News Category
From Date
To Date
Maximum Number of Result

මානව හිමිකම් කවුන්සලයට වගවීමේ ගැටළුව: මුසාවාද වලට එරෙහිව,සෘජු වාර්තාවක් සකසන්න-ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නව රජයෙන් ඉල්ලයි.

Oct 9, 2024 at 01:25 PM
|


2009 වර්ෂයේ මැයි මාසයේදී යුද්ධය සාර්ථක ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකාවෙන් වගවීම ඉල්ලා සිටින අය රට තුළ ත්‍රස්තවාදයේ මූලාරම්භය ගැන නිහඬව සිටින බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවසයි.

ඊනියා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (Sri Lanka Accountability Project -SLAP) සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ගෝලීය ද්‍රවිඩ සංසදය (GTF) විසින් නිකුත් කරන ලද නවතම ප්‍රකාශය, ඉන්දියානු හමුදාව විසින් 1987 ජූලි මස සිට 1990 මාර්තු මස දක්වා සිදු කරන ලද ඝාතන, විනාශයන් සහ අතුරුදහන් කිරීම් මෙන්ම එල්.ටී.ටී.ඊ. ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් දුසිම් භාගයකට අධික සංඛ්‍යාවකින් තිස් අවුරුදු යුධ සමයේදී සිදු කරන ලද ඝාතන, විනාශයන් සහ අතුරුදහන් කිරීම් ඉතා පහසුවෙන් අමතක කර ඇතැයී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් එහි විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා "The Island" පුවත් පතට පැවසුවේ වසර 30 ක කාලයක් පුරා පැවති සටන්වලදී මියගිය හෝ අතුරුදහන් වූවන් ලෙස වර්ගීකරණය කරන ලද දහස් ගණනක් ඇත්ත වශයෙන්ම මිය ගොස් ඇති වුවද තවත් බොහෝ පිරිසක් විදේශ රටවල පුරවැසිභාවය ලබා ගත් බවත්ය. "The Island" පුවත් පත කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් ධර්මදාස මහතා විවිධ තත්වයන් යටතේ ඝාතනයට ලක්වූ පුද්ගලයින් වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය. “සමහරු 2009 වර්ෂයේ ජනවාරි - මැයි අතර වන්නි සහ නැඟෙනහිර පෙරමුණේ ගොඩබිම් සටන් වල අවසන් අදියරේදී මිය ගිය  මිනිසුන් බවට බොරු ප්‍රචාරය කිරීමට නැඹුරු වී සිටිනවා. නමුත් සත්‍යය එය නොවෙයි. දරුස්මාන් වාර්තාවේ සඳහන් වන පරිදි වන්නි සහ නැගෙනහිර යුද පෙරමුණේ සිවිල් වැසියන් 40,000කට අධික පිරිසක් මිය ගිය බවට බොහෝ විට පුන පුනා කරන චෝදනාව 2017 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවිඩ මගින් සම්පූර්ණයෙන්ම පරස්පර තොරතුරු බවට පත්වී තිබෙනවා.” යසස් ධර්මදාස මහතා පැවසීය.

ICRC සහ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ පදනම් කරගත් අනෙකුත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ කොළඹ  කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාවක මියගිය සිවිල් සහ කොටි ත්‍රස්තවාදීන් යන දෙඅංශයටම අයත් සංඛ්‍යාව 7,721 ක් සහ 14,000කට වැඩි පිරිසක් තුවාල ලැබූවන්  ලෙස සටහන් කර ඇති බව ගෝලීය ද්‍රවිඩ සංවිධානය නොදැන සිටිය නොහැකි බවද  ධර්මදාස මහතා අවධාරාණය කළේය.ජිනීවා නුවර පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ( United Nations Human Rights Council -UNHRC), එක් එක් ගැටුම් සඳහා අනුගමනය කරන පදනම්ව තුළ ඇති දෙබිඩි පිළිවෙත නිසා එම කවුන්සිලයේ විශ්වසනීයත්වය ද ඉතා පහත් මට්ටමක පැවතුනද, ශ්‍රී ලංකාවේ පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදි යුද්ධයට අදාළ සියලු දත්ත එම කවුන්සිලය  ඉදිරියේ තබන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ප්‍රති-ප්‍රචාරක ප්‍රහාරයේ ඉදිරියෙන්ම සිටි නියමුවෙකු වන යසස් ධර්මදාස මහතා 2015 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වගවීමේ යෝජනාවකට සම අනුග්‍රහය දක්වමින් යුද්ධය දිනූ සන්නද්ධ හමුදාවන් පාවා දීම සම්බන්ධයෙන් සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කළ  වරද හෙළිදරව් කිරීමට මැදිහත්වූ අයෙකි. ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් ප්‍රවර්ධනය කරන ලද ඊනියා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (SLAP)  , යහපාලන රෙජීමයේ පාවාදීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවත්, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති යුරෝපීය, ඇමරිකානු සහ කැනේඩියානු පුරවැසියන් සංඛ්‍යාව සොයා ගන්නා ලෙස ජිනීවා වෙත අභියෝග කරමින් ධර්මදාස පැවසීය. "විදේශ පුරවැසිභාවය ලැබූවන් අතර අතුරුදන් වූවන් විශාල ප්‍රමාණයක් සිටිය හැකියි," යසස් ධර්මදාස නම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයා පැවසීය.

