News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවට ලිහිලක් දෙන්න එපා – ගෝලීය ද්‍රවිඩ සංසදය ජිනීවා මානව හිමිකම් කොමිසමින් ඉල්ලලා

Oct 9, 2024 at 07:33 PM
|

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති වගවීමේ ව්‍යාපෘතිය දීර්ඝ කරන ලෙසත් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අදාළ සියලුම එක්සත් ජාතීන්ගේ ආයතන වෙත වාර්තාව යොමුකරන කරන ලෙසත් ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේ දී ‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ මෑත වාර්තාව සහ ඉන් පසු සංවාදය සාදරයෙන් පිළිගනිමින් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ඊයේ (08) ප්‍රකාශය නිකුත් කරමින් සඳහන් කර තිබුණේ වොල්කර් ටර්ක්ගේ වාර්තාව මගින් දැනට සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉස්මතු කරන අතර ශ්‍රී ලංකාවේ වගවීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික හා අන්තර්ජාතික ක්‍රියාමාර්ග ඉල්ලා සිටින බවයි.

මහ කොමසාරිස් ටර්ක්ගේ වාර්තාව, දෙමළ බහුතරයක් වෙසෙන උතුරු හා නැඟෙනහිර පළාත්වල සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට සහ බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට හිරිහැර කිරීම, ඉඩම් අත්පත් කර ගැනීම් සහ වින්දිතයන් අනුස්මරණ කටයුතුවලට බාධා කිරීම වැනි අත්තනෝමතික පොලිස් ක්‍රියා ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉස්මතු කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලිකව ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුවෙන් සහතිකයක් ලබාදී තිබියදී එය අඛණ්ඩව භාවිත කිරීම සම්බන්ධයෙන් වාර්තාවේ සොයාගැනීම් කණගාටුදායක බව ඔහු සඳහන් කර තිබේ.

වාර්තා වන පරිදි, පසුගිය මාස 18 තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවම වශයෙන් අත්අඩංගුවට ගැනීම් 46ක් සිදු කර ඇති අතර, තැතිගන්වනසුළු වධහිංසා සිද්ධි 2,845ක්, නීති විරෝධී ඝාතන 21ක් සහ අත්අඩංගුවේ සිටියදී වූ මරණ 26ක් එම කාලය තුළ සිදුව ඇති බව පැවසේ.

මෙම වාර්තාව අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කාර්ය සාධනය සහ ප්‍රමාණවත් නොවීම පිළිබඳ සාක්ෂියකි.

අතුරුදහන් වූවන් දස දහස් ගණනක් සිටියදී අතුරුදන් වූවන්ගේ කාර්යාලය විසින් තහවුරු කර ඇත්තේ එක් මරණයක් සහ අතුරුදහන්වීම් හතරක් පමණක් වන අතර, එහි සියලු විමර්ශන බලතල භාවිත නොකර, වින්දිතයන් අවහිර කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් වැඩි විස්තර ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇති බව ද සුරේන් සුරේන්ද්‍රන් පවසයි.

සමූහ මිනීවල මහ කොමසාරිස්වරයාගේ අවධානයට ලක් වූ තවත් කරුණක් බවත් පසුගිය දශක කිහිපය තුළ සමූහ මිනීවළවල් කිහිපයක් අහම්බෙන් සොයාගෙන අර්ධ වශයෙන් ගොඩගනු ලැබුවද, කිසිදු අස්ථි කොටස් හඳුනාගෙන ඒවා පවුල් වෙත ආපසු ලබා දී නොමැති බව වාර්තාවේ සඳහන් වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව මහ කොමසාරිස්වරයා විසින් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ගොඩගැනීම් සිදුකිරීමට ප්‍රමාණවත් මූල්‍ය, මානව සහ තාක්ෂණික සම්පත් වෙන් කිරීමට නිර්දේශ කරන අතර අන්තර්ජාතික සහාය ලබා ගැනීමට රජය දිරිමත් කර ඇති බව ද සුරේන් පවසා තිබේ.

අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකට ගෝලීය ද්‍රවිඩ සංසදය සුබ පැතුම් එක් කර ඇති අතර, ඔහුගේ පරිපාලනය යහපාලනය පෝෂණය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ දණ්ඩමුක්තිය අවසන් කරනු ඇතැයි යන සුභවාදී බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් කර ඇත.

ගෝලීය ද්‍රවිඩ සංසදය නව රජයෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතීන්ගේ පද්ධතිය, අන්තර්ජාතික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරන ලෙසයි.

මෙම සංක්‍රාන්තිය සඳහා දායක වීමට ගෝලීය ද්‍රවිඩ සංසදය සිය කාර්යභාරය ඉටු කරන බව ද ප්‍රකාශ කර තිබේ.

- ceylonwire

සම්බන්ධිත පුවත් | Related News

කාශ්මීරයේ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසු න්‍යෂ්ටික සන්නද්ධ ප්‍රතිවාදීන් අතර සබඳතා පහත වැටීමත් සමඟ ඉස්ලාමාබාද් සමඟ සබඳතා පහත හෙලීමට පියවර ගන්නා බව ඉන්දියාව නිවේදනය කිරීමෙන් දිනකට පසු බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ආනයන සඳහා අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාර්ථක සාකච්ඡාවක් කිරීම පිළිබඳව රජය කළ ප්‍රකාශය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අදහස් දැක්වීය.
ඊයේ(23) ඇපල් සමාගම AAPL.O නම් නව ටැබ් උපකරණයක් හඳුන්වා දීමේදී යුරෝ මිලියන 500 (ඩොලර් මිලියන 570) ක දඩයක් නියම කරන ලද අතර අළුතින් හඳුන්වා දුන් මෙටා සමාගමේ META.O නව උපකරණයට යූරෝ මිලියන 200ක දඩයක් නියම කළේය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය කෙරෙන අවම මුදල රුපියල් 16,318ක් ලෙස සඳහන් කර තිබෙනවා.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.

ප්‍රධාන පුවත්

කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි

කාශ්මීරයේ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසු න්‍යෂ්ටික සන්නද්ධ ප්‍රතිවාදීන් අතර සබඳතා පහත වැටීමත් සමඟ ඉස්ලාමාබාද් සමඟ සබඳතා පහත හෙලීමට පියවර ගන්නා බව ඉන්දියාව නිවේදනය කිරීමෙන් දිනකට පසු බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි

ආනයන සඳහා අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාර්ථක සාකච්ඡාවක් කිරීම පිළිබඳව රජය කළ ප්‍රකාශය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අදහස් දැක්වීය.

යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.

ඊයේ(23) ඇපල් සමාගම AAPL.O නම් නව ටැබ් උපකරණයක් හඳුන්වා දීමේදී යුරෝ මිලියන 500 (ඩොලර් මිලියන 570) ක දඩයක් නියම කරන ලද අතර අළුතින් හඳුන්වා දුන් මෙටා සමාගමේ META.O නව උපකරණයට යූරෝ මිලියන 200ක දඩයක් නියම කළේය.

දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වන්දනා මාන කිරීම වෙනුවෙන් යොදවා තිබූ විශේෂ දුම්රිය සේවාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.