබිඹු කිරීමෙන් පසු ගෞරවනීය බල සංක්‍රාන්තියකින් අනතුරුව අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සැප්තැම්බර් 23 වැනි දින දිවුරුම් දුන්නේය.

රට තුළ නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් සමඟ රජයට ඉදිරියට යෑමට හැකි වනු පිණිස නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එළැඹෙන මාසයේදී නැවත වරක් තම ඡන්ද බලය පාවිච්චි කරනු ඇත. අප රටේ සියලුම පුරවැසියන්ගේ තිරසර ආර්ථික වර්ධනය සහ සමාජ යහපැවැත්ම සහතික කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය, වගවීම සහ සංහිඳියාව රජයනු ඇත.

ජනතා අභිලාෂයන් අනුව යමින්, ආර්ථික බිඳවැටීමට මූලික වූ අවපාලනය සහ දූෂණය පිළිබඳ ගැටලුවලට පිළියම් සෙවීමද ඇතුළුව අවංකභාවයට සහ සදාචාරාත්මක පාලනයට රජය ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

අතීත ගැටලුවලට පිළියම් සෙවීම ඇතුළුව සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම රජය විසින් සිදු කරනු ඇත. සංහිඳියාව, වගවීම සහ යුක්තිය සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාවලි ව්‍යවස්ථාමය රාමුව තුළ විශ්වසනීය සහ ස්වාධීන වනු ඇති අතර ජනතා විශ්වාසය සහිත සත්‍ය සහ සංහිඳියා ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. අතිගරු ජනාධිපතිතුමා පවසා ඇති ආකාරයට “අපේ අරමුණ වන්නේ දේශීය යාන්ත්‍රණ විශ්වසනීය සහ අර්ථසම්පන්න බවට පත්කිරීමයි..”

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, අතීතයේ සිට මෙතෙක් විසැඳී නොමැති පැහැදිලිව හඳුනාගත් වගවීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කඩිනම් කරන බව විමර්ශන බලධාරීන් දැනටමත් ප්‍රකාශ කොට තිබේ.

නිරර්ථක පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටු වනු ඇත.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ගිවිසුම් බැඳීම්වලට අනුකූලව, කිසිවෙකුට හෝ වෙනස් කොට සැලකීමකින් තොරව විවිධත්වයටත් සියලුදෙනා උදෙසා වූ සමාන පුරවැසිභාවයටත් ගරු කරන ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම සඳහා රජය කැපවී සිටියි. මේ සඳහා පරිපාලන, දේශපාලන හා මැතිවරණ ක්‍රියාදාම සක්‍රීය කෙරෙනු ඇත.

මෙම අංශ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමෙහිලා රජයට ජනවරමද  ජාත්‍යන්තර ප්‍රජාවේ දිරිගැන්වීමද ලැබී තිබේ.

ගරු සභාපතිතුමනි,

දැන්, අප ඉදිරියේ ඇති යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශය කරනු කැමැත්තෙමි :

57/L.1 යෝජනා කෙටුම්පත මඟින්, මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවේ ඇතුළත් බලාධිකාරය තවදුරටත් දීර්ඝ කිරීමකට ලක් කෙරෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මූලික වූ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට සහ ඊට පෙර සම්මත කොට ගත් මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවට ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කොට තිබේ.  

A/HRC/57/G/1 ලේඛනයේ අඩංගු වන, මෙම කවුන්සිලයට ඉදිරිපත් කර ඇති අපගේ සවිස්තරාත්මක ප්‍රතිචාරයේ දක්වා ඇති හේතු මත, අපි මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සමඟද එකඟ නොවූයෙමු.

යෝජනාවට අදාළ රට වශයෙන් ශ්‍රී ලංකාවේ එකඟතාවෙන් තොරව 51/1 යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කරන ලද අතර එය බෙදී ගිය ඡන්දයකින් සම්මත විය. එබැවින්, මෙම යෝජනාව මඟින් ස්ථාපිත කරනු ලැබූ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා පසුව ගනු ලබන කිසිදු තීරණයක් සම්බන්ධයෙන් කවුන්සිලය තුළ සම්මුතියක් නොපවතියි.

අප මෙම කවුන්සිලයට යළි යළිත් සිහිපත් කර ඇති පරිදි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය තුළ මෙම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය පිහිටුවීම කවුන්සිලයේ බලාධිකාරය පෙර නුවූ විරූ ලෙස සහ අත්තනෝමතික ලෙස ව්‍යාප්ත කිරීමක් වන අතර කවුන්සිලයේ ආරම්භක මූලධර්ම වන අපක්ෂපාතීත්වයට, වාස්තවිකත්වයට සහ තෝරා නොගැනීමට පටහැනිය.

ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන සහ රටේ දේශීය නෛතික ක්‍රියාදාම පූර්ව විනිශ්චයට ලක් කරන බාහිර යාන්ත්‍රණයක් අධිස්ථාපනය කිරීම කිසිදු ස්වෛරී රාජ්‍යයකට පිළිගත නොහැකිය. තවද, මෙම යාන්ත්‍රණයේ නොනැවතී ව්‍යාප්ත වන බලාධිකාරය සැලැකිල්ලට ගනිමින්, එකී යාන්ත්‍රණය නිසා ඇති වන ප්‍රතිපාදනමය ගැටලු පිළිබඳව බොහෝ රටවල් දැනටමත් සිය කනස්සල්ල පළ කොට ඇත.

ඉහත දක්වන ලද හේතු මත, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා අද දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අපට සිදුවී තිබේ.

ගරු සභාපතිතුමනි,

අප විසින් යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූවද, නිත්‍ය මානව හිමිකම් ආයතන සහ අප පාර්ශ්වකරුවන් වන සියලුම මූලික මානව හිමිකම් ගිවිසුම් මෙන්ම විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය යටතේ අප සතු වගකීම්ද ඇතුළුව මෙම කවුන්සිලය සමඟ ස්වකීය දීර්ඝකාලීන හා අර්ථසම්පන්න සබඳතා ශ්‍රී ලංකාව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. 

අප අත්කර ගන්නා ප්‍රගතිය පිළිබඳව අපි කවුන්සිලය දැනුම්වත් කරන්නෙමු.

අප අපගේ රටේ නව පරිච්ඡේදයකට පිවිසෙන්නා වූ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දක්වමින් බොහෝ රටවල් මෙම කවුන්සිලයේදී ගත්තා වූ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ද මම අගය කිරීමට කැමැත්තෙමි. 

මානව හිමිකම් සහ මානුෂීය තත්ත්වයන් පිළිබඳ බහුපාර්ශ්වික ප්‍රජාව තුළ දැඩි සර්වදෝෂදර්ශී ස්වභාවයක් සහ ධ්‍රැවීකරණයක් ඇතිවමින් පවතින අවස්ථාවක, එකී සම්මතයන් හාස්‍යයට ලක්වන සන්දර්භයක් තුළ, දේශීය ක්‍රියාදාම හරහා සහ අපගේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව මානව හිමිකම් සහ සංහිඳියාව සාක්ෂාත් කරගැනීමට රජය සතු පැහැදිලි ආධ්‍යාශයට සහාය දක්වා එය උනන්දු කරවන ලෙස, අප විරෝධය පළ කරන මෙම දේශපාලනීකරණය වූ කෙටුම්පත් යෝජනාවේ සම අනුග්‍රාහකයන්ගෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු.  

ස්තූතියි, ගරු සභාපතිතුමනි.

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.