පැවැති යුද කලාපවල සමූහ මිනීවළවල් හමුවීම සම්බන්ධයෙන් සඳහන් කරමින් ධර්මදාස මහතා කියා සිටියේ යහපාලන පාලන සමයේදී මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා හමුදාවට සෘජුවම දොස් පැවරූ බවයි. නමුත් මන්නාරම සමූහ මිනීවලෙන් ලබාගත් මිනිස් ඇටසැකිලි සාම්පල හයක් ක්‍රිස්තු වර්ෂ 1499 ත් 1719 ත් අතර කාලයට අයත් බව ෆ්ලොරිඩාවේ බීටා ඇනලිටික් රේඩියෝ කාබන් කාල නිර්ණ රසායනාගාරයේ රේඩියෝ කාබන් කාල නිර්ණ වාර්තාවෙන් හෙළි වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ධර්මදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද දෙමළ කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් සිදුවූ මරණ පිළිබඳව ද ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් කළ යුතු බවයි. ආධිපත්‍යය සඳහා වූ සටන හේතුවෙන් දහස් ගණනක් මිය ගිය අතර එල්.ටී.ටී.ඊ.ය එහි නියෝජ්‍ය නායක මහත්තයා ඇතුළු තමන්ගේම සාමාජිකයන් බොහෝ දෙනෙකු ඝාතනය කළ බවද ධර්මදාස පැවසීය.

යුද්ධය සාර්ථකව අවසන් වී වසර 15ක් ගතවී ඇතත්, එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද සටන්කරුවන් සහ සිවිල් වැසියන් මෙන්ම අනෙකුත් දෙමළ කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද දෙමළ ජනයාගේ සංඛ්‍යාව තවමත් අපැහැදිලි තත්වයේ පවතින බවද ධර්මදාස මහතා පැවසීය.

දරුස්මාන් කණ්ඩායමේ සාමාජිකාවක් වන යස්මින් සූකා විසින් නිකුත් කරන ලද වාර්තාවකින් කොටි බුද්ධි අංශ සාමාජිකයන් ඇතුළු හිටපු කොටි සටන්කාමීන් පිරිසක් යුරෝපයේ සිටින බව පිළිගෙන ඇති බව සඳහන් කිරීම සුදුසු බවද ධර්මදාස මහතා පැවසීය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔවුන්ගේ පුරවැසියන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම විදේශීය රජයන් ප්‍රතික්ෂේප කරනතාක් අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ධර්මදාස මහතා අවධාරණය කළේය. එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් සටන් කර ප්‍රංශයට පලාගිය ඇන්ටනිදාසන් ජේසුදාසන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑ "ධීපන්" නම් චිත්‍රපටය 2015 වසරේ කෑන්ස් චිත්‍රපට සම්මාන උළෙලේ පාම් ඩි ඕර් සම්මානය දිනා ගැනීමත් සමඟ බවද  ධර්මදාස මහතා පෙන්වා දුන්නේය.

ඉන්දියාවේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් මෙන්ම අවදානම් සහිත පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමේදී මියගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ගේ සංඛ්‍යාවද අභිරහසක්ව පවතින බව ධර්මදාස මහතා සඳහන් කළේය." 1991 මැයි මාසයේදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ඝාතනයට ලක්වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ සිද්ධිය සැලකිල්ලට ගතහොත් ඔවුන් මරා වළලනු ලැබූ අතර ඔවුන් ද තවමත්  අතුරුදහන් වූවන් ලෙස වර්ගීකරණය කර තිබීමද සැලකිල්ලට ගත යුතුයි." ධර්මදාස මහතා පෙන්වා දුන්නේය හැකිය. 1988 අග භාගයේදී එවකට මාලදිවයින් ජනාධිපතිවූ මවුමූන් අබ්දුල් ගයුම් මහතා ප්ලොට් සංවිධානයේ ඝාතන උත්සාහයෙන් පසුව ඉන්දීය හමුදාව අතින් බොහෝ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන්ගේ මරණ සිදු වූ බවද ධර්මදාස පැවසීය.

ශ්‍රී ලංකාව ජිනීවාහි මානව හිමිකම් සමුළුවට මෙවැනි වාර්තා  සෘජුවම ඉදිරිපත් කළ යුතු අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම වැනි කරුණු කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින්  ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා තහවුරු නොකළ යුද අපරාධ චෝදනා ගසාකෑමට නැඹුරු ව  ප්‍රචාරය කරන ලද බොරුවලට එරෙහිව වත්මන් ආණ්ඩුව දැඩිව පෙනී සිටිය යුතු බව යසස් ධර්මදාස මහතා අවධාරණය කළේය.

https://island.lk/accountability-issues-gslf-urges-new-govt-to-counter-lies-set-the-record-straight/

රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සහ ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට සිදුකරන දැඩි බලපෑම විස්තර කරමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමින්ද්‍ර  ෆර්ඩිනැන්ඩෝ විසින් සිදුකළ හෙළිදරව්ව මෙයට සාක්ෂි වශයෙන් පහළින් දක්වා තිබේ.



සම්බන්ධිත පුවත් | Related News

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.
ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,
‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.
සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

ප්‍රධාන පුවත්

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.