News Category
From Date
To Date
Maximum Number of Result

මානව හිමිකම් කවුන්සලයට වගවීමේ ගැටළුව: මුසාවාද වලට එරෙහිව,සෘජු වාර්තාවක් සකසන්න-ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නව රජයෙන් ඉල්ලයි.

Oct 9, 2024 at 01:25 PM
|

2009 වර්ෂයේ මැයි මාසයේදී යුද්ධය සාර්ථක ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකාවෙන් වගවීම ඉල්ලා සිටින අය රට තුළ ත්‍රස්තවාදයේ මූලාරම්භය ගැන නිහඬව සිටින බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවසයි.

ඊනියා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (Sri Lanka Accountability Project -SLAP) සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ගෝලීය ද්‍රවිඩ සංසදය (GTF) විසින් නිකුත් කරන ලද නවතම ප්‍රකාශය, ඉන්දියානු හමුදාව විසින් 1987 ජූලි මස සිට 1990 මාර්තු මස දක්වා සිදු කරන ලද ඝාතන, විනාශයන් සහ අතුරුදහන් කිරීම් මෙන්ම එල්.ටී.ටී.ඊ. ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් දුසිම් භාගයකට අධික සංඛ්‍යාවකින් තිස් අවුරුදු යුධ සමයේදී සිදු කරන ලද ඝාතන, විනාශයන් සහ අතුරුදහන් කිරීම් ඉතා පහසුවෙන් අමතක කර ඇතැයී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් එහි විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා "The Island" පුවත් පතට පැවසුවේ වසර 30 ක කාලයක් පුරා පැවති සටන්වලදී මියගිය හෝ අතුරුදහන් වූවන් ලෙස වර්ගීකරණය කරන ලද දහස් ගණනක් ඇත්ත වශයෙන්ම මිය ගොස් ඇති වුවද තවත් බොහෝ පිරිසක් විදේශ රටවල පුරවැසිභාවය ලබා ගත් බවත්ය. "The Island" පුවත් පත කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් ධර්මදාස මහතා විවිධ තත්වයන් යටතේ ඝාතනයට ලක්වූ පුද්ගලයින් වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය. “සමහරු 2009 වර්ෂයේ ජනවාරි - මැයි අතර වන්නි සහ නැඟෙනහිර පෙරමුණේ ගොඩබිම් සටන් වල අවසන් අදියරේදී මිය ගිය  මිනිසුන් බවට බොරු ප්‍රචාරය කිරීමට නැඹුරු වී සිටිනවා. නමුත් සත්‍යය එය නොවෙයි. දරුස්මාන් වාර්තාවේ සඳහන් වන පරිදි වන්නි සහ නැගෙනහිර යුද පෙරමුණේ සිවිල් වැසියන් 40,000කට අධික පිරිසක් මිය ගිය බවට බොහෝ විට පුන පුනා කරන චෝදනාව 2017 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවිඩ මගින් සම්පූර්ණයෙන්ම පරස්පර තොරතුරු බවට පත්වී තිබෙනවා.” යසස් ධර්මදාස මහතා පැවසීය.

ICRC සහ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ පදනම් කරගත් අනෙකුත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ කොළඹ  කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාවක මියගිය සිවිල් සහ කොටි ත්‍රස්තවාදීන් යන දෙඅංශයටම අයත් සංඛ්‍යාව 7,721 ක් සහ 14,000කට වැඩි පිරිසක් තුවාල ලැබූවන්  ලෙස සටහන් කර ඇති බව ගෝලීය ද්‍රවිඩ සංවිධානය නොදැන සිටිය නොහැකි බවද  ධර්මදාස මහතා අවධාරාණය කළේය.ජිනීවා නුවර පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ( United Nations Human Rights Council -UNHRC), එක් එක් ගැටුම් සඳහා අනුගමනය කරන පදනම්ව තුළ ඇති දෙබිඩි පිළිවෙත නිසා එම කවුන්සිලයේ විශ්වසනීයත්වය ද ඉතා පහත් මට්ටමක පැවතුනද, ශ්‍රී ලංකාවේ පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදි යුද්ධයට අදාළ සියලු දත්ත එම කවුන්සිලය  ඉදිරියේ තබන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ප්‍රති-ප්‍රචාරක ප්‍රහාරයේ ඉදිරියෙන්ම සිටි නියමුවෙකු වන යසස් ධර්මදාස මහතා 2015 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වගවීමේ යෝජනාවකට සම අනුග්‍රහය දක්වමින් යුද්ධය දිනූ සන්නද්ධ හමුදාවන් පාවා දීම සම්බන්ධයෙන් සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කළ  වරද හෙළිදරව් කිරීමට මැදිහත්වූ අයෙකි. ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් ප්‍රවර්ධනය කරන ලද ඊනියා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (SLAP)  , යහපාලන රෙජීමයේ පාවාදීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවත්, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති යුරෝපීය, ඇමරිකානු සහ කැනේඩියානු පුරවැසියන් සංඛ්‍යාව සොයා ගන්නා ලෙස ජිනීවා වෙත අභියෝග කරමින් ධර්මදාස පැවසීය. "විදේශ පුරවැසිභාවය ලැබූවන් අතර අතුරුදන් වූවන් විශාල ප්‍රමාණයක් සිටිය හැකියි," යසස් ධර්මදාස නම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයා පැවසීය.

පැවැති යුද කලාපවල සමූහ මිනීවළවල් හමුවීම සම්බන්ධයෙන් සඳහන් කරමින් ධර්මදාස මහතා කියා සිටියේ යහපාලන පාලන සමයේදී මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා හමුදාවට සෘජුවම දොස් පැවරූ බවයි. නමුත් මන්නාරම සමූහ මිනීවලෙන් ලබාගත් මිනිස් ඇටසැකිලි සාම්පල හයක් ක්‍රිස්තු වර්ෂ 1499 ත් 1719 ත් අතර කාලයට අයත් බව ෆ්ලොරිඩාවේ බීටා ඇනලිටික් රේඩියෝ කාබන් කාල නිර්ණ රසායනාගාරයේ රේඩියෝ කාබන් කාල නිර්ණ වාර්තාවෙන් හෙළි වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ධර්මදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද දෙමළ කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් සිදුවූ මරණ පිළිබඳව ද ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් කළ යුතු බවයි. ආධිපත්‍යය සඳහා වූ සටන හේතුවෙන් දහස් ගණනක් මිය ගිය අතර එල්.ටී.ටී.ඊ.ය එහි නියෝජ්‍ය නායක මහත්තයා ඇතුළු තමන්ගේම සාමාජිකයන් බොහෝ දෙනෙකු ඝාතනය කළ බවද ධර්මදාස පැවසීය.

යුද්ධය සාර්ථකව අවසන් වී වසර 15ක් ගතවී ඇතත්, එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද සටන්කරුවන් සහ සිවිල් වැසියන් මෙන්ම අනෙකුත් දෙමළ කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද දෙමළ ජනයාගේ සංඛ්‍යාව තවමත් අපැහැදිලි තත්වයේ පවතින බවද ධර්මදාස මහතා පැවසීය.

දරුස්මාන් කණ්ඩායමේ සාමාජිකාවක් වන යස්මින් සූකා විසින් නිකුත් කරන ලද වාර්තාවකින් කොටි බුද්ධි අංශ සාමාජිකයන් ඇතුළු හිටපු කොටි සටන්කාමීන් පිරිසක් යුරෝපයේ සිටින බව පිළිගෙන ඇති බව සඳහන් කිරීම සුදුසු බවද ධර්මදාස මහතා පැවසීය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔවුන්ගේ පුරවැසියන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම විදේශීය රජයන් ප්‍රතික්ෂේප කරනතාක් අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ධර්මදාස මහතා අවධාරණය කළේය. එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් සටන් කර ප්‍රංශයට පලාගිය ඇන්ටනිදාසන් ජේසුදාසන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑ "ධීපන්" නම් චිත්‍රපටය 2015 වසරේ කෑන්ස් චිත්‍රපට සම්මාන උළෙලේ පාම් ඩි ඕර් සම්මානය දිනා ගැනීමත් සමඟ බවද  ධර්මදාස මහතා පෙන්වා දුන්නේය.

ඉන්දියාවේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් මෙන්ම අවදානම් සහිත පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමේදී මියගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ගේ සංඛ්‍යාවද අභිරහසක්ව පවතින බව ධර්මදාස මහතා සඳහන් කළේය." 1991 මැයි මාසයේදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ඝාතනයට ලක්වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ සිද්ධිය සැලකිල්ලට ගතහොත් ඔවුන් මරා වළලනු ලැබූ අතර ඔවුන් ද තවමත්  අතුරුදහන් වූවන් ලෙස වර්ගීකරණය කර තිබීමද සැලකිල්ලට ගත යුතුයි." ධර්මදාස මහතා පෙන්වා දුන්නේය හැකිය. 1988 අග භාගයේදී එවකට මාලදිවයින් ජනාධිපතිවූ මවුමූන් අබ්දුල් ගයුම් මහතා ප්ලොට් සංවිධානයේ ඝාතන උත්සාහයෙන් පසුව ඉන්දීය හමුදාව අතින් බොහෝ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන්ගේ මරණ සිදු වූ බවද ධර්මදාස පැවසීය.

ශ්‍රී ලංකාව ජිනීවාහි මානව හිමිකම් සමුළුවට මෙවැනි වාර්තා  සෘජුවම ඉදිරිපත් කළ යුතු අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම වැනි කරුණු කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින්  ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා තහවුරු නොකළ යුද අපරාධ චෝදනා ගසාකෑමට නැඹුරු ව  ප්‍රචාරය කරන ලද බොරුවලට එරෙහිව වත්මන් ආණ්ඩුව දැඩිව පෙනී සිටිය යුතු බව යසස් ධර්මදාස මහතා අවධාරණය කළේය.

https://island.lk/accountability-issues-gslf-urges-new-govt-to-counter-lies-set-the-record-straight/

රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සහ ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට සිදුකරන දැඩි බලපෑම විස්තර කරමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමින්ද්‍ර  ෆර්ඩිනැන්ඩෝ විසින් සිදුකළ හෙළිදරව්ව මෙයට සාක්ෂි වශයෙන් පහළින් දක්වා තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.